සෞදි අරාබියේ දැනට ක්‍රියාමත්ක වන අනවසර විදේශිකයින් සදහා වු පොදු සමා කාලයට සමගාමීව සෞදි අරාබියේ හයිල් ප්‍රදේශයේ වෙසෙන නීතී විරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයින් සදහා තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ මස 27 වැනි දින හයිල් අබ්දුල් රහුමාන් අල් හිර්මාස් ඔපීස් හිදී උදෑසන 9 .00 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙන බව රියාද් තානාපති කාර්යාලයයේ අමාත්‍ය අපදේශක අනුර මුතුමාල මහතා පවසයි.
මෙම ස්ථානය පිහිටා ඇත්තේ අසීසියා ප්‍රදේශයේ සම් සම් ක්ලිනික් අසල බව බවද වැඩ්දුරටත් දන්වා සිටි.
තාවකාලික ගමන් බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන සියළු දෙනා තමා ලංකාවෙන් පැමිණෙන විට ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරන ලද ගමන් බලපත්‍රයේ වීසා සටහන් තබා ඇති පිටුවේ පිටපතක් හෝ සෞදි රජය විසින් ලබා දී ඇති ඉක්වා පිටපතක්ද සමගින් ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප දෙකක් සමඟ රැගෙන එන ලෙසද දන්වා සිටී.වැඩි විස්තර සදහා 0541277614 අමතන මෙන්ද දන්වා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි මේ අසරනයන්ව ලංකාවට ගෙන එන එක හොද වැඩක්. කරුණාකර සෞදියට ගෘහ සේවිකාවන් යැවීම නවත්වන්න. එහෙම බැරිනම් ගෘහ සේවිකාවන් සෞදි යැවීමට පෙර විශේෂ පරීක්ෂණයක් කරන්න. ( අරාබි භාෂාව කතාකළ හැකි , කලින් ගල්ෆ් රටවල සේවය කර ඇති අය පමනක් සෞදි යවන්න ) විදේශ කටයුතු ඇමති තුමනි මේ පිළිබඳව කල්පනා කර බලන්න.(නදී)
කොයි රටකට ගියත් කමක් නැහැ. රැකියාව කරන්න බැරිනම් රටේ නම්බුව තියාගෙන ආපහු එන්න. (නි)