කොස්ගොඩ හිද්දොරුව කැස්බෑ මධ්‍යස්ථානයේ අයිතිකරු චන්ද්‍රසිරි ආබෘ කැස්බෑවකු නැති වීම ගැන පොලීසියට අසත්‍ය පැමිණිල්ලක් කැර අත්දැයි පරීක්ෂණ පවත්වන බවත් ඔහු අසත්‍ය පැමිණිල්ලක් කැර ඇති බව හෙළි වුහොත් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
අබෘගේ දියණියගේ අම්බලන්ගොඩ නිවසට දින තුනකට වරක් මුහුදු වතුර රැගෙන යන බවට ලද තොරතුරක් මත එම ගෙදරින් සුදු කැස්බෑවකු සොයාගත් බවත් පොලීසිය කියයි.
එහෙත් ආබෘගේ පැමිණිල්ල අනුව අතුරුදන්වු බව කියන කැස්බෑවාගේ බර කිලෝ නවයහමාරකි.
දුවගේ ගෙදරින් සොයාගත් කැස්බෑවගේ බර කිලෝ පහ හමාරක් බවත් තමා මිලදී ගැනීමට පැමිණියේ මෙම කැස්බෑවා බවත් ගායන ශිල්පී අමල් පෙරේරා හදුනාගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
මේ කරුණු පැහැදිලි කැර ගැනීමට ආබෘගෙන් ප්‍රකාශයක් ගත යුතුව ඇති නමුත් ඔහු රෝහල් ගත කැර ඇති බව ඥාතීන් පවසා ඇතැයි මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේක ප්‍රශ්නයක් තමයි (දිල්)
දැන් අහන බලන ප්‍රශ්න වලින් අපේ ඔලුව නරක් වෙනවා. හැම තැනම රග පෑම කලේ වරදක්ද දන්නේ නැහැ. මොන ප්‍රශ්නයක් වත් ඉවර නැහැ. (නදී)
ඇත්තටම මේ රටේ මිනිසුන්ට වෙන වැඩ නැද්ද මේ අහිංසක සත්තු අල්ලාගෙනඉන්නේ රට දියුණු කරන්න නම් ඕනි තරම් දේවල් තියෙනවා (දිල්)
වණ ජීවී එකකට පවර ගත යුතු අතර වැරදි කරුවන්ට නිසි දඩුවන් දිය යුතුය (අ)
සංරක්සනය වනජීවී එකකට පවරගෙන වැරදි කරුවන්ට නිසි දඩුවන් ලබා දෙන්න ඕනේ (දී)
අබලන්ගොඩ පොලිසියේ මහත්වරුන්ට පුළුවන්නේ රෝහලට ගිහින් අබ්රූ මහත්මයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්න??(දිල්)
අන්ඩර දෙමළ කතාවක් වගේ.(නදී)
දැන්වත් ඔය කැස්බැ පිස්සුව ඉවර කරමු.(නදී)
කැස්බෑවන් ඇතිකිරීම තහනම් කලයුතුයි.(නදී).
දැන් ලංකාවේ ගෙවල්වල කැස්බෑවෝ ඇති කරන්න පුලුවන්ද? මේ සත්තුන්ව ගෙවල්වල හොරට තියාගෙන ඉන්න පුද්ගලයන්ට නඩු දාන්නේ නැද්ද?(නදී)
අයියෝ මේක තනිකරම බොරුවක්. දැඩි දඩුවම් දෙන්න ඕන ආය බොරු නොකරන්න.(නදී)
කැස්බෑවට කන්න දීල නැතුව ඇති බර අඩුවෙන්න හේතුව ඒකනේ.. අනේ පව් අහිංසක සතා .. එහෙම නැත්නම් කැස්බෑව උපවාසේ යෙදුනවත්ද? (නදී)
අමල් පෙරේරා බලලා අඳුනා ගත්තට එක උසාවියේදී ගණන් ගන්න එකක් නැහැ. කස්බැවෙක් එහෙම ඇහෙන් බලල ඌමද කියල කියන්න බැහැ. එවැනි සාක්කියකින් හිමිකරුට දඬුවම් දෙන්න බැහැ. (නදී)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තය කියනවා (දී)
සුදු ඉබ්බෙක් හෙමින් එවිල්ල හදෙ ලැගුම් අයැදියි (දී)
මම කලිනුත් කිවේ ,මේක නම් බොන්න ඕන ප්‍රශ්නයක් කියලා. මෙතන කවුරු බොරු කියනවද හිතා ගන්න බෑ. (නදී)