කොල්ලුපිටිය කැරොකේ සමාජ ශාලාවකදී පසුගිය දිනක බීමත්ව හැසිරුණු බව කියන නියෝජ්‍ය පොලිස්පති ජාතික පොලිස් කොමිසම හමුවට කැඳවා තිබුණි.
ඔහු පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතාට සිද්ධිය පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇති බව කොමිසමේ ආරංචි කියයි.
පොලිස් කොමිසමට අමතරව පොලිස්පති නියමයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙක්ද පරීක්ෂණ සඳහා පත්කොට ඇත.
සමාජ ශාලාවේ දී ඔහු මෛක්‍රෆෝනය බලෙන් රැගෙන එහි වාදනය වූ ගීතය ගයමින් නටමින් සිටියදී කිහිප අවස්ථාවකදී බිම ඇද වැටී ඇති බවත් සමාජ ශාලා සේවකයින් සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඔහු විශ්‍රාම ගෙස් සිට නැවත සේවයේ පිහිටවූ අයකු බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම මොකද්ද දන්නෙ නැහැ මෙයාගේ? (නි)
සුරේෂ් , ඇත්තම තමයි , මෙයා කල වැරැද්දට සමාන දෙයක් තමයි අර සරසවි සිසුන් බීමතින් නිරැවතින් නුවර පැත්තේ ගඟක ප්‍රසිද්ධියේ පිස්සු නටපු එක. (රේ)
කොහොමත් සවස හයෙන් පසුව ලංකාවේ සමහර පොලිස් ස්ථානවල පොලිස් ලොක්කන් සහ සමහර ගෝලබාලයන් මහජනයා සේවාවන් ලබා ගන්ට එන අවස්ථාවල ඔවුන් හැසිරෙන සහ කතා බහ කරන ආකාරය ගැන පොලිස් කොමිසම සොයා බැලුවොත් හොඳයි පොලිසියේ හොඳ නම රැක ගන්ට ඕනේ නම්.(රේ)
අනේ මෙහෙමත් අය? (ම)
තමන් කවුද කියලා අමතකවෙන උදවියට මේවා හොඳ පාඩම්. (නි)
ලංකාවේ පොලිසිය සහ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් කිසිසේත් අනුමත කළ නොහැක (නි)
දැන්නම් ශ්‍රී ලංකාවට මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න බැහැ (නි)
අපි දන්නවා කව්ද කියල. කිරිල්ලියෙක් ගැන සින්දු කියන ගයකයනේ මෙයා(ම)
මෙතුමාට අඩුමගානේ තමන්ගේ නිලය ගැනවත් හිතන්න තිබුණනේ (නි)
මේ අර මගේ කිරිල්ලි කියන එක්කෙනා නෙමේ නේද? (ම)
අනේ මෙහෙමත් රටක්! පොලිස් ලොක්කෝ විනෝද වෙනවා. අහිංසක තරුණයන්ට ගුටි... (නි)
එතුමා පොඩ්ඩක් විනෝද වෙන්න යන්න ඇති (නි)
රාජකාරි වෙලාවෙන් පසුව නම් ඉතින් සමාවක් දෙමු නේද? (නි)
මේක පොලිස් කොමිසම වෙත පවරලා ඉන්නේ නැතුව පොලිස් ලොක්කා කල යුතුව තිබුණු වැඩක්. පෙහෙදිළිව තියනවා ආයතන සංග්‍රහයේ රාජකාරි වේලාවෙන් පිටතදී උනත් හැසිරෙන්න ඕනේ අන්දම. අයි .ජී.පී ගෙන් කරුණු විමසන්න....(රේ)
අනුන්ට කරදරයක් උනේ නැත්නම් අවුලක් නැහැ. ඒ අයත් මිනිස්සුනේ......(රේ)
පොලිසියේ ලොක්කන්ගේ විතරක් නොවෙයි, පොඩ්ඩන්ගේත් ඔලු ටික පිරිසිදු කරන්න ඕනෑ. (නි)
රාජ්‍ය සේවකයන්ට දවසේ පැය 24 ම රාජකාරි ලෙසයි සලකන්නේ. ඔහු වැඩකරන ස්ථානය සහ නැවතී සිටින ස්ථානයෙන් පිටවීමට අවසර ගත යුතුයි නේද? පරිපාලන පොතේ එහෙමයි (ම)
උසස් තැන්වලට මේවගේ මෝඩයින්ව පත්කළේ දේශපාලන සපෝර්ට් එකෙන්නේ,මේවගේ මෝඩයන්ට එතුමා,මෙතුමා,කියල අමතන අයට ඉස්සරවෙලා ගහන්න ඕනේ මඩු වලිගෙන්. (බ)
සුරේෂ් මේක වැරද්දක් තමයි නමුත් මතක නැද්ද සරසවි සිසුන් පිරිසකුත් සමග සිසුවියකුත් නිරුවතින් ප්‍රසිද්ධ ගංගාවක නාලා ප්‍රදේශ වාසින් විසින් අල්ල ගත්තා. ඒ නිසා තරුණ පරම්පරාව මාර්ගපල ලැබූ ඇත්තන් විදියට කතා කරන්න එපා. හැමෝගෙම අඩු වැඩි ලෙස වැරදි ඇත. ..(රේ)
කොහොමත් පොලිසියේ අයට " කොන්දක් " නැහැනේ කෙලින් ඉන්න. (බ)
හොරාගේ අම්මගෙන් පේන අහන එක ලංකාවේ සිරිතක්ද මන්ද...(රේ)
නියෝජ්‍ය පොලිස්පති වරයෙකු සම්බන්ධව පරීක්ෂණ පවත්වන්නේ සහකාර පොලිස් අධිකාරී වරයෙක් නම් මාර වැඩක්නේ වෙන්නේ . උඩින් හිස් වෙනකොට යටින් උඩ යන්නට පුළුවන් නිසා අනිවාර්යෙන්ම වැරදි කාරයා බවට පත් වේවි චන්ද්‍ර (රේ)
ඇයි මෙයාගේ නම දන්නා බයද (රේ)