සෞදි අරාබියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලාංකිකයකු (30) ගොඩනැගිල්ලකින් වැටී මිය ගොස් ඇතැයි එරට අරැබ් නිව්ස් වෙබ් අඩවිය අද (21) වාර්තා කළේය.
සෞදි අරාබියේ නැගෙනහිර පිහිටි ක්වාටිෆ් නැමැති රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ සිරුර රෝහල් කොරිඩෝවක තිබී හමුවී ඇත.
සෞදි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මෙම ලාංකිකයා ගොඩනැගිල්ලෙන් වැටී මියයාම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිඛෙන අතර ,එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ මොහු රෝහල් ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානි කර ගෙන ඇති බවය.
ලාංකිකයා සියදිවි නසා ගත්තේද නැතහොත් මෙය ඝාතනයක්ද යන්න සෙවීම විමර්ශන ඇරැඹී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)
සෞදි යවන ගැහැනුන්ට විතරක් නෙමේ පිරිමිටත් විශාල වශයෙන් කරදර වෙනෙවා මම කියන්නේ ලංකාවෙන් කිසිම කෙනෙක් සෞදින්යවන්න එපා දැන් දැන් ගොඩක් රටවල් වලින් සෞදි වලට යවන්නේ නැහැ (ම)
කොහොම කිව්වත් අඩු මුදලට, නැති බැරි කමට යන්න පුළුවන් එකම රටනේ, සුදුසුකම් බැලුවත් ඒ වගේ. මේකට මොනවා හෝ විකල්පයක් කළ යුත්තේ කව්ද. (ම)
සෞදි යන්නත් එපා. අපේ අය එහෙ යවන්නත් එපා (නි)
දැන්වත් සිංහලේ ගෑනු සෞදි යවන එක නවත්තමු (බ)
කාන්තාවන් වහල් කමට යවන්න එපා. (ර)