වෙසක් උත්සවය නිමිත්තෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහමෙවුනා අසපුවේ ආමිස හා ප්‍රතිපත්ති පූජා වැඩසටහන් මාලාවක් පැවැත්විණි. ශීල සමාදාන වැඩසටහනක් ද ධර්ම දේශනා හා භාවනා වැඩසටහන් ද සත් බුදු වන්දනාවක් ද මේ අතර විය. එරට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මේ උත්සවය සඳහා සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඔතන තියෙනවට සුද්දෝනම් කැමති නෑ (අ)
"විවාදය භය වශයෙන් දැක, අවිවාදය රැකවරණය සේ දැක, සමගි මෘදු ගුණ ඇත්තෙක් වන්න. මෙය බුද්ධානුශාසනයයි." නමෝ බුද්ධාය (නි)
සිදුහත් කුමාරයත් ජාතිය ආගම කුලය මව පියා බලල තමයි ඉපදුනේ.(නදී)
මුළු ලෝකෙම වෙසක් සිරියෙන් නැහැවෙනවා. ලොවටම සාමය පැතිරේවා. නිර්මල බෞද්ධ දර්ශනය ලොව පුරා පැතිරේවා . සියලු ජාතින් අතර සාමය ඇතිවේවා . ජාති වාදය ආගම් බේද ලොවෙන් තුරන් වේවා !(නදී)
වෙන රටවල ආගම ප්‍රචාරයට ඉඩ තියෙනවා. බලෙන් බෞද්ධාගමට ගන්නෙත් නැහැ. ඒත් අපේ රටේ මොකද වෙන්නේ. ආගම ඇදහීමේ නිදහස කෝ? සිංහල වුනොත් බෞද්ධ විය යුතුය යන මතය තමයි ගොඩක් බෞද්ධයන් අතර තියෙන්නේ. මට පෞද්ගලිකව සිදු වුන දෙයක් නිසයි මෙහෙම කියන්නේ. බලෙන් බදවා ගන්නවනම් ඒකට නීතිමය වශයෙන් වැඩ කළ යුතුයි. (නදී)
ඉතාලියේ නම් පාතාල සාමාජිකයෝ තමා පන්සල් වල දායක සබාවේ ඉන්නේ. අමුත්තොත් මෙහෙ ආවම උන් එක්ක තමා සෙට් වෙන්නේ. හාමුදුරුවොත් යන අතට හෝයියා.(නදී)
අමාලි, ඔබගේ පැතුම හොදයි. එහෙත් ලංකාවේ අය ලෝකයේ කොහේ හිටියත් මොනතරම් ඉහල රැකියා කළත් බේදය කියන දෙය ලේ වල අටුවම් බැහැලා. පන්සල් වල දායකයෝ කරගන්නේ රැකියාව,මුදල් සහ උපාධිය අනුව. කතා කරන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද අනුව.එතරම්ම බෙදිලා.ඕක තමා පිටරට වල අපේ උදවිය. මෙය ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ තියෙන තත්වය. අනෙක් රටවලත් එහෙම කියා ආරංචිය. (නි)
ඉතාමත් හොඳ වැඩක්. එකම අරමුණකට පොදුවේ එකතුවීම.කවුරුත් අගය කළ යුතු දෙයක්. හැබැයි මහමෙවුනා අසපුව මගින් කරන ආගමික කටයුතු ගැන පන්සිල් රකින බෞද්ධ අපි වැනි අය නම් සතුටු වෙන්නේ නැහැ. සම්මත ක්‍රමවේද වලට වැඩ කරනවා නම් අපිත් හැමදාම ඔබ සැම එක්කයි. (නි)
මහමෙවුනා අසපුව මගින් කරන ආගමික කටයුතු ගැන බුද්ධිමත් සංවාදයක් බුද්ධිමතුන්ගෙන් බලාපොරොතු වෙමි. (නි)
මහමෙවුනා අසපු සරණ යන පින්වතුනගේ නුවණැස පිපිදේවා! (නි)
චන්ද්‍රා, හේලි කියන කථාව ඔයා දැන්ම ඔප්පු කරනවා. අපි කතා කරන්නේ නිල්, කොළ, රතු බේධයක් නෙවෙයි, යථාර්තය. ඔයා ව්‍යංගයෙන් අපිව මෝඩයෝ කරන්න හදනවා. සමාවෙන්න, ඔයාලගේ කණ්ඩායමේ නරක පුරුද්දක් තමයි විවේචනය නොරිස්සීම. දෙවන ගතිය හේලි විසින් මනාවට පැහැදිලි කරනවා. ඔය ගතිය මග හරින්න හොඳම ඖෂධය තමයි නිවැරදිව බුදු දහමෙහි යෙදීම. (නදී)