IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සාදු නාදය මෙල්බර්න් නුවරටත්

වෙසක් උත්සවය නිමිත්තෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහමෙවුනා අසපුවේ ආමිස හා ප්‍රතිපත්ති පූජා වැඩසටහන් මාලාවක් පැවැත්විණි. ශීල සමාදාන වැඩසටහනක් ද ධර්ම දේශනා හා භාවනා වැඩසටහන් ද සත් බුදු වන්දනාවක් ද මේ අතර විය. එරට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මේ උත්සවය සඳහා සහභාගී වූහ.

 



අදහස් (0)

සාදු නාදය මෙල්බර්න් නුවරටත්

කාසි Monday, 27 May 2013 10:10 AM

ඕක ඔතන තියෙනවට සුද්දෝනම් කැමති නෑ (අ)

:       0       0

ප්‍රසාද් Monday, 27 May 2013 03:37 PM

"විවාදය භය වශයෙන් දැක, අවිවාදය රැකවරණය සේ දැක, සමගි මෘදු ගුණ ඇත්තෙක් වන්න. මෙය බුද්ධානුශාසනයයි." නමෝ බුද්ධාය (නි)

:       0       0

අශෝක Monday, 27 May 2013 10:15 AM

සිදුහත් කුමාරයත් ජාතිය ආගම කුලය මව පියා බලල තමයි ඉපදුනේ.(නදී)

:       0       0

අමාලි සිල්වා Sunday, 26 May 2013 09:16 PM

මුළු ලෝකෙම වෙසක් සිරියෙන් නැහැවෙනවා. ලොවටම සාමය පැතිරේවා. නිර්මල බෞද්ධ දර්ශනය ලොව පුරා පැතිරේවා . සියලු ජාතින් අතර සාමය ඇතිවේවා . ජාති වාදය ආගම් බේද ලොවෙන් තුරන් වේවා !(නදී)

:       0       0

ශාන්ති Monday, 27 May 2013 04:09 PM

වෙන රටවල ආගම ප්‍රචාරයට ඉඩ තියෙනවා. බලෙන් බෞද්ධාගමට ගන්නෙත් නැහැ. ඒත් අපේ රටේ මොකද වෙන්නේ. ආගම ඇදහීමේ නිදහස කෝ? සිංහල වුනොත් බෞද්ධ විය යුතුය යන මතය තමයි ගොඩක් බෞද්ධයන් අතර තියෙන්නේ. මට පෞද්ගලිකව සිදු වුන දෙයක් නිසයි මෙහෙම කියන්නේ. බලෙන් බදවා ගන්නවනම් ඒකට නීතිමය වශයෙන් වැඩ කළ යුතුයි. (නදී)

:       0       0

මාලක Monday, 27 May 2013 11:35 AM

ඉතාලියේ නම් පාතාල සාමාජිකයෝ තමා පන්සල් වල දායක සබාවේ ඉන්නේ. අමුත්තොත් මෙහෙ ආවම උන් එක්ක තමා සෙට් වෙන්නේ. හාමුදුරුවොත් යන අතට හෝයියා.(නදී)

:       0       0

හේලි Monday, 27 May 2013 04:43 AM

අමාලි, ඔබගේ පැතුම හොදයි. එහෙත් ලංකාවේ අය ලෝකයේ කොහේ හිටියත් මොනතරම් ඉහල රැකියා කළත් බේදය කියන දෙය ලේ වල අටුවම් බැහැලා. පන්සල් වල දායකයෝ කරගන්නේ රැකියාව,මුදල් සහ උපාධිය අනුව. කතා කරන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද අනුව.එතරම්ම බෙදිලා.ඕක තමා පිටරට වල අපේ උදවිය. මෙය ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ තියෙන තත්වය. අනෙක් රටවලත් එහෙම කියා ආරංචිය. (නි)

:       0       0

බුද්ධික Monday, 27 May 2013 05:35 AM

ඉතාමත් හොඳ වැඩක්. එකම අරමුණකට පොදුවේ එකතුවීම.කවුරුත් අගය කළ යුතු දෙයක්. හැබැයි මහමෙවුනා අසපුව මගින් කරන ආගමික කටයුතු ගැන පන්සිල් රකින බෞද්ධ අපි වැනි අය නම් සතුටු වෙන්නේ නැහැ. සම්මත ක්‍රමවේද වලට වැඩ කරනවා නම් අපිත් හැමදාම ඔබ සැම එක්කයි. (නි)

:       0       0

චන්දා Monday, 27 May 2013 06:52 AM

මහමෙවුනා අසපුව මගින් කරන ආගමික කටයුතු ගැන බුද්ධිමත් සංවාදයක් බුද්ධිමතුන්ගෙන් බලාපොරොතු වෙමි. (නි)

:       0       0

චන්දා Tuesday, 28 May 2013 03:10 AM

මහමෙවුනා අසපු සරණ යන පින්වතුනගේ නුවණැස පිපිදේවා! (නි)

:       0       0

බුද්ධික Monday, 27 May 2013 07:31 AM

චන්ද්‍රා, හේලි කියන කථාව ඔයා දැන්ම ඔප්පු කරනවා. අපි කතා කරන්නේ නිල්, කොළ, රතු බේධයක් නෙවෙයි, යථාර්තය. ඔයා ව්‍යංගයෙන් අපිව මෝඩයෝ කරන්න හදනවා. සමාවෙන්න, ඔයාලගේ කණ්ඩායමේ නරක පුරුද්දක් තමයි විවේචනය නොරිස්සීම. දෙවන ගතිය හේලි විසින් මනාවට පැහැදිලි කරනවා. ඔය ගතිය මග හරින්න හොඳම ඖෂධය තමයි නිවැරදිව බුදු දහමෙහි යෙදීම. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site