සෞදි අරාබියේදී ගල් ගසා මරාදැමීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව බේරාගැනීමට හැකි වූයේ රජය නිවැරදි නීති ක‍්‍රියාමාර්ග අනුගමනය කළ නිසා බවත් රිසානා නෆීක් තරුණියට මරණ දඬුවම නියම වූ කාලයේ වත්මන් රජය බලයේ සිටියේ නම් ඇයව ද බේරාගැනීමට තිබූ බවත් සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.
පසුගිය රජයේ නියෝජිතයින් රිසානා ගැන සොයාබැලීමට බව පවසමින් සෞදි අරාබියේ සාප්පු සවාරි ගියා මිස අන් කිසිවක් නොකළ බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙවැනි අවස්ථාවක සහය ලබා ගත හැකි ආකාරයේ විදේශ සබදතා පසුගිය රජයට නොතිබීම රිසානා නෆීක්ට මරණ දඬුවම හිමි වූ බවද කීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාදිවෙල මන්ත‍්‍රී නිවාස සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මාධ්‍ය හමුව අතරවාරයේ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මිත් තාසිම් මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමටද රාමනායක මහතා කටයුතු කළේය.
තානාපතිවරයා දුරකතනයෙන් පැවසුවේ වත්මන් රජය හා තානාපති කාර්යාලය නිවැරදි ක‍්‍රියා පටිපාටිය අනුව කටයුතු කළ නිසා ගෘහ සේවිකාව මරණ දඬුවමෙන් මුදා ගැනීමට හැකි වූ බවයි.
සෞදි අරාබියේ රැකියා සඳහා යන ලාංකීය ජනතාවට එරට නීතිය පිළිබද නිසි අවබෝධයක් නොතිබීම ඔවුන් මෙවැනි දඩුවම් ලැබීමට හේතුවී ඇතැයි ද රාමනායක මහතා කීවේය.
ඡායාරූප හා වීඩියෝ ඉෂංක සුනිමල්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු වල ප්‍රශ්නයක් නොවේ මෙතන තිබෙන්නේ . රටේ තිබෙන ක්‍රම වේදය නොසළකා කටයුතු කිරීමට පුද්ගලයන් පෙළම්බී තිබීමයි. නැතිනම් කොහොමද රිසානාව වයස වැඩි කර යැව්වේ. එම පුද්ගලයන් ක්‍රමවේදයට පයින් ගසා වැඩ කරන්නේ ඔවුන් දන්නවා කුමණ ප්‍රශ්නයක් ආවත් දේශපාලන බලය හා මුදල් විසි කර බේරෙන්න පුළුවන් බව. මම නම් විශ්වාශ කරන්නේ නැහැ අපේ රටේ ජනිත වී ඇති අලුගුත්තේරු දේශපාලනය තිබෙන තුරු පුද්ගලයන් නිසි ක්‍රමවේදය අනුව වැඩ කරයි කියා. (අ)
අචිරා.එකනේ ඔයාල මහින්ද මහත්තය පරද්දල මෙයාල පත් කර ගත්තේ.දැන් කිසිම කාන්තාවකට ගල්ගහන්නේ නැහැ මෙයාල බලයේ ඉන්නකල්.(අ)
රොෂාන් කොහොමද එහෙම කියන්නේ.කාරණා දෙකටම නියම වූ දඩුවම මරණ දඩුවමයි. ඒ එකම දඩුවමයි.මරණ දඩුවමක් නැවැත්තුවා කියන්නේ ඒක සුවිශේෂියි. (අ)
මතිෂ චාමර ඔයා තමයි හරිදේ කියා තිබෙන්නේ.., අපි නම් පහුගිය ආණ්ඩුවට ස්තුති කරනවා අපේ තිබුණු අසාදාරන මිනීමැරීම්(කොටි බෝම්බ ගසා මිනි මරපු විදිය )නැති කර දුන්නට. මොනවා උනත් ඒවා අමතක කරන්න බැහැ (කෞ)
