තංගල්ල ‘නේචර්‘ හෝටලයේ දී මරා දැමුණු බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා විත්තියේ නීතීඥවරුන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ නඩුවේ සැකකරුවන් තමා කෙළෙසා ඇති බවයි.
ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය,තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විදාන පතිරණ,ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග,එම් සරත් හෙවත් සහන්,හා ප්‍රගීත් චතුරංග සැකකරුවෝය.
2011 නත්තල් දා හෝටලයේ වූ සිද්ධිය තමාට මතක යැයි ඕ කීවාය. ඇය මෙසේ ද පැවසුවාය.
‘මම පොලිසයට මහේස්ත්‍රාත්ට හා අධිකරණ වෛද්‍ය නිලධාරියාට ප්‍රකාශ දුන්නා. ඒ අවස්ථාවේ මා සිටියේ බියෙන්. තැතිගත් ස්වරූපයෙන්. එදා ඒ සිද්ධිය නිසා මට ඉක්මණටම රුසියාවට යන්නට ඕනෑ වුණා. ඒ මගේ ආරක්ෂාව පතා. ශ්‍රී ලංකාවේ හිටියොත් මගේ ජීවිතේ අනතුරට පත් විය හැකි බව මට හිතුණා. මගේ පෙම්වතාත් මරා දැමුණා.
පොලිසියට හා මහේස්ත්‍රාත්ට කළ ප්‍රකාශ වල අඩුපාඩු තිබේනම් ඒ අමතක වීමක් විය හැකියි.
මා රෝහලේ ඇඳේ සිට පොලිසියට කටඋත්තරයක් දුන්නේ මගේ ඇස් බැඳ තිබූ අවස්ථාවක. ප්‍රකාශ ලියා ගත්තේ කවුදැයි මා දන්නේ නෑ.මගේ ප්‍රකාශය ලියා ගත්තේ මට සැත්කමක් කර තිබිය දී. ‘
ඇගේ ප්‍රකාශවල හා කටඋත්තරයේ පරස්පර තැන් කිහිපයක් විත්තියේ නීතීඥවරු පෙන්වා දුන්හ.
හරස් ප්‍රශ්න ඇසීම අවසන් විය. වැඩිදුර විභාගය මාර්තු 31ට කල් තැබිණි.
ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, නින්දා ඉන්ද්‍රතිස්ස, යූ ආර් ද සිල්වා, සම්පත් හේවාපතිරණ හා හෙලණි සී ද සිල්වා යන නීතීඥවරු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් ඇයගේ නිර්භීතකමට මම ගරු කරනවා. (නි)
වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබේවි යැයි අපි බලාපොරොත්තු වෙමු. (නි)
පෙරකදෝරු ගැට, ජිල්මාල් දාලා මේ නඩුව වෙනතක හරවලා සැකකරුවන් නිදොස් කොට නිදහස් නොවුණොත්.... එහෙනම් පුදුමයක්. (නි)
කොහොම උනත් කවදා හරි සත්‍ය ජය ගනීවි (දී)
ප්‍රසාද් මල්ලි ලංකාවේද මේ දවස්වල ඉන්නේ (දී)
මේක මහා අසාධාරණයක් එක ගැන මුළු ලොවම අවදියෙන් (දී)
සාධාරණ නිතියක් කරුණාකර මැය වෙනුවෙන් ලබා දෙන්න (දී)
මේ අදහස් හැම එකකින්ම අපරාධය හෙළා දැක ඇති අතර සමහර අදහස් ඉතා හැඟුම්බරව ලියා තිබෙනවා. නමුත් මීට වඩා තියුණු ලෙස මේ ප්‍රශ්නය දිහා බලන්න. අපරාධකරුවා හංවඩු ගහනවට වඩා ඒවාට අනුග්‍රහය දක්වන්නන් දිහා බලන්න. කුඩුකාරයට වඩා කුඩු වලට අනුග්‍රහය දක්වන දේශපාලන සංස්කෘතිය දිහා බලන්න. (නි)
