සුදු කැස්බෑවකු සොරා ගත්තැයි අසත්‍ය පැමිණිල්ලක් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කොස්ගොඩ සුදු කැස්බෑ හිමිකරු චන්ද්‍රසිරි ආබෘ රුපියල් 15000 මුදල් ඇප දෙකක් හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.
ඔහුගේ සේවක දමින්ද නාමල් කුමාරට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම විය.
කැස්බෑ හිමිකරුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස මහේස්ත්‍රාත් නියම කළේය.
වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත කඩ කළැයි ඔහුට විරුද්ධව තවත් චෝදනාවක් ඔහුට ඉදිරිපත් විය. එම චෝදනාවට දෙදෙනාටම රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප නියම විය.
පෙබරවාරි 19 වැනි දා නැවත නඩුව කැඳවීමට නියමිතය.
(වීඩියෝ - දීපාල් සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘තණ්හාය ජායතී සෝකෝ‘ කියලා හාමුදුරුවො දේශනා කළේ. බුදු බණ බොරු නෙවෙයි (දිල්)
මම හිතුවා ඇපත් නැතිවේවි කියල (දී)
තමන්ගේ පාඩුවේ කරන රස්සාවක් කොරගෙන ඉන්නේ නැතුව ඉල්ලන් කනවා කියන්නේ මේවාට තමා (දී)
හොරෙන් වංචාකාරයෙක් කියලා ඉදිරිපත් වුනා නම් එන මැතිවරනයට ඉදිරිපත් වෙන්න පුලුවන්.(නදී)
මේ අහිංසක සතුන්ව ඒ අය අයිති ස්වභාවික පරිසරයට මුදාහරින්න... (දී)
සුදු හෝ කළු කෙසේවෙතත් කැස්බෑවන් ලග තබාගැනීමේ වරදට දඩුවම සහ එම සතුන්ට අයිති පරිසරයෙන් බැහැරව වෙන්කිරීම ඇතුළු තවත් විවිද වැරදිකළ මොහුට ප්‍රමාණවත් දඩුවමක් දිය යුතුයි.(නදී)
හොද වැඩේ අමල් ට කරපු අපහාසයට ! (අ)
අර අමල් දේ සිල්වා ඉල්ලුව වෙලාවේ දීල කොටි 3 ක් ගත්තා නම් වැඩේ ගොඩනේ දැන් කොහොමද (අ)
තන්හාව නිසා සිද්දවෙච්ච දේ . සුද්දන්ගේ ඩොලර් බල බලා හිටියානම් මොකද ? (ත)