මේ කැලිෆෝනියාවේ ජීවත් වන මධ්‍යම පංතියට අයත් පවුලකි. ගෘහ මූලිකයා ක්‍රිස්ටිය. 43 හැවිරිදිය. බිරි ඩෙවෝන්ය.
ඔවුන්ට සිටින දරුවන් සංඛ්‍යාව 16කි. ඉන් පිරිමි නව දෙනෙකි. හත් දෙනෙක් ගැහැණු දරුවෝය.
වැඩිමලා පුතෙකි. වයස අවුරුදු 23කි.
බාලයාට දෑවුරුද්දකි. තවත් දරුවන් දෙදෙනකු බිරිඳගේ කුසේ ගබ්සා වූ බව ක්‍රිස්ටි පවසයි. ඔහු කියන්නේ තම පවුලට දරුවන් 20ක් අවශ්‍ය බවය.
බිරිඳ ඩෙවොන් ඊට සූදානම්ය.
‘දරුවන් බිහි කිරීම මට දැන් පුරුද්දක් වෙලා. වෙන ගැනුන්ට වගේ උදේට හැදෙන වමනය, ඕක්කාරය මට නෑ‘ ඇය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු පවුල් රත්‍රන්. (නි)
අපේ අයත් මේ ගැන සිතුවානම් ලොකු සමාජ මෙහෙවරක්. අපේ අයත් ආදර්ශයට ගත්තා නම් අපේ ජාතියත් ආරක්ෂා වේවි.(නදී)
වැඩි දෙනෙක් පවුලක ළමයි ගාන වැඩි උනා කියන්නේ ලිංගික ක්‍රියා කාරිත්වය වැඩියි කියල හිතන් හිටියට එකේ අනික් පැත්තයි යතාර්ථය නම්. පවුලක ළමයි නෑ කියන්නේ බොහෝ විට පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරනවා කියන එක මිසක් ක්‍රියා කාරිත්වයේ අඩුවක් කියන එක නෙමෙයි. බුදු බණේ හැටියට මේ ඉන්නේ ලෝකේ ධනවත්ම දේපලක් කියන කෙනෙක් වග ඔය මහත්තුරුන්ට මතක් කරලා දෙන්න කැමතියි.(නදී)
සුබ පැතුම්! හැබැයි, මට පෙනෙන විදියට තාත්තාගේ හිසේ එක කෙස් ගහක්වත් නැහැ වගේ. ළමයි 16ක් එකවර ගෙදර කෑ ගහන කොට සුළු පටු දෙයක්ද?(නදී)
සනත්ට තියෙන්නේ පුදුම දුකක්නේ අර අම්ම වෙනුවෙන්. නමටත් ලැජ්ජයි, ඔයත් අම්මෙක්ගෙන් ඉපදිලා නැ වගේ. අම්ම කෙනෙකුගේ ඒ අමාරුව දරු පටිය අතට ලබුනු ගමන් නැතුව යනවා. එක ආදරයකට පෙරලිලා කිරි එරෙනවා. එක ලෝක ස්වබාවය. එක දරුවන්ට දැනෙන්න ඕන අම්ම වදාපු හැටි. දැන් ඉන්න ගනු සීසර් කරලා ළමයි හදන්නේ සුපර් මාර්කෙට් එකෙන් ගේනවා වගේ. එහෙම අම්මෙක්ගෙන් නියම ආදරයක් දරුවට ලැබෙන්නෙත් නැහැ. එත් සාමාන්‍ය විදියට අපේ ඉස්සර අම්මලටත් ලැබුන දරුවෝ 10-15ක්. ඒ අම්මල කවදාවත් වැඩියි කිව්වෙත් නැහැ. දරුවෝ කියන්නේ සම්පතක්. මේක ලොකු වාසනාවක්.(නදී) ,
රුපියල් දහදහකුයි හරකෙකුයි දෙන්ඩ යෝජනා කරයිද දන්නෙනෑ මේ පවුලෙ අයට.(නදී)
වෙන වැඩක් කරලම නැහැ වගේ.(නදී)
වාසනාවන්ත ඒ වගේම ධෛර්යමත් අම්මා කෙනෙක්, එක ළමයෙක්වත් ස්වාබාවිකව බිහිකරන්න ආත්ම ශක්තියක් නැති කැමැත්තෙන්ම සීසර් කරගන්න ලංකාවේ අම්මලට මේ අම්ම හොද ආදර්ශයක්. මේ මවට දීර්ගායුෂ පතනවා.(නදී)
