කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබෘ මහතා අද සවස ප්‍රකාශයක් සටහන් කරගැනිම සඳහා අම්බලන්ගොඩ පොලීසියට කැඳවු බවත් ඔහුගේ ප්‍රකාශය අද රාත්‍රී 7.45 වන විටත් සටහන් කරමින් සිටින බව පොලීසිය කියයි.
නැති වු බව කියන සුදු කැස්බෑවා සම්බන්ධයෙන් මතු වී ඇති පරස්පර විරෝධී තොරතුරු පිළිබ‍්ඳ පොලීසිය ඔහුගෙන් කරුණු වමසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට මෙයාල බොරුවක් කලා කියල ඔප්පු වුනොත් මෙයාලට ලොකු දඩයක් පානවන්න ඕන පොලිසියේ කාලය නාස්ති කලාට. මොකද නාස්ති වුනේ රජයේ(මහජන) මුදල් (අ)
ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැත. ඇත්තේ කැස්බෑවෙකු පිලිබඳ මහා බරපතල ප්‍රශ්නයක් පමණි. පොලිසියටද මේ දිනවල කරන්න දෙයක් නැත. ඒනිසා කැස්බෑවෙකු පිටුපස දුවන්න සලසා ඇත්තෙමු. (අ)
නිදහසේ ඉන්න ඕන සතුන් කූඩු කරන එක නීතියෙනුත් වැරදි වගේම ස්වභාව ධර්මයේ නීතියෙනුත් බරපතල වරදක් මෙයාලට ස්වභාව ධර්මයේ දඬුම නම් අනිවාර්යෙන්ම ලැබේවි.(දිල්)
බුද්ධි, කැස්බෑවගෙන් ඇහුවොත් කියාවි "සත්තුවත්තට නම් මාව දෙන්න එපා අනේ මට නම් බඩ ගින්නේ ඉන්න බෑ,වෙන ඕනේ දඩුවමක් දෙන්න " කියල.(අ)
බුදු අම්බෝ සත්ව උද්‍යානෙට දෙනවට වැඩිය හොදයි වහ ටික්කක් දෙන එක සත්ව උද්‍යානෙ සතුන්ට කන්න නෑ බොන්න නෑ (දී)
බුද්ධිගේ අදහස අනුමත කරමි.ශ්‍රී ලංකාවේ නීතිය අනුව වැරදි කල අයට තරාතිරම නොබලා දඬුවම් කල යුතුයි . දේශබන්දු මහතා ට සහ පොලිසියේ අවංක සියලු දෙනාට ජර්මනියේ සිට මගේ ප්‍රණාමය. (දී)
දැන් කවුද හොරා ; කවුද නිවැරදියි (දී)
කැස්බෑව ඌමද කියා හඳුනා ගත හැකි එකම ක්‍රමය උගේ සමීප ඡයාරූපයක් තිබේනම් පමණි. ඊට අමතරව කලින් හිටි එකාගේ ඇඟේ යම් කොටසක් තිබේ නම් ජාන පරීක්ෂාවකින් කල හැකියි.(නදී)
දුරකතනයේ දත්ත වහාම පරික්සා කරන්න.(නදී)
වන ජීවී පනත අනුව කැස්බෑවන් ගෙවල් වල ඇති කිරීම සම්පුර්ණයෙන් තහනම්. මේ කැස්බෑවන් ගෙවල් වල ඇති කල පුද්ගලයන්ට නීතිමය දඩුවම් දෙන්න. මේ අහිංසක සතුන්ව මුහුදට මුදාහරින්න එසේ නැතිනම් ජාතික සත්ව උද්‍යානයට භාර දෙන්න.(නදී)