කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබ්‍රේවිගේ නිවසට මීට මොහොතකට පෙර විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ ඔහු අත්අඩංගුට ගත්තේය.පොලිසියට මුලින්ම පැමිණිලි කළ පුද්ගලයාද ඒ සමඟම අත්අඩංගුවට ගනිණි.
පසුගිය වසරේ දෙසැම්බර 15 වැනිදා රාත්‍රියේ තමන්ගේ සුදු කැස්බෑවකු සොරාගෙන ඇති බවත් සතාගේ වටිනාකම කෝටී පහක් පමණ වන බවත් ඔහුගේ පැමිණිල්ලේ සඳහන් විය.
පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කිරීම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව බව පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක සතුන් මරනවට දැඩි දඩුවම දෙන්න ඕනෑ . ඔය විදියට රටේ කොයි තරම් අහිංසක සතුන්ට හිංසා කරනවා ඇද්ද? ඒ දේවලුත් හොයනවනම් හොදයි. (ත)
කෙනෙකුට විපතක් උනහම සතුටු වෙන්න හොද නැහැ.ඒත් මේ චන්ද්‍රසිරී මේ ප්‍රශ්නය ගොඩාක් දුර ගෙනිහින් පොලීසියෙත් ,අමල්ගෙත් වෙනත් අයගෙත් කාලය මුදල් ගොඩාක් නාස්ති කලා.මීට වඩා හිමින් පොලීසිය සමග මේ දේවල් සොයල බලන්න තිබුන.ජාතික සම්පතක් වෙන අපේ රටේ දිවියන් අලියන් හැමදාම මිය යනව.ඒසතුන් ගැන මේ තරම් කතා කරන්නෙ නැහැ.කොහොම උනත් අපරාදේ මේ වෙනුවෙන් මිනිසුන්ගෙ ශ්‍රමය අපතේ ඇරියෙ.කොහොම උනත් හැමකෙනෙකුටම මේක ආධර්ෂයක් බොරු නොකරන්නත් දැහැමින් ජීවත් වෙන්නත්. (දී)
මේ අහිංසක සතුන් බිල්ලට දීල මුදල් උපයන එක නතර කරොත් හොදයි (දී)
හොද වැඩක් (දී)
හොදම නළුවා වෙන්න මේ අවුරුද්දෙ රගපාන සියළුම දෙනා තම ආසාව අතහැරගන්න. 2014 හොදම රගපෑමටහිමි සම්මානය කොස්ගොඩ ආබෘට.(නදී)
කැස්බෑවෙකුට මේ තරම් ආන්දෝලනයක් කරන්න පුලුවන්නම් විරුද්ධ පක්ෂයක ට මොනවා කරන්න බැරිද? ඒ උනත් මර නින්දේ.(අ)
දැන් පොලිසියකට පැමිණිල්ලක් කරන්න කලින් හොදට කල්පනා කරන්න වෙනවා . (අ)
චන්ද්‍රසිරි කොහොමද දෙසැම්බර් 16 රඟපෑම (දිල්)
මේක ඇත්ත නම් , මොහුට දඬුවම් දෙන අතරතුර මේ පුවත ගැන දැනගන්න මේ වෙනුවෙන් තම කාලය ගතකල සියලු දෙනාගේ ශ්‍රම ශක්තියේ වටිනාකමත් මොහුගෙන් අයකළ යුතුවේ. (දිල්)
මේකත් හරියට සමුර්දි නිලධාරියා ගස් බැඳගත්තා වගේ තමයි, දින 31ක හොඳ නාඩගම...(අ)
ඇන්දවිල්ලක් කරලා තියෙන්නේ.(අ)
අනේ ඇත්තට මේ මනුස්සය කරගත් මෝඩ වැඩක්.ලොකු දරුමල්ලො හිටියදි,ඕන තරම් මුදල් තියෙද්දිත් සමාජයෙ ගරු සරු ලබද්දි ඇයි මේ මනුස්සයට නොතේරුනෙ මේවගේ බොරු හොද නැහැ කියල.දැන් කොහොමද සමාජයට මුහුණ දෙන්නෙ.රජෙක් වගේ ඉදල ජීප් එකට නගිනව.දැන් හිතෙනව මේ දෙය ප්‍රසිද්ද කල එක හොදයි කියල.මොකද කැස්බෑව හින්ද මිනිසුන්ට ලොකු පණිවිඩයක් ලැබුන හොරු බොරු නොකර දෙයක් කරන්න කලින් එහි ඇති බැරෑරුම් කම හිතන්න.අර නයි නලගන හා සමාන දෙයක් මේකත්.කොහොම උනත් අමල් පෙරේර ගොඩක් සතුටු වෙනව ඇති නරක නාමෙන් ගැලවුන හින්ද.අවසානෙ අමල් තවත් හිත් උනා වගේම කැස්බෑව ගැන සිංදුවකුත් කරාවි (අ)
නීති විරෝධී සියලුම සත්ව මධ්‍යස්ථාන වස දැමිය යුතුයි. සත්තු අල්ලාගෙන සුරැකීම් ස්ථාන දාගෙන සල්ලිත් හම්බකරනවා, බොරුත් කරනවා (අ)
තමුන් සතු වස්තුවක් තමුන්ම සොරාගෙන අනුන්ට හොර නාමය ගෙන ඒමෙන් සිදුවෙන වැරැද්ද රටේ නීතියේ තත්වය ඉදිරියට බලාගන්න හැකිවේවි (අ)
අමල් ඔබ හොද මනුස්සයෙක් ඔබට තවත් දිරිය ලැබේවා .(අ)
පියඹා ගිය කැස්බෑවා නැවත දිවයිනට.. (අ)
අනුන්ට කැපුවලේ තමුන් වැටෙනවා කියල නොහිතා කල වැඩක්. (අ)
කැස්බා ආයතනය රජයට පවරා ගන්න .(අ)
අමල්ට ගල් පිට මල් නේද අමල්.(නදී)
අමල්ට නොමිලේම හොඳ පිලිගැනීමක් ලැබුනා. (නදී)
කාව විස්වාස කරන්නද ? (අ)
කව්රු උනත් තක්කඩි වැඩ කරන එක වැරදියි නේද? (අ)
හරි දැන් කැස්බෑ නාට්ටිය ඉවරයි. රටේ ප්‍රශ්න වෙන පැත්තකට හරවන්න පෙන්නන ඊළඟ නාට්ටිය මොකක්ද බලමු. (අ)
සත්තුන්ට තියන වටිනාකම අපගේ මනුෂ්සයින්ට නැත (අ)
අනේ අමල් පෙරේරා කොටි තුනකට ඉල්ලන්න ඇත්තේ මුහුදට මුදා හරින්න වෙන්න ඇති .අපි නොදන්නා චෙස් (අ)
සුදු කැස්බෑවුන් අපල හොද කරන්න ගන්නවා කියු මොහුටම කැස්බෑවා අපලයක් වුනා නේද? (නදී)
චක්කරේ අන්න අනික් පැත්තට කැරකෙනවා! (දී)
කොහොම කොහොම හරි ඒ කැස්බෑව ඉවරයි (දී)