දෙහිවල සත්වෝද්‍යානයේ ඇලි නැයිනියක දැමූ බිත්තරවලින් පැටවුන් 11 දෙනෙක් ලැබිණි. ඒ එකොළොස් දෙනාම සුදුපාටය.
ඇල්බිනෝ වර්ගයේ මේ උරගයින් සඳහා විශාල විදෙස් ඉල්ලුමක් ඇතැයි සත්ව උද්‍යාන බලධරයෝ කියති.
දෙහිවල සත්වෝද්‍යානයේ ඇලි නැයිනියක දැමූ බිත්තරවලින් පැටවුන් 11 දෙනෙක් ලැබිණි. ඒ එකොළොස් දෙනාම සුදුපාටය.
ඇල්බිනෝ වර්ගයේ මේ උරගයින් සඳහා විශාල විදෙස් ඉල්ලුමක් ඇතැයි සත්ව උද්‍යාන බලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර නයි නලගනගේ නයි පැටව්ද අනේ කියන්නකෝ...(නදී)
මේ පැටව ටිකෙන් රටට ඉහලම අදායමක් ලැබෙන විදිහට කටයුතු සකස්කරන්න ඕනේ. සංචාරක ව්‍යාපාරයට හෝ එසේත් නැති නම් පිට රටවලට අලෙවි කිරීම වගේ. මේ පුංචි පුංචි දේවලුත් රටේ ආර්ථිකයට බලපානවා. රටේ ආර්ථිකය ශක්තිමත් උනොත් තමා බඩු මිල අඩු වෙන්නේ.(නදී)
සම්පත් කොහේද මේකේ ප්ලාස්ටික් භාජනයක් තියෙන්නේ (අ)
නැනා කියලා කිව්වා නම් හොද නැද්ද? (නදී)
දැන් මේ පින්තුර දැකපු අය අද රෑ හීනෙන් සුදු නයි දකිනවා. හෙට උදේට තියෙයි හොඳ හොඳ අර්ථ නිරුපන. වාසනාවන්ත දරුපැටියෙක් ලැබෙන්නයි යන්නේ, ලොතරැයි දිනුමක් ලැබෙන්නයි යන්නේ , මැරිච්ච තාත්ත දැක්කනේ ඊයේ රෑ ආදී වශයෙන්. (නදී)
අයියෝ හෙළ භාෂාව. "නැයිනියක" නොවේ "හැපින්න".(නදී)
ස්ටික්, ඔයාටයි වැරදුණේ. එයාලා හරියට කියලා තියෙනවා. හැපින්න කියන්නේ සර්පයාගේ ගෑනු සතා මිසක් නයාගේ ගෑනු සතා නොවෙයි. (නි)
අනේ ඔය සුදු පැටවුන්ගේ වටිනාකම හෙළි කරන්න නම් එපා. නිධන් උස්සන කාලයේ කිරි වරන්නත් කලින් පැටව් ටික උස්සයි. තවම දත් ඇවිත් නැති නිසා දෂ්ඨ කරන එකකුත් නැහැනේ! (නි)
නයාගේ ගැහණු සතා - නැයිනි, නාගධේනුව, සැපින්න, දුව - දියණිය, දෝණිය, දුහිතෘ.(නදී)
නයනි කිව්වා නම් හොද නැද්ද? (නි)
මේ දවස් ටික නයි හමිනේලට සුබයි වගේ නේද? (නි)
අනිත් අදහස් වල හැටියට මා මුලින් කියූ හැපින්න වැරදි වෙන්න ඇති. සමාවෙන්න. (නි)
සත්‍යපාල සහතික ඇත්ත. නීල් රනා නම් ලොකු හීන මානෙකින් පෙලෙන බව පේනවා. කට ඇරියොත් කාට හරි අපහාස කරනවා. ඊයේ නොදන්නා ඉතිහාසයක් ගැන පිස්සු කියෝලා තිබුනා. ප්‍රතිචාර මහා විකාර. රනා මහත්තයෝ අදහස් දාන්න කලින් ටිකක් හිත පිරිසිදු කර ගන්න. ලංකාදීපේ බලන්නේ උගත් පිරිසක් බව කලපනාවට ගන්න. (නදී)
