මාස පහක පමණ වයසැති සුදු රිළවියක අම්පාර වනජීවි පශු වෛද්‍ය ඒකකයේ සිටි. අම්පාර නිවසක සිටියදි මෙම රිලා පැටවා සොයාගත් බව පශූවෛද්‍ය නිළධාරි නිහාල් පුෂ්ප කුමාර මහතා කියයි.
දැනට එම වෛද්‍ය එකකයේ ප‍්‍රතිකාර ලබන මුවන් තිදෙනා සමග වාසය කරන රිලවා මුවන්ගේ පිටෙහි නැඟ සෙල්ලම් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනේ සාදු සාදු කියනවා.(නදී)
මුව පොඋවෝ තුන්දෙනෙක් ඉන්නවා කියල ..අපේ සී කුමාර මහත්තය කීවට දමල තියෙන්නේ ..එකම මුවා තුන් පොලක ..?ඇයි..අනික් උන් දෙන්නට මොකද උනේ ...?උයාගෙන කෑවද..වාර්තා වල සදහන් වෙන නිසාද තුනක් කියල කීවේ ...? ඇයි තුන් දෙනෙක් හිටියනම් ..අපිට පෙන්නුවේ නැත්තේ ..(අ)
සාමය සතුට හිතවත්කම සිත් ගන්නා.. නැණවත් අපට වැඩියෙන් ගතිගුණ දන්නා.. ආලෝකවත් කරමින් ගණඳුර පන්නා.. පුන්සඳ වගෙයි අද අහසේ මේ දෙන්නා (නි)
ඒ උනාට බලධාරීන් මොකක් හරි හේතුවක් දාල තර්ක කරාවි මේ සතුන් වෙන් කරලා දාන්න. ගෙවල් වල හැදීම තහනම්, ආරක්ෂාවට තර්ජනයක්, නීති විරෝදී, කැලේට මුදාහරින්න ඕන . වගේ දේවල (අ)
එයා මට ආදරෙයි මං එයාට ආදරෙයි (අ)
රුපවති , අම්පාරේ වන ජීවී එක ගැන මම දන්නවා. ඔයාගේ අදහස හරිම අමානුෂික එකක්. (නි)
මමත් ඔය ලගක හිටියනම් අපේ හේරත් අයියව ඉස්සරහට පස්සට ,හැඩේට , තියල පොටෝ තුනක්, හතරක් අරගෙන දමනවා ෆේස්බුක් එකට. හැමෝටම කියනවා මෙන්න එක වගේ හේරලා තුන් දෙනෙක් ඉන්නවා කියලා.(නදී)
කුමන මිනිසුන් ළඟවත් ජාතිවාදය නැත. කුමාරි,තිබෙන එකම ජාතිය අපේ සිංහලුන් පමණි. (නි)
කුමාරි ,මෙතනත් තනිකරම ජාතිවාදය.ලෝකයේ හැම තැනම සිද්දවෙනවා වගේම මෙතනත් සුදු එකා අනිකාගේ කරේ නැගලා තමන්ගේ ගමන යනවා. (නි)
හරි ලස්සන් දසුනක් (නි)
සෙන්තිල් ජාතිවාදය ඇති එකම ජාතිය සිංහලයන් බව ඔබ පවසා ඇත. සිංහලයන් ළඟ ජාතිවාදය තිබුනා නම් ඔය සුළු ජාතින් කියන,සිංහලයාගේ අයිතිය දැනටත් උදුරාගෙන ඇති අය එක්කෙනෙක්වත් මෙහි නැත.(නදී)
සුගත් මල්ලි, අර අන්දරේ අහසේ තරු ගනන් කරපු විදියටමයි මමත් ගණන් කලේ. ඉතින් හරියටම ගාණ හරි. ඔතන ඉන්නේ එකම මුවායි. සැක හැර ගන්න ඕනෙම නම් අපේ සී කුමාර මහත්තයට කතා කරලා අහ ගන්න. ඒ මහත්තයයි අපිට පෙන්වන්න ඔය පොටෝ එක ගත්තේ ගිහින්. (නදී)
