කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ සුදු කැස්බෑවකු නැතී වි යැයි කියන සිද්ධිය ගැන පොලීසිය දොළොස් දෙනකුගෙන් කට උත්තර ලියාගෙන ඇත.
පරීක්ෂණ සියල්ල අවසන් බවත් පරීක්ෂණ මෙහෙයවන මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ කාර්යාල ආරංචි කියයි.
මෙම මධ්‍යස්ථානයේ සුදු කැස්බෑවුන් පස් දෙනකු සිටි බවද එක් කැස්බෑවකු මියගොස් ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත.මේ අනුව තවත් සුදු කැස්බෑවන් හතර දෙනකු එහි සිටින බව පොලීසිය පවසයි.
මධ්‍යාස්ථානය හිමි චන්ද්‍රසිරි ආබ්‍රේව් පවසනුයේ නැති වු කැස්බෑවා සොයා දේවාල කෝවිල් වලට යාමට සිදු වී ඇති බවයි.
ඔහු අද පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් පැවසුයේ එම කැස්බෑවා නැති වීම ගැන කැස්බෑවා තමාගෙන් මිලට ගැනීමට ඉල්ලු කිසිවකු සැකයට ලක් නොකරන බවයි.
එහෙත් ඔවුන් නිදොස් නොකරන බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්. පොලිසිය හරි ඉක්මනට මේක විසදලා නේ? එතකොට මරුන එකා හොයා ගත්තද. පොලිසිය කොහොමද කියන්නේ මරුන කියල කිසිම සාක්කියක් නැතුව? බලන් ගිහාම අපිටනේ පිස්සු. (දී)
සිංහලත් දැන් තෙරෙනේ නැ වගේන (අ).
නැතිවූ සතුන් පමණක් නොවෙයි නැතිවූ මිනිසුන් පවා හොයන්න මිනිස්සු යන්නේ දේවාල හා කෝවිල් වලට. මේ දේවාලවලින් නැතිවූ දෙවිවරු ගැන හොයන්න වෙන්නෙත් අන්තිමට පොලිසියටමයි.(දිල්)
කටුගේ පුරාවස්තු සොර කම නම්වූ දීර්ග ටෙලිනාට්‍යය තවම විකසනය වේ .සුදු කැස්බෑ සොරකම නම්වූ කෙටි නාට්‍යය අදින අවසන් වේ .නරැබූ ඔබ සැමට ස්තුතියි (අ)
මට මේකෙ මුලක් මැදක් අගක් මොකුත් තේරෙන්නේ නැහැ. පැහැදිලි කරලා ලිපියක් දානවද සම්පූර්ණ විස්තරේ දාලා. (දී)
''කිසිවෙකු සැකයට ලක්නොකරමි නමුත් නිදොස් නොකරමි'' සමාවෙන්න ආබ්රූ මහත්තයෝ මට මේ සිංහල ටිකක් පැහැදිලි කරලා දෙන්න.(දී)
අනේ අනේ (දී)