දක්ෂ නීතිඥයින් යෙදවුව හොත් සෞදියේ දී ගල් ගසා මරා දැමීමේ දඩුවම නියම වී සිටින කාන්තාව බේරා ගැනීමට හෝ දඬුවම් ළිහිල් කර ගැනිමට හෝ හැකියාවක් ඇතැයි බලපත්‍රලාභී විදේශ රැකියා එජන්සිකරුවන්ගේ සංගමය කියයි.
ෂරියා නීතිය අනුව ගල් ගසා මරා දැමීමේ දඩුවම නියම වන්නේ ඇසින් දුටු සාක්කි හතරක් තහවුරු කර ගැනීමෙන් පසුව බවත්, ඒ ඔස්සේ ගොස් දඩුවම ළිහිල් කර ගැනිමේ හැකියාව පිළීබඳව සොයා බැලීමට නීතිඥයින් යෙදවීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හැකියාව ඇති බවත් ඇල්ෆියා සභාපති ෆයිසල් මකීම් මහතා කියයි.ඇය වෙනුවෙන් දැනට ඇපෑලක් ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් මම දැන් වසර 17 වෙනවා මෙහෙ ඇවිල්ලා. අපිට නම් කිසිමදාක වරදක් වෙලා නැහැ. අපි ඉන්නේ කොහෙද, රටේ නීති මොනවද කියලා හොඳින් අවබෝධ කරගෙන අපි ආ කාර්යය කරගෙන ඉන්නවා. මෙයා කර තිබෙන වරද ලංකාවේ වුණා නම් දඩුවම් නොකරනවද කියන්න. කොයි රටෙත් හොඳ නරක තිබෙන මිනිස්සු ඉන්න එක කාටවත් වෙනස් කරන්න බැහැ. (නි)
ඇයට නිදහස ලැබේවා! (නි)
එතකොට පිරිමියාට දෙන කසපහර 100 දඩුවම ලිහිල් කරගැනීමට රජය උත්සහ කරන්නේ නැත්තේ ඇයි? ඔහුත් ශ්‍රී ලාංකිකයෙක් නේද? ඇයි එක් අයකුට පමණක් විශේෂ අනුකම්පාවක් (ම)
වවුලාගේ මඟුල් ගෙදර ගියානම් එල්ලිලා ඉන්න ඕනෑ. සෞදියේ ෂරියා නීතියට අනුව මේ වැරැද්දට යම් දඬුවමක් ලැබිය යුතු වුණාට මේ දී ඇති දඬුවම නම් අති අමානුෂිකයි. කෝ මේ කාන්තා මානව හිමිකම්, අයිතිවාසිකම් සංවිධාන ..? (නි)
ශාන, ඔබේ අදහසට කැනඩාවේ සිටින මාත් එකඟවෙනවා (නි)
දඩුවම් ළිහිල් කරනවා නම් හොඳයි (ම)
මේවා දැක දැක මේ රටට වැඩ කරන්න ගැහැණු අය එවන්නෙ ඇයි? සෞදි නෙමෙයි මොන රටට ගියත් ඒ රටේ නීතියට ගරුකරන්න වෙනවා (නි)
මේ නීතිය ලංකාවෙත් තිබුණ නම්......(ම)
දඩුවම ලිහිල් කරනවානම් හොඳයි. ඒත් මේ පුද්ගලයන් අතින් සිදුවී ඇත්තේ" අත්වැරදීමක් හෝ නොදන්නා කමට කල වරදක්" භාෂාව නොදන්නා කමට සිදු වරදක්" රැකියාව නොදන්නා කමට කල වරදක්" ජීවිතය බේර ගැනීමට කල වරදක්" ආහාර හෝ බීමට යමක් සොයා ගැනීමට යාමේදී උන වරදක්" නැතහොත් යම් පුද්ගලයකුගෙන් අතවරයක් සිදුවීමට යාම වලකා ගැනීමට යාමෙන් සිදු උන වරදක් "හෝ දීර්ඝ කාලීනව රඳවා තබාගන වැටුප් නොදී ආපසු සිය රටට යාමට නොදී බලෙන් රඳවාසිටීමකින් බේරීමට කල වරදක් " නොවේ. අනෙක ලංකාවේ දරුවන් 3ක් ඉන්න අම්ම කෙනෙක් හා සැමියා ලංකාවේ සිටියදී හිතා මතාම