මගෙත් යාලුවෙක් හිටියා උපුල් කියලා. මෙයා ලඟත් සුදු රිලවෙක් හිටියා. දවසක් අටපට්ටමේත් පෙන්නුවා මාස දෙකක් විතර යනකොට සුදුපාට ඔක්කොම හේදිලා ගියා.(නදී)
චන්දි, කවි රසය කියන්නේ හදවතට සහ මොලයට කතා කරන මාධ්‍යයක්. ඔයාට යමක් කරන්න පුළුවන් බව මට දැනෙනවා .දැක්කට මේ කිරි කොකුන්..., බඩ පිරෙනවා කෙල වලින්...., ලොකු පොඩි බේදයක් මොටද ....උන් ඉන්නේ මර බියෙන් ...., කොකා මොකද තනි කකුලෙන් ....., ගෙම්බගේ වැඩ නැත හොරෙන් ...., චන්දි රූපා ඕව දන්නේ ..., සරා දිසා කවි ලියන්නේ... ඒක නෙමෙයි, හරි කැමතියි බන්දුල පෙරේරාගේ බයිලාවක් අහන්න (නි)
බලන්නත් ආසයි. (නි)
කව්ද කියන්නේ මෙතැන ඉන්නේ එකම මුවායි කියල මෙතැන මුවෝ 3 දෙනෙක් ඉන්නවා අපිට පේන්නේ නැති උනාට.(නදී)
රුපවති, ඔයාට හොදටම විශ්වාසද අම්පාරේ වනජීවී එක සත්තු මරනවා කියලා. එක පාරක් වෙඩි වැදුන අලි පැටියෙක් බේරගන්න එයාලා වූ මහන්සිය මමත් දැක්කා (නි)
දැන් එතකොට ඔතනට සිංහයෙක් ආවොත් මොනවා වෙයිද? (නි)
සත්ත්ව ලෝකයේ වර්ණ බේද නැත (නි)
වනජීවී මහත්වරුන්ට මෙන්න තවත් ඔත්තුවක්. හැබැයි සුදු වඳුරෙක් ගැන. දොම්පේ ගලකොන හන්දියෙන් හැරිලා හැතැප්ම එක හමාරක් විතර යනකොට රබර් වතු ටිකක් අහුවෙනවා ටිකක් කැලෑබද පරිසරයක්. ඔය හරියේ ඉන්නවා සුදු වඳුරෙක්.(නදී)
මට පෙනෙන්නේ රිලවා වල් රිලවෙක් වගේ.(නදී)
රූපා ගොඩ බැස ගිය ඉසව්වේ මුවයි රිලවයි තුරුල් කළාලු දිසා ඒ වෙලාවේ මාවත් තුරුලට ගනින් කී ඒ වෙලාවේ චන්දිත් ගොඩ වුනාළු ඒ වෙලාවේ.(නදී)
ජාති, කුල, වර්ග භේද...... විකාර දේවල් නොවේද?සිතන්නට අවබෝධ කර ගන්නට බොහෝ දෑ කියා පායි. ආදර්ශමත් දර්ශනයක්. (නි)
මුවා නීරෝගී බව බැලූ බැල්මට පෙනේ. සෙසු දෙදෙනාද එසේ වියහැක. ප්‍රතිකාර අවසන් වූ වහා සතුන් හතර දෙනාම දෙහිවල සත්තු වත්තට යැවීම මැනවි. (නි)
අනේ ශානි නංගි,වැඩිය සද්ද කරන්නෙ නැතුව හිමීට කියන්න මගේ කනට කරලා, පාටි වලට මැති ඇමැතිලගේ කැබ්ස් වලින් පහුගිය කාලේ දෙක තුන මරාගෙන ගියා මුවෝ.එතකොට ඔය කට්ටිය නිවාඩු ගිහින්ලු හිටියේ නේද...? (නි)
හරිම සුන්දරයි (නි)
