සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තනාපති කාර්යාලයය මගින් පවත්වනු ලබන නැගෙනහිර කළාපයේ තානාපති ජංගම සේවාව අගොස්තු මස 03 වැනි සෙනසුරාදා අල් කොබාර් දමාම් අධිවේගී මාර්ගයේ ඇස්ටුන් රෝහල අසල පිහිටි යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය කියයි.
අගොස්තු 03 වැනිදා උදෑසන 8 සිට පස්වරු 3 දක්වා පැවැත්වීමට නියමිත මෙම ජංගම සේවයට රියාද් තානාපති කාර්යාලයයේ නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වන බැවින් ගමන් බලපත්‍ර අයදුම් කිරීම , දිර්ඝ කිරීම , උප්පැන්න ලියාපදිංචි කිරීම, ඇතුළු ලිපි ලේඛන කටයුතු සදහා ශ්‍රී ලාංකිකයින් උදෑසනින් පැමිණ නිලධාරීන්ට සහයෝගය දක්වන ලෙස තානාපති කාර්යාල නිලධාරීහු ඉල්ලා සිටිති.
කෙසේ වුවද මෙදින ජංගම සේවාව සෙනසුරාදා පැවැත්වුවද මහජන ප්‍රතිචාරය මත ඉදිරි ජංගම සේවාවන් පැවැත්වීමේ දිනය පිළිබඳව තීරණයක් ගන්නා බව සෞදි ශ්‍රී ලංකා තානාපති වඩිවෙල් ක්‍රිෂ්ණ මුර්ති මහතා පැවසීය.
මෙදින පොදු සමා කාලයට සමගාමීව අවතැන් වුවන් සදහා තාවකාලික ගමන් බලපත්‍ර ලබා දීමටද සැළකා බලන බව තානාපතිවරයා පවැසි.
2025 දෙසැම්බර් මස 18
528
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි ජංගම සේවාවක් අගෝස්තු 03 වැනිදා