මොනවා වුණත් මේ රටවලට ලංකාවේ ගැහැණුන් යවන්න එපා! (නි)
මෙයට කැප වූ සියලුම දෙනාට සුබපැතුම්.! (ර)
හැම දෙයකටම කලින් හිටපු රජය ගැන කියලා දේශපාලන වාසි ගන්න දඟලන්න එපා. එය ඉතා හිරිකිත වැඩක්. අනික මොන දේ කිව්වත් අර්ථසාධක මුදල් කොල්ල කන රජයකට සමාවක් ලැබෙන්නේ නැහැ. (කෞ)
රිසානාගේ ප්‍රස්නේ මේකට සම්බන්ධ කරන්නේ කොහොමද. මේක අනියම් සම්බන්දයක් ලංකාවේම දෙන්නෙක් අතර, රිසානාගේ ප්‍රස්නේ මීට හාත්පසින්ම වෙනස් දෙයක්, (ර)
එදා ඒක මරණයක් මේක දුෂණය කීරීමක් එක තේරුම් ගන්න. (ර)
ඇමතිතුමා යහපත් චේතනාවෙන් මේ වැඩේ කරත්, මේක සංදර්ශනයක් කියනේකයි මගේ හැංගීම. මේ සිනමාවක් නෙමෙයි කැමරා ටික අටවාගෙන සම්මුක සාකච්චා කරන්න. ඔහු තාම ලාමකයි. (අ)
රිෂනගේ ප්‍රස්නේ මේකට සම්බන්දෙ වෙන්නේ ඇයගේ වයස වෙනස් කර යැවීම ගැන නිසි පියවර නොගැනීම ,ඇය වෙනුවෙන් නීති සහාය නොගැනීම , අන්තර් ජාතික සහාය නොගැනීම. (ර)
බොරු ඕන නෑ... මෙයා හැමදාම රගපානව.... ඇත්ත ජීවිතෙත් චිත්‍රපටියක් මෙයට... අන්න හිරුනික නංගි මධාවි පාර්ට් දාල... පුළුවන් නම් කතා කරමු බලන්න එක ගැන.... මහා ලොකු වන් ෂොට් (අ)
කලින් නම් මෙතුමා කිව්වේ සෞදි යවන්නම එපා කියල (අ)
රටේ නම තියලා එන්නේ, පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරමු කටුනායක . (ර)
ප්‍රශ්න දෙකේ වෙනස වත් තේරෙන්නේ නැහැ. (ර)
ගල් ගසා මැරීමට නියමිතව සිටි කාන්තාවගේ දඩුවම ලිහිල් කිරීම මෙම රජයේත් විදේශ කටයුතු අමාත්‍යංශයෙත් ජයග්‍රහනයකි. එය පැසසිය යුතුයි. නමත් මෙය රිසානාගේ සිද්ධියත් සමඟ සසඳා දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීම මෝඩ වැඩකි. මෙම සිද්ධිය අනියම් සම්බන්ධයක් නිසා ලැබුනු දඩුවමක් වන අතර රිසානාගෙ සිද්ධිය මිනී මැරැමක්. මිනී මැරුමකදි සමාව දෙන්න සවුදි රජයට බැහැ. ඒකෙදි සමාව දිය හැක්කේ මැරැනු කෙනාගෙ ලේ නැයෙක් විතරයි. ඉතින් ඒ මැරැනු ලමයගෙ අම්මා කැමති වුනේ නැහැ සමාව දෙන්න.ඒක පහුගිය රජයේ දුර්වලතාවයක් වත් මේ රජයේ විශේෂ හැකියාවක්වත් නොවේ. (ර)
අනේ මන්දා. (ර)
රිසානාගේ කාලෙත් ඕකම ආණ්ඩුවෙන් කරා ඉල්ලිම් කරා ගොඩක් ඉල්ලිම් කරා. සෞදි රජය කිව්වේ මැරිච්ච ලමයගෙ පවුලෙන් ඉල්ලන්න ඒකත් කරා ඒත් මැරුන ලමයගේ අයිති අය ඉල්ලුවෙම ලේ වන්දිය විතරමයි, මරණෙට මරණය. (ර)
ප්‍රශ්න දෙකක වෙනස තේරුම් ගන්න බැරි අය සමන්, අපිටම ලැච්ජයි මේවා කියවනකොට. (ර)
ලංකාවේ ඉන්න සමහර කට්ටිය හිතන්නේ ෂරිය නීතිය හොඳයි කියලනේ. එයාලට සෞදියට ගිහිල්ලා ඒකේ අගය දැනගෙන එන එක හොඳයි. එතකොට තේරෙයි ලංකාවේ අගය. (නි)
අනුන්ගේ විපතේදී තමන්ට වාසිගන්න හදන්න එපා. (නි)