ඉස්සර හැම පවුලකම ළමයි 8-10 විතර හිටියා. හොඳට කාලා බීල නිරෝගිව ජීවත් වුණා. දැන් ළමයි 1 හෝ 2යි. නමුත් ජීවත් වෙන්න බැහැ, මේ ලංකාවට මොකද වුණේ. (නි)
අවුරුදු 16 ක්ම බඩක් එල්ලගෙන විදපු දුක ක්‍රිස්ටිටයි, විරාජ්ටයි තේරෙන්න තරම් මොලයක් නෑ. මේගොල්ලෝ ලොකු කතා කියන්නේ කුහක කම හින්දා. මම අම්ම් විදපු දුක දැක්කේ නැති වුනාට හිතාගන්න පුළුවන් කොච්චර දුකක් වින්දද කියලා.(නදී)
මේ මනුස්සයා වෙඩි බෙහෙත් කන පුද්ගලයෙක්ද?(නදී)
ධනවත් රටවල දරුවෝ ලබන විට දීමනාවක් ලැබෙනවා. වෙනත් ජොබ් ඕනෑ නැහැ. ගෙවල් දෙනවා. මෙයාලගේ මාසිකව රජයෙන් ලැබෙන දීමනාව පමණක් ඩොලර් 10000/ ක් වත් ඇති.ඕකයි රහස! (නි)
දකින්නත් සතුටුයි.වාසනාවන්.හැමෝටම ඔය වගේ ධෛර්යයත්, ශක්තියත් වගේම වාසනාවත් ලැබෙන්නේ නැහැ. (නි)
කලාව දන්නා අය ඔහොම තමයි. (නි)
ඇත්තටම මේ වගේ දෙමව්පියෝ ඉන්න එක ඒ රටට වාසනාවක් (නි)
ඡන්දය ඉල්ලුවා නම් ගොඩම තමයි (නි)
එතකොට මේ පිරිමි කෙනා රස්සාවකට ගිහින් නැද්ද? (නි)
අර අහිංසක ගෑනි විදින දුකක්. ප්‍රසුත වේදනාව කියන්නේ එසේ මෙසේ දෙයක්ද? දැන් තියෙන්නේ මේ පිරිමියට ළමයි හම්බවෙන්න පුළුවන් වෙන්න ඔපරේෂන් එකක් කරලා ඇතිතරම් ළමයි හදන්න ඉඩදෙන්න.එතකොට තේරේවි අර ගෑනුකෙනා කොච්චර දුකක් වින්දද කියලා (නි).
දෙවැනි හෙර්කුලිස් වෙන්න ඇති.(නදී)
කම්මැලි නැති ජෝඩුවක් (නි)
ලංකාවේ අම්මලටත් බැරි නෑ. ප්‍රශ්නය මුදල්. ඒ රටවල හැමදේටම රජයෙන් මුදල් ලැබෙනවා. විශේසයෙන්ම ළමයින්ට.(නදී)
ඇමෙරිකාවේ එහෙම කලත් ලංකාවේ මෙහෙම කරන්න බැහැ. මොකද ළමයින්ට කන්න බොන්න දෙන්න විදිහක් නැහැ. ලයිට් බිල ගෙව්වම අතේ මුකුත් ඉතිරි වෙන එකක් නැහැ.(නදී)
අනේ වාසනාවන් !(නදී)
මේ වැඩෙත් ගිනස් වාර්තාවක් වගෙයි. පුදුමයි අපේ අට පට්ටම දැනගෙන ඉදලා නැහැ.(නදී)
මෙගොල්ලන්ටත් 5 වැනිය ඉඳල ලක්ෂයක් ගානේ හම්බවෙලා ඇතිනේද? එහෙම බැලුවත් ලක්ෂ 12ක් නියමයි.(නදී)
පිරිමියා මොන වර්ගයේද? (නදී)
ඇත්තටම මමත් ආසයි. ඒත් දැන් පරක්කු වැඩියි. සුභ අනාගතයක්.(නදී)
සුදු මිනිස්සු නේ. අපෝ ප්‍රශ්නයක් නැහැ. පාට හම ඇති අය ඔහොම කරන්න ගියා නම් රටෙත් ඉදලා හමාරයි. (නි)
දැනට අවුරුදු 50-60 විතර ඉස්සෙල්ලා ලංකාවෙත් 10 දෙනා ඉන්න පවුල් ගොඩක් තිබුණා (නි)
ගොඩක් සතුටක් ඇති වුණා. මට නැහැනේ මේ වගේ පවුලක් (නි)
පිස්සු හැදෙනවනේ. ක්‍රිස්ට ඉතින් ජොබ් 1ක් කරන්න වෙලාවක් නැතුව ඇති නේද? (නි)
අයියෝ මගේ වයස 42යි. මට හදාගන්න පුළුවන් වුනේ තවම 3යි. නෝනා මේ පුවත් බලන්නේ නැහැ. මම මේ ප්‍රවෘත්තිය එයාට පෙන්නුවා. මම අහගත්ත දේවල් මේකේ ලියන්න බැහැ.(නදී)