නීතී විරෝධි විදේශිකයින් සදහා වු පොදු සමා කාලයට සමගාමීව සෞදි අරාබියේ රියාද් කළාපයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවන්හට නිකුත් කරන ලද තාවකාලික ගමන් බල පත්‍ර සමඟ ශ්‍රී ලංකා රියාද් තානාපති කාර්යාලයට එන්නැයි ඉල්ලීම් කැරෙයි.
පැමිණෙන විටදී ගමන් ලියැවිල්ල සමඟ තමා සෞදි අරාබියට පැමිණෙන විට තමා සන්තකයේ තිබු ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කැරුණු ගමන් බල පත්‍රයේ වීසා සටහන් කරන ලද පිටුවේ පිටපත් හෝ සෞදි රජය විසින් නිකුත් කරන ලද ඉක්වා කාඩ් පතෙහි පිටපතක්ද රැගෙන එන ලෙස අවධාරණය කරයි.
අමාත්‍ය උපදේශක අනුර මුතුමාල මහතා පැවසුවේ පොදු සමා කාලය උපයෝගී කරගෙන සෞදියෙන් පිටව යන සියළු දෙනාගේම අනන්‍යතාව තහවුරු කර ගැනීමත් ආගමන විගමන කාර්යාලය මෙසේ අදාල ලිපි ලේඛන ඉල්ලයි.
විශේෂයෙන්ම සෞදි අරාබියේ පවතින නීතී රෙගුලාසි අනුව කාන්තාවන් තනි තනිව හෝ කණ්ඩායම් ලෙස වීසා ලබා ගැනීම සදහා ආගමන විගමන කාර්යාල වෙත යෑමෙන් ඇති වන දුෂ්කරතා අවම කිරිම සදහාත් කාන්තාවන්ගේ පිටවීමේ වීසා පත හා ලබා ගැනීම සදහා තානාපති කාර්යාලය සෘජුවම මැදිහත් වී එම කටයුතු කර දෙන බවත් ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශානිකා. දැන් අර කියපු කෙනාගේ නම හෙක්ටර්, අල කොබර් වල ඉන්නේ .වැඩට ගිය කොම්පැනියෙන් පඩි වැඩි කරලා හදල දුන්නලු. ලංකාවට යන්නේ නැහැල්ලු.(අ)
රිස්වාන්, ඔය වගේ අය අපේ ලංකාවට වටිනවා. (නි)
ඒත් ගමන් බලපත්‍රය හාම්පුතුන් ගාව නම් මොකද කරන්නේ? (නි)
ලේබුන අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඔය රටින් පිටවන්න. මම ඉල්ලනවා බලදාරින්ගෙන් සෞදියට අපේ ගැහැනු අරින්න එපා කියලා (නි)
මොහොමඩ්,ඔයාට ගොඩක් පින්. කවුරු වුනත් ඒ අපේ ලංකාවේ අයනේ.රටට ආදරයක් දැනෙන්න,රටේ අයට ආදරයක් දැනෙන්න ලංකාවෙන් පිට වෙන්නම ඕනෑ. ලංකාවේදී එක දැනෙන්නේ අඩුවෙන්. (නි)
මොහොමඩ් ,ලංකාදීපේ කොටසක දාලා තිබුනා සෞදියේ සමා කාලය ගැන දැක්වෙන කොටසක්. එකේ ප්‍රතිචාර වලට හෙක්ටර් කියල ලංකාවේ කෙනෙක් ඔහේ ඇවිත් මස 2 ලු. එයාට ලංකාවට එන්න ඕනලු. මම හිතන්නේ ඇවිත් ටික කාලයක් නිසා මොකවත් දන්නතුව ඇති. දුරකතන අංකයත් දාලා තිබුනා. 0533081232. අනේ පුලුවන්නම් උදව් කරන්න. මමත් මගේ යාලුවෙක්ට දුන්නා. එයාගේ මහත්තයත් ඔහේ නිසා පුළුවන් උදව්වක් කරන්න ඔයාටත් පිනක්.(නදී)
තව දෙයක්, ගෙවල් වල හිර කරලා ඉන්න අහිංසක අම්මලාට,අක්කලාට, මොකද්ද තියෙන අවස්ථාව ලංකාවට එන්න. එක නිසා විදේශ අමාත්‍යංශයෙන් විමසීම් කර පැමිණිලි තියෙන කතුන් ගැන සෙවුවොත් නරකද?(නදී)
ගමන් බල පත්‍රයේ වීසා සටහන් කරන ලද පිටුවේ පිටපත් හෝ සෞදි රජය විසින් නිකුත් කරන ලද ඉක්වා කාඩ් පතෙහි පිටපත සමහර විට මේ දෙකම ගෙවල් වල ඉන්න ගෘහ සේවිකාවන් ළඟ නැති වෙන්න පුළුවන්.(නදී)
ශානිකා, අනිවාර්යයෙන් උදව් කරන්නම්. එයා දමාම් වල නම් මම ගිහින් හරි උදව් කරන්නම්. (නි)