මෙම ගෘහ සේවිකාව මරණ දඬුවමින් බේරා ගෙනීම ගැන අපි මෙම නව රජයට බොහෝ ස්තුතිවන්ත වනවා , එහෙත් එය මුවාවෙන් රන්ජන් රාමනායක පවත්වන සංදර්ශන හෙලා දකිනවා , (අ)
ඒ කාලේ තිබුන ආණ්ඩුව ඇය නිදහස් කරගන්න ප්‍රමාණවත් උත්සාහයක් ගත්තේ නැති බවයි අපි නම් දන්නේ. ඇමතිතුමාත් මොනවද ඇය වෙනුවෙන් කළේ? (නි)
සමහර අයට හොඳට ෂරියා දන්නවා. (ස)
සැමට තුති කුසුම්........මින් ඉදිරියට මෙවන් දේ සිදු නොවීමට බලධාරින් කටයුතු කල යුතුය. (ස)
එක් කෙනෙක් බේරලා කියවන තරම! අද පත්තරේක බැලුවොත් මිනීමරලා ගඟවල් වල, පාරවල් ගානෙ. පාතාලේ ක්‍රියාත්මකයි. ඒත් කතාව පරණ ආණ්ඩුව ගැනමයි. (නි)
කියන දේ තවටිකක් සිතාබලා කිවුවා නම් නේද හොඳ? (නි)
අම්මෝ, මෙයාට සෑහෙන දුරකථන ඇමතුම් එනවනේ! (නි)
මිනිසාගේ ස්වභාවික හැඟීම් වලට මෙසේ තහංචි ඇයි? (නි)
ඕනෑම දඬුවමක් ඕනෑම අවස්ථාවක වෙනස් කළහැකිය. එයට අවශ්‍ය වන්නේ ඒ සඳහා වන කැපවීමයි. (නි)
මොනවද කරන්නේ, මොනවද කියන්නේ කියලා දන්නේ නැතුව කියනවා කියලයි මට නම් හිතෙන්නේ (නි)
ඒ වැරදි දෙක සමාන කරන්න බැහැ (නි)
මොනවා දුන්නත් මොළය දෙන්න බැහැ. ඒක උපතින් ගෙනෙන දෙයක්නේ. මේ රජය තිබුණා නම් ප්‍රභාකරන්ගේ උතුරේ ඊළාම් දේශයේ දේශසීමා සඳහා කිසිකලෙකත් නිමනොවන ලේ වැගිරීම් හා ජීවිත විනාශයන් තවමත් පවතින බව පිළිගන්න සමහරු කැමති නැහැ (නි)
මොනවද මහත්තයෝ මේ කතා? (නි)
රන්ජන් මහත්තයෝ, ජයග්‍රහණය ප්‍රශංසනීයයි. අපි කවුරුත් ඒ ගැන සතුටු වෙනවා. නමුත් මිනීමැරුමක් හා අනාචාරයේ හැසිරීමක් අතර පරතරය තේරුම් නොගන්නේද? එය එසේ නම් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? (නි)
රොෂාන්, කොහෙද එහෙම දෙයක් වුණේ? (නි)
මේ නිදහස් කිරීමට එකම හේතුව රජයේ උත්සාහය විතරක් නෙමෙයි.ලොව පුරා මෙම නීති වලට නැඟෙන විරෝධයත් මේකට මූලික හේතුවක්. මේක සමබර නැති හේතු දැක්වීමක්. (නි)
මතිෂ චාමර, ඔයාගේ කතාව හරියටම හරි. මේ වැරදි දෙක එක විදිහට සමාන කරන්න බැහැ. (නි)
තරඟයකදී ජයග්‍රහණය ගැන සතුටුවන්න. පරාජිතයාගේ අඩුපාඩු හොයන්න යන්න එපා. එය ජයග්‍රහණය පළුදු කරගැනීමක්. (නි)
රඟපාන එකත්, කතාකරන එකත් දෙකක්. ඔක්කොම කුණු කන්දල් බේරුවල බොක්කට දාන්න එපා. කාටවත් දොස් කියලා වැඩක් නැහැ (නි)
කරපු වැඩේට ස්තුති ! හැබැයි එක දෙයක් කරලා ඒකෙන් ලකුණු දාගන්නව වෙනුවට කරන්න බැරිවුන දේවලුත් පසුගිය දේවලුත් කියකිය ලකුණු ගන්න හදන්න එපා. (කෞ)
ගල් ගසා මැරීමට නියමිතව සිටි කාන්තාවගේ දඩුවම ලිහිල් කිරීම මෙම රජයේත් විදේශ කටයුතු අමාත්‍යංශයෙත් ජයග්‍රහනයකි. එය පැසසිය යුතුයි. (කෞ)
කිසිම මොලයක් නැහැ. ඇමතිකම ළමයකුට දුන්නනම් හොඳයි. (ස)
මහින්දගේ ආණ්ඩුව සිටිය නම් මෙම කාන්තාවත් ගල් ගහල මැරෙන්න ඉඩ තිබුණ. (ස)