IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සෞදි පොදු සමා කාලය ඉක්මනින් ගෙවෙයි

සෞදි අරාබියේ දැනට කි‍්‍රයාත්මක වන අනවසර විදේශිකයින් සඳහා වූ පොදු සමා කාලය නොවැම්බර් 3 වැනි දිනෙන් අවසන් වන බව රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය බලධාරින් පවසයි.

සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සියළුම තානාපති කාර්යාල වෙත යවන ලද චක‍්‍ර ලේඛනයක් මගින් පවසා ඇත්තේ 2013 අපේ‍්‍රල් මස 6 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි කි‍්‍රයාත්මක පොදු සමා කාලය දෙවැනි වරටත් දීර්ඝ කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 3  වැනි දින දක්වා දීර්ඝ කර ඇති අතර  ඉන් ඉදිරියට දිර්ඝ කිරීමක් සිදු නොවන බැවින් තවදුරටත් නීති විරෝධීව සෞදි අරාබියේ  රැදී සිටින සියළුම විදේශිකයින් තම ලියකියවිලි නිත්‍යානුකූල කරගැනීම හෝ මෙරටින් පිටවිය යුතු බවයි.

කෙසේ වුවද මේ වන විටත් අනවසර විදේශිකයන්ගෙන් ඉතා බහුතරයක් මෙරටින් පිටවී ගොස්  හෝ ලියකියවිලි නිත්‍යානුකූල කර ගනිමින් සිටින බව වාර්තා වන අතර බංගලාදේශ ජාතිකයන් පමණක් ලක්‍ෂ 4ක පමණ පිරිසක් තවමත් මෙරටින් පිටවීම සඳහා ලිපි ලේඛන සම්පුර්ණ කර ගැනීමට නොහැකිව සිටින බවද සෞදි පුවත්පත් සඳහන් කරයි. මේ අතර බංගලිදේශ තානාපති කාර්යාලය බලධාරීන් විසින් තම රටේ පුරවැසි යන් වෙනුවෙන් තවත් කාලයක් පොදු සමා කාලය දීර්ඝ කරදෙන මෙන් සෞදි රජයෙන් ඉල්ලීමක් කර ඇති මුත් මෙතෙක් ඒ පිළිබඳව සෞදි රජය විසින් පැහැදිලි ප‍්‍රතිචාරයක් දක්වා නැත.



අදහස් (0)

සෞදි පොදු සමා කාලය ඉක්මනින් ගෙවෙයි

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 22 October 2013 02:41 PM

මෙම සමා කාලය නැවතත් දික් කරනවා නම් තම ලිය කියවිලි සම්පුර්ණ නැති අපේ ලාංකිකයන්ටද ලොකු සහනයක් ලැබෙනවා ඇත. (ස)

:       0       0

සිසිර - රියාද් Tuesday, 22 October 2013 04:08 PM

මම දන්නා විදිහට නොගියොත් ලොකු අමාරුවක් තමා. (ස)

:       0       0

ජෝන් Tuesday, 22 October 2013 05:14 PM

සෞදියේදී ලාංකිකයන්ට හොද තැනක් තිබෙනවා. එය රැකගත යුතුයි (නි)

:       0       0

අතුල Wednesday, 23 October 2013 01:50 AM

අපේ එම්බසි එකේ අය අපිව පන්නනවා, ඇතුළට ගන්නෙත් නැහැ. අනේ අපේ මිනිස්සු පවු. (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 22 October 2013 02:06 PM

සහන කාලය තවදුරටත් දීර්ඝ කළ යුතු වෙනවා.ලංකාවටද මේ දීර්ඝ කිරීම බලපානවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site