අපිත් අහලා තියෙන්නේ නම් සර්පයාගේ ගැහැණු සතා සර්ප ධේනුව , නයාගේ ගැහැණු සතා හැපින්න කියලයි. මොක වුනත් මහත්වරුනි, සිංහලය ජීව භාෂාවක් නිසා "වැරදි" වචන වුනත් භාවිතයෙන් "හරි" බවට පත්වෙනවා. නලාව කියන්නේ පිඹල ශබ්දය පිටකරන එකක්. නමුත් ශබ්දය අහන්න තියෙන දොස්තරගේ ස්ටෙතස්කොප් එකට අපි නලාව කියනවා. ගල් අඟුරු කෝච්චියේ දුම් තිබුනට විදුලියේ දුම නැහැ. ඒත් අපි කියන්නේ විදුලි 'දුම්රිය' කියලා. අනේ අපි ඔය හැපින්නට ඉන්න දෙමු.(නදී)
අපි මේ පැටියෙක් නයි නළගනට දෙමුද? (නි)
නයාගේ නෝනා නයි හාමි මෙයාලා! නයි හාමිට කේන්ති ගියාම තමා හැපින්න වෙන්නේ (නි)
සතුන් වත්තට සර්පයින්ගෙන් හොඳ ආදායමක් ලැබෙයි වගේ. බලාගෙන ඔය සුදු නයි පැටව් ටිකයි, ඇනකොන්ඩා පැටව් ටිකයි හොරෙන් බඩ ගාගෙන යයි කාටත් හොරෙන්.(නි)
නයි තමයි අපිට දැන් අඩු නයි කයිද රෝස් පාන් කිවුවලු (නි)
5 ශිෂ්‍යත්වය කළා නම් දන්නවා සර්පයාගේ ගැහැණු සතා සැපින්න, නයාගේ ගැහැණු සතා නැයිනි කියලා. මේ ප්‍රවෘත්තියේ වරදක් නැහැ (නි)
නීල් රණා, එහෙනම් ඔය භාවිතා වෙන ඒවත් එක්ක ඉන්න. භාෂාවක් විතරක් නොවේ, ඕනෑම දෙයකට අලුත් දේවල් එකතු වෙනවා, ඉස්සර භාවිතා කරපු වචන නෙමෙයි දැන් භාවිතා කරන්නේ. ඔයාගේ අදහස් වලින්ම පේනවා ඔයාගේ මානසික තත්වේ. කවදාවත් කිසිම දෙයක හොඳක් ලියල තියෙනවා මම දැකලා නැහැ. (නි)
සමාවෙයන් නයි හාමී පෙනේ දියන් නයි හාමී. දරමිටි බදිනා කබාය කියාවී,දරනුව හදලා වලදා තියාවී. පෙනේ නැතිව අපි අසරණ වෙවී. කැබලිති අරගෙන ගැරඩි නටාවී. (දැන් ඔය හැමතැනම නටන්නේ ) පෙනේ නැතිව අපි අසරණ වෙවී (ගුනදාස කපුගේ මහතාගේ ගීතයකි ).(නදී)
නයෝමි කියන්න බැරිද? (නි)
මා නම් ඉගෙනගෙන ඇත්තේ නයාගේ ගෑනු සතා නැයින බවත් සර්පයාගේ ගෑනු සතා සැපින්න බවත් ය. (අ)