කෙසේ නමුත් මිනිමැරීමට සමාවක් දෙන්න පුලුවන්ද? (නි)
වරදකරුවන් තංගල්ලේ පැත්තෙ නම් කවුද කියන්නේ 'වරදකරුවන්' වේය කියලා? (නි)
මෙවන් වැඩ වලින් වෙන්නේ විදේෂිකයින් ලංකාවට එන්නේ නැති එකයි (දී)
මරණ දඬුවමෙන් මෙහා දඬුවමක්නම් මදි ඔන්න කිව ! (දී)
නමුත් ආරම්භයේ සිටම සාක්කි පරස්පර නොවීමයි වැදගත් වන්නේ. (නි)
පහත් වැඩ කරලා තව බේරෙන්නත් දඟලනවා. කොහොමත් සමහර මහා දේශපාලුවෝ ඔවුන්ව ගළවා ගන්නවා (නි)
කෙසේ හෝ නිදහස් වෙලා එනවා නම් අර සැඟවූ ආයුධ පෙන්වන කාර්යය ගැනවත් සිතාබැලිය යුතුයි කියා මම සිතනවා. (නි)
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්වරුන් ගැන නම් අපිට බොහොම කණගාටුයි. (නි)
මෙහි අගතියට පත් පාර්ශවය ඉතා ප්‍රභල වටපිටාවක නිසා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව මගේ හැඟීමයි. ලංකාවේ අහිංසක කාන්තාවකට වුණා නම් මේක මෙහෙම වේවිද? (නි)
මීට සම්බන්ධ සියලු වැරදිකරුවන්ට උපරිම දඬුවම් දිය යුතුය. ඔවුන් රටට කළ අවනම්බුව සියක් වසරකින්වත් මඟ හැරෙන්නේ නැත. (නි)
දැන් ඉතින් මොන වගේ දඬුවමක් දේවිද දන්නෙ නැහැ. (නි)
මීට සම්බන්ධ සියලු දෙනාට උපරිම දඬුවම් දිය යුතුය. (නි)
දුර්වල සාක්කි... ඇයට සිහි නැති වුණා කියන සාක්කියෙන් දුෂණය කළ අය හඳුනා ගෙන නැහැ යන්න හැඟෙනවා. පහර දුන්නා කියලා විතරයිනේ කියලා තියෙන්නේ. නමුත් විද්‍යාත්මක සාක්කි වලින් ඔප්පු කරන්න අවස්ථාව තිබෙනවා නේද? මේ මට හිතෙන දේ... (නි)
හෝටල් කළමනාකාරිත්වය හොඳින් ආගන්තුක සත්කාර කළා කියලා වික්ටෝරියා කියනවා. නමුත් ප්‍රාදේශීය සභාපතිගේ සත්කාර? හරිම අප්‍රසන්නයි. මිනිස්සුන්ට මොනවාද වෙලා තිබෙන්නේ?? මේ යුවතිය පවු. ඇය ඒ වෙලාවේ කොච්චර අසරණ වෙන්නට ඇද්ද? (නි)
විත්තිය වෙනුවෙන් පෙනි සිටින්නේ ලංකාවේ පලමු පෙලේ නීතිවේදියෝ. මෙයාලට ගෙවන්න සල්ලි කොහෙන්ද මේ අපරධකාරයන්ට. මේව පිටිපස්සෙ ඉන්නෙ කව්ද ? (නදී)
විත්තිකරුවන්ට නිසි දඬුවම් ලැබේවිද? අපි බලා සිටිමු. (නි)
දුෂණයට උපරිම දඩුවම එල්ලුම් ගහ තමයි. (නදී)
මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනෑ. මේ අය නිසා තමා අපිට මුලික අතිවාසිකම් පිලිබදව නඩු වලට පැටලෙන්න වෙන්නේ.(නදී)
නඩුවෙන් පසු මොහු නැවත දේශපාලනයට ගන්න අයත් ඇති! රටට අවශ්‍ය මෙවැනි අයද? මේ වාගේ අය නිසා ලොවම ඉදිරියේ අපේ රට හෑල්ලුවට පත් වෙනවා. අනේ ලංකා මාතා! (නි)