මේ සත්තු, මේවා මේ දේශපාලුවන්ට පෙනෙන්නේ නැත්තේ ඇයි (නි)
නිමල් ලලිතා , අනේ මගේ කට. 1983 අපි දැක්කා තමුන්නාන්සේලා කළ හදිය. (නි)
රුපවති, ඔයා කතා කරන්නේ වෙන ලෝකෙක අප්‍රිකාවක් ගැනද? මොකද සත්තු දඩයම් කරන සෆාරි තියෙනවා ඔය රටවල් වල. ඔයා ටිකක් සෝදිසි කාර බලන්න.(නදී)
කෝ මේකට කව්රුවත් කවි සිතුවිල්ලක් දාලා නැහැනේ. ඔන්න දිසෝ කවියක් ගොතන්න හොද දර්ශනයක්. ආදරය ,සෙනෙහස,බැදීම, එකමුතුකම එක්කරලා ලස්සන එකක් ලියන්නකෝ. (නි)
රූපවති, එකම මුවා කියන්නේ කොහොමද? මුවාගේ තිත් ගැනලද? හැම දේකම වැරදි දකින්න එපා. (නි)
හරිම ලස්සන දර්ශනයක්. සත්තු අපිට කොතරම් දේවල් කියලා දෙනවද. (නි)
ඇත්තටම ලස්සනයි. ජාතිවාදයක් ගැන කතාකරන සැමටයි මේ. මේ රිලවා මුවන්ව සපා කෑමට පටන්ගත්තොත් මුවන් මේ විදිහට රිලවාව පිටේ තියාගෙන සිටිවිද? මෙහි පාලකයන් රිලවාව මෙතන තියාවිද? (නි)
සුන්දරයි, අහිංසකයි. බලන්න මේ අය ළග ජාතිවාද නැති හැටි මිනිසුන්ගේ වගේ (නි)
හරි හරි ශානි නංගි ඔයා දිනුම් ..! ඒත් මම නම් මගේ දෑසින් දකින තුරු විශ්වාස නොකරමි. අපේ රටේ ඉන්න වන සතුන්ගේ ජීවිත රැකගන්න නම් උන්ම දුවගෙන එන්න ඕනෑ අපේ වනජීවී මහත්තුරුන්ව හොයාගෙන.ඒත් ඔයා දැකලා තියනවද අප්‍රිකාවේ වනජීවී නිලධාරීන් ඇතුළු සේවකයෝ වන සතුන්ගේ ආරක්ෂාවට උන්ගේ ජීවිත රැකීමට දිවා රෑ වෙහෙසෙනවා.කාටවත් බැහැ ඒ රටේ සතෙක්ව මරාගෙන කැලෙන් පනින්න (නි)
අපිත් සත්ත්ව ලෝකයේ සිට පැමිණ තිබුණත් එම සතුන්ගේ ඇති උසස් ගතිගුණ මොන ක්‍රමයකින් හෝ අපිට පිහිටා නැත (නි)
ආරුමුගම් දැනගන්න මේකත්.ඔහෙලාට දෙන්න පුළුවන් හැම දෙයක්ම දීලා ඉවරයි.දැන් දෙන්න තියෙන්නේ ඊළම විතරයි. ඒක දීපු දවසට අපි අතර අදත් ජිවත් වෙන අහිංසක දෙමළ අයටත් ඊළමට යන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා.තව එකක් දැනගන්න අපි ළග වැඩකරපු සමහ දෙමළ අයත් දෙමළ සල්ලිකාරයන්ගේ දේපොළ මංකොල්ල කෑවා. (නි)
සුදු කළු ,ජාති බේද ආගම් වාද තියෙන්නේ මිනිසුන් අතරේ පමණි. මේ සුන්දර දසුනෙන් අප ලබාගත යුතු ආදර්ශය කුමක්ද ? හිතන්න මිතුරනි (නි)
අනේ හරිම ලස්සන., අහිංසක ., සුන්දර දර්ශනයක් මනුස්සයින් ලගවත් නැති එකමුතුකමක් තියෙන්නේ (දී)