ඇත්ත කියන්නත් බිම ඉඳගන්නත් බයවෙන්න එපා කියා මගේ පියා මා කුඩාකල කිව්වා. ඉහත මගේ අදහස් ද්විත්වය අනුව මා භාෂාව හසුරුවා ඇති ආකාරය එකම නොවන බවත්, පැවසීමට ඇති සංදර්භය අනුව එය වෙනස්වන බවත්, ඒ මගේ භාෂා කුසලතාවය බැවින් සම හරක් කුලප්පුවීම අනවශ්‍ය බවත් සිතමි. සජීවී භාෂාවක් වෙනස්වෙන්නේ ස්වභාවිකව එය පරිහරණය කරන ජනතාව අතරේදීයි. කලෙක මැ, යැ කාරකය ආදී වශයෙන් බහුබූත නීති සිංහලට රිංගවීමටත් සම හරක් උත්සහ කලා. හින්දි බසින් "හේ" කියා අවසන් කිරීමත්, නාග යන්නෙහි ස්ත්‍රී ලිංගය නාගීනා ලෙස ශ්‍රී දේවී ජනප්‍රිය කිරීමත් බලෙන් සිංහලට ඒවා රිංගවීමට තරම් හේතු ලෙස මා දකින්නේ නැහැ. සිංහල බස බොහෝ දුරට දෙමලත් සමග මිශ්‍රවී තිබෙන බැවින් එය මුල් "එළුව" බවට බලෙන් හරවන්නත් සම හරක් දැඟලුව. නමුත් එවැනි වෙනස්කම් අනවශ්‍ය ව්‍යාකරණ නීති හා බහුබූත පාරිභාෂික වචන රිංගවීමෙන් බලෙන් කල නොහැකියි. ඔවුන් කරන්නේ මුල්‍යමය වාසි තකා, දැනටමත් වඳවී යන බසක් ලෙස ලෝකයේ ලැයිස්තුගත කර ඇති, සිංහල බස ඉක්මනින්ම කනත්තට දැක්කීමයි. නමුත් ස්වභාවික ලෙස සිංහල බස සජීවීව නිරන්තරයෙන් ගුණාත්මක තත්වයට පත්කිරීමේ හැකියාවත් එසේකිරීමේ වගකීමත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සතුයි.(නදී)
දූ දරුවෝ දැන් වෙනකොට දුවා දරුවෝ බවට පත්කරගෙන වගේ නයා, නයිනි වෙලා. ඉස්සරනම් සැපින්න කිව්වේ නයාගේ ගෑනු සතාට මිසක් ගැරඬියාගේ ගෑනු සතාට නෙමෙයි. ඒ අනුව පොළඟා-පොළන්ගී, කරවලා-කරවලී, පිඹුරා-පිඹුරී, කුණකටුවා-කුණකට්ටී, ගැරඬියා-ගැරඬිච්චී වෙන නිසා සිංහල තවත් ලස්සන වෙලා.(නදී)
මොනවා වුනත් පරෙස්සම් කරන්න ඔය සත්තු ටික, පාරේ යවන්න එපා. බස්වල හැප්පෙයි. (නි)
නයාගේ ගෑනු සතාට වයිෆ් කියලත් සිංහලෙන් කියනවා නේද? (අ)
බලාගෙනයි නයිත් එක්ක ගනුදෙනු... (නි)
කවුරු මොන නම දැම්මත් නයා තවම එයාගේ නෝනගේ නම දන්නේ නැත . එමනිසා නයා නෝනට කතාකරන්නේ මේ ඇහුනද කියල (අ)
දැන් මේකටත් කියයිද දන්නෙ නැහැ රටේ කාගේහරි වාසනාව කියලා (නි)
ස්ටික් ඔයා දන්නේ නැද්ද මීයාගේ ගැනු සතා ගැන කියන්න ගිහින් මහාචාර්ය කෙනෙක් ඇන ගත්තු ඇන ගනිල්ල.(අ)
ස්ටික් ඔයා දන්නේ නැද්ද මීයාගේ ගැනු සතා ගැන කියන්න ගිහින් මහාචාර්ය කෙනෙක් ඇන ගත්තු ඇන ගනිල්ල.(අ)
