සෞදි අරාබියේ දැනට කි‍්‍රයාත්මක වන අනවසර විදේශිකයින් සඳහා වූ පොදු සමා කාලය නොවැම්බර් 3 වැනි දිනෙන් අවසන් වන බව රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය බලධාරින් පවසයි.
සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සියළුම තානාපති කාර්යාල වෙත යවන ලද චක‍්‍ර ලේඛනයක් මගින් පවසා ඇත්තේ 2013 අපේ‍්‍රල් මස 6 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි කි‍්‍රයාත්මක පොදු සමා කාලය දෙවැනි වරටත් දීර්ඝ කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 3 වැනි දින දක්වා දීර්ඝ කර ඇති අතර ඉන් ඉදිරියට දිර්ඝ කිරීමක් සිදු නොවන බැවින් තවදුරටත් නීති විරෝධීව සෞදි අරාබියේ රැදී සිටින සියළුම විදේශිකයින් තම ලියකියවිලි නිත්‍යානුකූල කරගැනීම හෝ මෙරටින් පිටවිය යුතු බවයි.
කෙසේ වුවද මේ වන විටත් අනවසර විදේශිකයන්ගෙන් ඉතා බහුතරයක් මෙරටින් පිටවී ගොස් හෝ ලියකියවිලි නිත්‍යානුකූල කර ගනිමින් සිටින බව වාර්තා වන අතර බංගලාදේශ ජාතිකයන් පමණක් ලක්‍ෂ 4ක පමණ පිරිසක් තවමත් මෙරටින් පිටවීම සඳහා ලිපි ලේඛන සම්පුර්ණ කර ගැනීමට නොහැකිව සිටින බවද සෞදි පුවත්පත් සඳහන් කරයි. මේ අතර බංගලිදේශ තානාපති කාර්යාලය බලධාරීන් විසින් තම රටේ පුරවැසි යන් වෙනුවෙන් තවත් කාලයක් පොදු සමා කාලය දීර්ඝ කරදෙන මෙන් සෞදි රජයෙන් ඉල්ලීමක් කර ඇති මුත් මෙතෙක් ඒ පිළිබඳව සෞදි රජය විසින් පැහැදිලි ප‍්‍රතිචාරයක් දක්වා නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සමා කාලය නැවතත් දික් කරනවා නම් තම ලිය කියවිලි සම්පුර්ණ නැති අපේ ලාංකිකයන්ටද ලොකු සහනයක් ලැබෙනවා ඇත. (ස)
මම දන්නා විදිහට නොගියොත් ලොකු අමාරුවක් තමා. (ස)
සෞදියේදී ලාංකිකයන්ට හොද තැනක් තිබෙනවා. එය රැකගත යුතුයි (නි)
අපේ එම්බසි එකේ අය අපිව පන්නනවා, ඇතුළට ගන්නෙත් නැහැ. අනේ අපේ මිනිස්සු පවු. (නි)
සහන කාලය තවදුරටත් දීර්ඝ කළ යුතු වෙනවා.ලංකාවටද මේ දීර්ඝ කිරීම බලපානවා. (ස)