සත්තු ඔහොම තමයි. මෙයා ඇළි රිලවියක්. (නි)
අර කව්රුත් කියන්නේ නැද්ද මෙයාල දෙන්නා ගිය ආත්මේ පෙම්වතුන් කියල.........(දී)
අනිත් මුවන් ගැන හොයලා රුපවති කලබලයෙන්. සුදු හුණු ගා ශානි නංගි මුවා සමග හරි ජොලියෙන්. එකා මුවෙක්ලු හේරත් අයිය අනිත් මුවා රියාල් වෙනවා ..වදුරු ජාතකේ පිළිබද විරිදු සුරල් පද නෙලනවා .(නදී)
සුදු කළු හා ජාති බේද වන සතුන්ට නැහැ දැනෙන්නේ... පිටිබැද්දර රාජ කොලුවා වදුරු ඔත්තුවක් කියන්නේ ... සුදු එකලා එදා ඉදන් කළු එකාගේ පිටේ යන්නේ .... සුදු කළු හැම සමගිය ගැන ජයසුරිය වැකි ලියන්නේ..... (නි)
සුන්දරයි, අහිංසකයි. බලන්න මේ අය ළග ජාතිවාද නැති හැටි මිනිසුන්ගේ වගේ නෙමේ (අ)
මේ රටේ කලබල කරන හැමෝටම මෙවැනි හිතක් පහළවේවා කියා ප්‍රර්ථනා කරමු සාදු සාදු සාදු (අ)............................................
රූපවති නංගී, මෙතන එක මුවෙකුයි, මුව දෙනකුයි, තව තරුණ මුවෙකුයි ඉන්නවා කියලා පෙනෙන්නේ නැද්ද? (ස)
ඇතැම් මිනිසුන්ට වඩා අද සතුන්ට හොද ගතිගුණ තිබෙනවා. වාද බේද නැතුව සමගියෙන් ජීවත් වෙන්න වුවමනාය කියලා හිතන්න අද දේශපාලනය කරන පුද්ගලයන්ට මේවා හොඳ ආදර්ශමත් පාඩම් (නි)
කුමාරි සහ චතූ දෙන්නම එක්කෙනෙක්ද? නසාර් ඔයා බෞද්ධයෙක්ද? මම ඇහුවේ මොකක්ද? තේරෙනවා නම් එච්චරයි අපි ගොඩ.(නදී)
මේ මිතු දහම ඇතිවෙලා තිබෙන්නේ, තනි කම නිසා.වනයේ උපන් සත්තු, එකිනෙකා සමගයි.(නදී)
අපේ කට්ටියත් දැන් ඉතින් ගොනා ගැන ලියන්න තියෙන කොට මැක්කෝ ගැනම තමා ලියන්න උත්සහ කරන්නේ කොමෙන්ටු දාන්නෙම මොනාදෝ හිතේ තියාගෙන අප්පා.(නදී)
ඉතා කදිම ඡායාරූපයක් (නි)
දැක්කම මේ වගේ දසුන්... හිත පිරෙනවා හරි තුටින් .., කළු සුදු බේදයක් මොටද,,? උන් ඉන්නේ සන්තොසින් .., අරගෙන මේ දර්ශනේ .., පාඩමකට ගනු මැනේ .., මිනිසත් බව ලැබ ගත්තත් , සමගිය නම් නැහැ අනේ .., ඇමතිලා සහ මන්තිරි .., ගහ බැන ගන්නවා නිති .., ඒ අයහට මේ දෙන්නා පාඩම් කියලා දෙති .., අපි සැම දෙන එක්වෙලා.., ඉදිමුකෝ සමගිය බෙදා .., රටට ජාතියට සරණක් වෙමු අපි සැම රොක් වෙලා.....(මෙය රස විදි ඔබට ස්තුතියි) (නි)