නැහැදිච්ච කමට කල වරදකි. මෙහි ආවේ කුමකටද යන්න වටහගන සිටිය යුතුයි. පිරිමි පුද්ගලයාද මේ ආකාරයෙන් කටයුතු කල යුතුයි. මේක සම්පුර්ණයෙන්ම අනාචාරයේ හැසිරීමක්. මෙයට සමාව දීම නොකළ යුතුයි. මරණ දඬුවම නොදී යම් කාලයක් සිර ගත කල යුතුයි. මන්ද මෙවන් ක්‍රියා සදහා රජය දඬුවම් ලිහිල් කරන ලෙස සෞදි රජයෙන් ඉල්ලෙමෙන් සිදුවන්නේ රිසානා වැනි අහිංසක අයගෙන් සිදුවන අත්වැරදී වලදී හෝ රිය අනතුරකදී යම් පුද්ගලයෙන් මිය යාම වැනි වෙනත් වරදකදී පවා රජයට දඩුවම් ලිහිල් කරන ලෙස ඉල්ලා සිටීමට නොහැකි වීමයි මේ රටේ නීතිය හොඳින් දැන නොසිටියත් ලංකාවේ පවා මෙවන් සිදුවීම් වලට දඩුවම් ලැබිය යුතු වරදක් බව හැම දෙනාම දන්නා දෙයකි. එනිසාවෙන් ඔවුන්ට වරද සදහා සමාව ඉල්ලීම නොකළ හැක. තවද මෙහි ඉන්න හා එන අයට යලි මෙවන් වරදක් නොකිරීමට පාඩමක් ඉගැන්විය යුතුමය. නැතහොත් මොන නොසන්ඩාල වැඩය කලත් රජය අපව බේර ගන්නවයි මානසිකත්වයෙන් තව තවත් වැරදි කරයි. අනෙක් සේවකයන්ගේද ශ්‍රී ලංකාවේද නම කැත කිරීම මෙවැන්නන් විසින් දිගටම සිදු කරනු ඇත. යම් හෙයකින් යම් සමාවක් සෞදි රජයෙන් ලබා ගත හැකි වුවහොත් මොවුන් ලංකාවට ගෙන්වා දැඩි දඬුවම් පැමිණවිය යුතුය. නැතිනම් අපට මේ රටේ සේවය කල නොහැකි තත්වයක් උනවනු නියතය. ශ්‍රී ලාංකිකයන් කියන නමට මෙහි යම් හොඳ නමක් පවතින අතර අප අන් ආගමිකයන් වුවත් ඔවුන්ගෙන් කිසිදු පීඩාවක් මෙතුවක් සිදුවී නොමැත. බොහෝ හිත වේදනා කම් කටොලු මැද රැකියාව කරන දහස් ගණනක් මෙහි සේවක කරනු ඇතත් ඔවුන් මෙවන් දුරාචාර හා අනාචාර වැරදි නොකරනු ඇත. (ස)
ජයවිර මොකද ඔයාට ඔයාගේ නෝනට ගල්ගහන්න ඕන ද මේවගේ තිරිසන් නීති ගැන කතාකරන්නවත් එපා (අ)
ඔය සෞදි අරාබිය. සමහර මැද පෙරදිග රටවල ඔහොම කළොත් අපේ රටේ සමහර කාන්තාවන් පෝලිමේ තියල ගල් ගහන්න වෙන්නේ. (අ)
ඔය හැම දේකින්ම නැවත නැවත ඔප්පු වෙන්නේ අපේ තානාපති අංශවල අකාර්‍යක්ෂමතාව.. (ම)
ජයවික්‍රම ඇයි තමුන්ගේ භාර්යාව සම්බන්ධ ප්‍රශ්ණයක්ද? එයට විසඳුම මරණ දඬුවම නෙවේ. දික්කසාද වීමයි. (ම)
මර දැනුමක්නේ මේගොල්ලන්ට තියෙන්නේ, ඒ කාන්තාව වැරැද්ද පිළිගත්තා නම් මොකටද සාක්ෂි (අ)
රටක් විදියට අඩුම තරමින් ඔයවගේ දඬුවම් දෙන රටවවල වත් ගෘහ සේවයට යන එක නතර කරන්න බැරි ඇයි අපිට? ඒත් දැනට අපි කරුණාකර ගුණදොස් විවේචන පසුවට තියාගෙන හැමෝම ඉක්මනින් මේ සහෝදරිය බේරාගන්න උදවුවෙමු (නි)
