සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තනාපති කාර්යාලයයේ නැගෙනහිර කළාපයේ තානාපති ජංගම සේවාව අගොස්තු මස 03 වැනිදා අල් කොබාර් දමාම් අධිවේගී මාර්ගයේ ඇස්ටුන් රෝහල අසල පිහිටි යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත යැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය කියයි.
අගොස්තු 03 වැනිදා උදෑසන 8 සිට පස්වරු 3 දක්වා පැවැත්වීමට නියමිත මෙම ජංගම සේවය රියාද් තානාපති කාර්යාලයයේ නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වන බැවින් ගමන් බලපත්‍ර අහෝසි කිරීම , දිර්ඝ කිරීම , උප්පැන්න ලියාපදිංචි කිරීම, ඇතුළු ලිපි ලේඛන කටයුතු සදහා ශ්‍රී ලාංකිකයින් උදෑසනින් පැමිණ නිලධාරීන්ට සහයෝගය දක්වන ලෙස තානාපති කාර්යාල නිලධාරීහු ඉල්ලා සිටිති.
මෙම ජංගම සේවයෙන් පසු මහජන අවශ්‍යතා අනුව ඉදිරි ජංගම සේවාවන් තීරණය කරන බව සෞදි ශ්‍රී ලංකා තානාපති වඩිවෙල් ක්‍රිෂ්ණ මුර්ති මහතා පැවසීය.
මෙදින පොදු සමා කාලයට සමගාමීව අවතැන් වුවන් සදහා තාවකාලික බලපත්‍ර ලබා දීම හා අලුත් කිරීමක් සිදු කෙරෙන බවද තානාපතිවරයා පැවැසි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න අපේ තානාපති කාර්යාලය හොඳ නැහැ කියලා සමහරු පැවසුවට අල් කොබර් ජුබෙල් දමාම් වල අයට රියාද් යන්න ඕනෑ නේද නැත්නම්? බොහොම හොඳ ඒ වගේම ලොකු උපකාරයක් නැගෙනහිර කලාපයේ අපි වගේ අයට. ස්තුතියි. (නි)