කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ දී 2013දී අතුරුදන් වූ සුදු කැස්බෑවාගේ සිරුරේ කොටස් දික්වැල්ල අතහැර දමා තිබූ ළිඳකින් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම කොටස් ගොඩගත් අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල ජනප්‍රිය කිමිඳුම්කරුවකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය සමත්විය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කැස්බෑවා සොරකම් කිරීමට ප්‍රාදේශිය දේශපාලනඥයකු සම්බන්ධ බවට අනාවරණය කරගෙන ඇති බවත් ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවත් පොලිසිය කියයි.