මේ වගේ කාලකන්නි රටවලට ගැහැණු යවන එක නතරකරන්න ඕන. ගැහැණියට පමණක් මරණ දඩුවම, පිරිමියාට කස පහර. වෙනත් මුස්ලිම් රටවලුත් තියෙනවා, මෙච්චර කස පහර ගහන්නෙත් නැහැ, දඩුවම් අමානුෂිකත් නැහැ. මැලේසියා වගේ රටවල ගැහැනුන්ට කස පහර දෙන්නේ ද හෙමින් ය. (ස)
ලංකාවේ මේ නීතිය තිබුනානම්! කිසිම දුම්රිය මගක, ගල් කැටයක් තිබිය නොහැක,ඒ සියල්ල මරණ දඩුවම දෙන පිටියේ දැකිය හැක. (ස)
මේක අපරාධ නඩුවක් නෙමේ. දෙපාර්ශවයේම කැමැත්ත අැතිනම් වයසත් සම්පූර්ණනම් සබඳතා පැවැත්වීමට බලපෑම් කරන්න බෑ සාධාරණ නීතියක නම්. (ස)
ශාන් මහත්තය ,සෞදිය ඉතාමත්ම යහපත් රාජ්‍යයක්ද? නිතියත් හරියටම ක්‍රියාත්මක වෙනවද? මමත් 80 දසකයේ ඔය ඉතාමත්ම හොඳයි කියන සෞදියේ පිරිසිදු කිරීම් සමාගමක සේවය කලා. මම නම් ඔය කියන හොඳට වඩා වැඩියෙන් දැක්කේ අමනකම. සෞදියේ ඉතාමත් හොඳ අයත් සිටිනවා. ඔය වරදට නම් දඬුවම් දිය යුතුයි. එහෙත් මරණය නොවේ. ඔය සෞදි කාමුකයන් අතින් කෙලෙසෙන අපේ කතුන්ට කෙතරම් ලිංගික හිංසා වෙනවද? (ස)
නිමල් කියන එක හරි. ශාන, මමත් අවුරුදු 3ක් සෞදියේ හිටියා. සෞදියේ මොනවද නැත්තේ? හැම දුරාචාරයක්ම තිබෙනවා. අනික අනාචාරයේ හැසිරීම ලංකාවේ දික්කසාදයට නිමිත්තක් මිස දඬුවමක් දෙන්නේ නැහැ. (නි)
මේ සියලුම නීති අපේ ලාංකිකයන්ට පමණි. අපේ රට හිතාගන ඉන්නේ සෞදි රජය තමා නියම නීතිය පිළිපදින රට කියලා (නි)
ඔබ පළමු ගල ගහල පෙන්නන්න. (ස)
එතකොට එහෙ එක පිරිමියට ගැහැනු හතරක් එක්ක ඉන්න පුළුවන්. ඒක සදාචාරයද. පොතේ නීතියට වඩා මොලේ පාවිච්චි කරන්න නොදන්නා මිනිස්සු ඉන්න රටක අපේ මිනිස්සු අසරණ වෙලා. (ස)
මේ කතාකරන ඔක්කොම මහත්වරු සිල් අරගෙන වගේ. ගැහැණු කෙනා අතින් විතරද ඔය වැරැද්ද වෙලා තියෙන්නේ? තනි අතින් අත්පුඩි ගහන්න බැරි බව ඔය මහත්වරු දන්නෙම නැද්ද? (නි)
රටේ කාන්තාවන් පිටරට වහල් සේවයට යවලා ඇමැතවරු නඩත්තු කරන රටක් ලංකාව.මේ පාලකයන් ඉන්න කම් මේ ව්‍යසනය ඉවර වෙන්නේ නැහැ. අඩුම තරමේ පිරිමින්ට යුතුකමක් තියෙනවා තමන්ගේ බිරියව රටපටවන්නේ නැතිව ඉන්න. (අ)
හැබැයි ඉතින් දඬුවම දෙපාර්ශවයටම එක හා සමාන වෙන්නත් ඕනෑ. අපිට එක එක රටවල තියෙන නීති වෙනස් කරන්න බැහැ. අපි ඒ රටකට ගියාම ඒ රටේ නීතිය අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕනෑ. (නි)
හම්බ කරන්න රට ගියානම් තමන්ගේ දුදරුවන් ගෙන හිතල ගිය වැඩේ කරගෙන එන්න ඕනේ.අනික රටවල් වලට බැනල වැඩක් නැහැ,එහෙ නීතියක් තියෙනා ක්‍රියාත්මක වෙන්න.අපේ රටේ නීතියක් නැති හින්ද කොච්චර වැරදි වෙනවද???(ම)