ශ්‍රී ලාංකික ගෘහසේවිකාව ගල් ගසා මරා දැමීමට සෞදි අරාබියේ අධිකරණයක් විසින් පැනවූ දඩුවම ලිහිල් කරන්නැයි ඉල්ලා මේවන විට රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සෞදි අභියාචනාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම කාන්තාවට ලබාදිය හැකි උපරිම නීතිමය සහනයක් ලබා දෙන්නැයි ඉල්ලමින් මෙම අභියාචනය ගොනු කළ බව විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය. අභියාචනයේ නීතීමය ගාස්තු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති අංශය විසින් දරනු ලැබූ බවද එම නිලධාරියා පැවසීය.
ඇය නිදහස් කර ගැනීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය,රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව කටයුතු කරන බවද විදේශ අමාත්‍යංශ නිලධාරියා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි තීන්දුව වෙනස් කරගන්න වෙර දරයි
රවී Thursday, 19 November 2015 09:23 AM
කොහොමත් ගල්ගසා මැරීම අපි අනුමත කරන්නේ නැහැ (ම)
දුමින්ද Thursday, 19 November 2015 09:23 AM
විදෙස් බලය මැනිය හැකි මොහොතක් (ම)
සමන් Thursday, 19 November 2015 10:01 AM
ෂරියා නීතිය තිෙයන රටවල් වලට ලාංකිකයින් යැවීම නවත්වන්න ඕන. (ම)
පහන් Thursday, 19 November 2015 10:07 AM
එතකොට මෙය එක්ක හිටපු මිනිහටත් ඔය දඬුවමම ලැබෙනවද? (ම)
රේ ද සිල්වා Thursday, 19 November 2015 10:12 AM
මිනිහට කස පාර , ගැනිට ගල් පාර!!!!! මාර නීතියක්.(ම)
කපිල - ඩුබායි Thursday, 19 November 2015 10:29 AM
මේවා මේ රටවල්වල නීතී. මේ රටට එනකොට මිනිස්සුන්ව දෑනුවත් කරනවා. (ර)
ද සිල්වා - බර්ලින් Thursday, 19 November 2015 10:40 AM
එතකොට මේවා මානව හිමිකම් කඩවිමක් නොමෙයිද ? මෙවාට සවුදි අරාබිය ජිනිවා ගෙනියන්න බැරිද? (ම)
මාධව Thursday, 19 November 2015 10:54 AM
කොහොමහරි වෙනස් කරමු. (ර)
ඉනෝකා-එංගලන්තය Thursday, 19 November 2015 11:09 AM
සුළු දඬුවමක් දීලා හෝ රටින් පිටුවහල් කළා නම් ඉවරනේ. පුදුම නීතියක් නේ මේක. මේ කාන්තාව කෙසේ හෝ මරණින් බේරා ගන්න කල හැකි සෑම දෙයක්ම කරන්න මනුෂ්‍යත්වයේ නාමයෙන්වත්. (ර)
ජයනාත් Thursday, 19 November 2015 11:21 AM
තලතා ඇමති තුමිය.අපේ රටේ කාන්තාවක් වෙනුවෙන් මේ ඉල්ලීම.සෞදියට ගොස් රජතුමා හමුවේ මැය ගේ ජීවිතය වෙනුවෙන් ඉල්ලීමක් කරන්න.ඔබ තුමිය ඊට සුදුසුයි කාන්තාවක් නිසා.සෞදි නීතියට අනුව ලේ වන්දියක් ගෙවන්න වෙන්නේ නැහැ .මිනීමැරුමක් නොවන නිසා .(ම)
කුසුම් Thursday, 19 November 2015 08:04 AM
පුදුමයි. ජාත්‍යන්තරේම පිළිගත් ජනාධිපති කෙනෙක් ඉන්දෙද්දී මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙන්න ඕනේ. (බ)
චන්දි Thursday, 19 November 2015 08:12 AM
රෆිනාට වුණ දේ සිද්ධ වෙන්න කලින් බේරා ගැනීමට හැකි වේවා කුසුම් ඔය සමඟ මාද එකගයි (ම)
සමන් Thursday, 19 November 2015 08:47 AM
මෙම රටේ කෙනෙක් මෙය කලානම් ඉතාමත් සුළු දෙයක්, නීතිය පොඩි මිනිහට තමා,(ම)
කපුගේ Thursday, 19 November 2015 08:54 AM
ගැනියෙක් මිනිහෙක් එක්ක ඉන්න එක ගල් ගහන වරදක්ද?. අනේ මුන්ගේ මිත්‍යා මත. මිනිස් වර්ගයාගේ මුලිකම සිද්ධාන්තය. (බ)
රෝහණ Thursday, 19 November 2015 09:01 AM
මේවා මිනිස්සුන්ගේ ශාරීරික අවශ්‍යතා. මේවට මේ විදිහේ දඬුවම් දුන්නත් මේවා නතර වෙන්නේ නැහැ වරදක් වෙන්නේ බලහත් කාරයෙන් මේවා කළොත් විතරයි . කොහොමත් ගල්ගසා මැරීම අපි අනුමත කරන්නේ නැහැ (බ)