නීල් රණ මම 5 ශිෂ්‍යත්තෙ සහ සාමාන්‍ය පෙළ ඉගෙනගත්තේ නයා-නැයින ,සර්පයා -සැපින්න කියල .සිංහල පාරිභාෂික ශබ්දමාලාව මිසක් අපිට ඕනේ ඒවා දාන්න බැහැ.(අ)
මෙයාලා සුදු හින්දද දන්නේ නැහැනේ මේ අමුතු නමක්.කෝකටත් අපිටත් එකෙක් දෙන්නෙක් තියාගමු. (දී)
අයියෝ සල්ලි.... නයාගේ ගෑණු සතා "නාගීණා", "නාගිච්චි", "නාගධේනුව", නයාගේ ලොකු අයියා "නාගසලං" (අ)
අනේ අපි නයි හාමිටත් පැටියෙක් දෙමුද (අ)
මම නම් අදමයි ඇහුවේ නයිනි කියලා .. හැපින්න කියලා නෙවෙයිද කියන්නේ ?(අ)
නීල් රණ නොදන්නා දේ නොකියා ඉන්න. සිංහල බසට බොහෝ ලෙසින් දෙමල මිශ්‍ර වෙලා නැහැ. යම් යම් කාලවලදී උතුම් වූ ශ්‍රී ලංකාව විදේශ ආක්‍රම වලට ගොදුරු වූ නිසා දෙමල පමණක් නොව යටත් වූ විවිද භාෂාවන්ගේ යම් කිසි මිශ්‍රණයක් සිංහලයන් විසින් උච්චාරණයට පුරුදු වී ඇත. නමුත් ඒ සෑම වචනයකටම බාවිතා නොවුනත් අර්ථවත් වූ සිංහල වචන ඇත. (දී)
නයාගේ ගැහැනු සතාට නයි නලගන කියන්න බැරිද දන්නෙ නැහැ(දී)
පහන්, භාෂා විශාරදයින් අධ්‍යාපන ලොක්කන් වැනි අය භාෂාව කනවා. සජීවී භාෂාවක් යනු ජනතාව භාවිත කරන බස මිස උගත් පණ්ඩිතයින් ඔවුන්ට ඕනා හැටියට සකස්කරන පිස්සු මනස්ගාත නොවේ. පඬිවර "පාණි" සංස්කෘත භාෂාව වලපල්ලට යැව්වෙත් ඔය විදිහටමයි. පහේ ශිෂ්‍යත්වය නිසා ලංකාවේ ප්‍රථමික අධ්‍යාපනය බල්ලට ගිහින්. විශ්ව විද්‍යාල වලින් එලියට එන පරපුර ඔක්කොටම හපන්.(අ)
නයාගේ ගැහැනු සතා පූසා උනත් එය නම් භාවිතයේ ඇත්තේ අදහස පැහැදිලි නම් පුවත් පත් පාඨකයෝ ලෙස අපි සැහීමකට පත්වෙමු. භාෂා විශාරදයෝ හා පුවත් පත් කලාවෙදින් ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස කරාවි.(නදී)
ප්ලාස්ටික් භාජන වල සතුන් දමන්න එපා. (නදී)
සුදු නයි ගැන මහා ලොකුවට කතාකරන්නේ, අපේ සුදු අලි ගැන අමතක වෙලාද?(නදී)
අනේ මන්දා නැයිනි ද හැපින්නද කියලා.මට නම් ඕවා තේරෙන්නේ නැහැ.(නදී)
නීල් රණා, මොකද ඔයා හැම දෙනාටම අපහාස,අවලාද,නින්දා කරමින් කතාකරන්නේ. නිතරම අනුන් වැරදිය මම හරිම හරිය කියන්නේ. නිතරම ඔබගේ ප්‍රතිචාර කියවපුහාම ඇතිවන්නේ මහා කුණු රහක්. ටිකක් සන්සුන්වෙලා ඔබ හැර අනිත් හැමදෙනාම මෝඩයෝ කියල හිතන එක නවත්වන්න.(නදී)