ලංකාවේ නීතිඥ වෘත්තිය ගැන කාලකන්ණි හැගීමක් මට දැනෙනවා. නීතිඥ වෘත්තිය කියන්නේ ඇත්ත බොරුව කරන එකටද? සල්ලි වලට තියන කෑදර කමට අම්මව වුනත් විකුණන අය මෙම වෘත්තියේද ඇති බව මෙම සිද්ධියෙන් මොනවට පැහැදිළි වේ. අවසානයේ දී මෙම නීතිඥ කණ්ඩයමට, එම රුසියානු කාන්තාව හා ඇයගේ ස්වාමි පුරුෂයා, ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිට සමූහ දූෂණයක් කල බවට ඔප්පු කරයිද දන්නේ නැහැ.(නදී)
මහා බ්‍රිතාන්‍යයේ තර්ජනයට මේ නඩුව අහනවා නේද? බ්‍රිතාන්‍යය මේ තර්ජනය නොකළා නම් මෙහෙම වෙයිද? බ්‍රිතාන්‍යය සතුටු කිරීමට සියලු දෙනාටම මරණ දඩුවම ලැබේවිද.(නදී)
මොන රටේ වුණත් කාන්තාවක් මෙලෙස දුෂණය කළ අයට දඩුවම් දිය යුතුයි . කාන්තා අයිතිය මේ රටේ කොහේද ? (ස)
මේ වගේ අපරාධ කාරයින්ට නිසි දඩුවම් දෙන්න ඕනි.නීතීය නිවැරදිව ක්‍රියා කළ යුතුයි(දිල්)
රටට කරන ලද අපකීර්තියත්,කරන ලද සාහසික ක්‍රියාවටත් එකතු කරන ලද දඬුවම ලෙස මිනිසෙකුට දිය හැකි උපරිම දඬුවම දිය යුතුයි. (නි)
මේ වරදකරුවන්ට ඉහළම දඬුවම් ලබා දිය යුතුය. සල්ලි බලයත්, දේශපාලන බලයත් යොදා සමහරවිට එළියට අවොත් ආපසු සිදු වන්නේත් මෙවැනිම දේවල්ය. මෙවැනි වැරදි කරනා අනෙක් අයටත් දැනෙන්නට දඬුවම් කරන්න. (නි)
කාන්තාවක් මේ විදිහට සමුහ දුෂණය කළා නම් එවැනි අපරාධකරුවන්ට සුදුසු දඬුවමක් ලංකාවේදී ලැබෙයිද? අපි බලා සිටිමු. (නි)
ප්‍රසාද් ගේ කතාව හරි. අනෙක් කරුණ , දුෂණයට ලක් වුන තරුණියගේ මානසික තත්වය හැමෝම සලකා බලන්න ඕනා. තරුණියව වට කරගෙන ඡායාරුප ගනිමින් ඒ අසරනියගෙන් ප්‍රකාශ ලබා ගන්නට උත්සාහ කරමින් හිරිහැර කරන්න හොඳ නැහැ. මේ වෙලාවේ අපි හිතන්න ඕන අපේ දුව, සහෝදරිය නැතිනම් යෙහෙළියට මෙහෙම විපතක් වුනා නම් කොහොමද කියලා.(නදී)
තනිවූ කාන්තාවක් ලෙස ඇය ඒ මොහොතේ කොපමණ අසරණ වන්නට ඇද්ද?(දිල්)
අනේ! මේ වරදකරුවන්ට දැඩි දඩුවම් දෙන්න (නි)
මේ බලන්න. අපට අමාරුම සෑම අවස්ථාවකදීම රුසියාව අපත් සමඟ සිටියා. මෙම රුසියානු තරුණියට විශාල අපරාධයක් වුණා. දේශපාලනය අමතක කර මැයට සාධාරණය ඉටු කරමු. වරදකරුවන්ට උපරිම දඩුවම් දෙමු (නි)
බලමු දඬුවම් ලැබෙයිද, නැත්නම් තව ටික දිනකින් අැප පිට නිදහස් වෙයිද කියලා (නි)
මම හිතන්නේ මේ ස්ත්‍රී දූෂකයන්ව ගොල්පේස් එකට ගෙනැල්ලා මැද පෙරදිග දෙන දඩුවම ලබා දී ගල් ගසා මරා දැමිය යුතුයි.(නදී)
අසාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන නීතිඥ මහත්වරුන් ගැන නම් බොහොම කණගාටුයි.අපේ රටේ දවස ගානේ වැරදිකරුවන් වැඩිවෙනවා. (නි)
නිසි සාධාරණ දඩුවම් දිය යුතුයි. (ස)
සමුහ දුෂණය සිංහල භාෂාවට අලුත් නමක්. (ස)
අරාබිකරයේ තනිවී අනේක දුක් විඳින අපේ කාන්තාවන් ලිංගික වධ හිංසා වලට පත් උනාමත් ඔය වගේ තමයි. සාක්කි දෙන්න හෝ උපකාර කරන්න කව්රුවත් නැතුවම කොච්චර අසරණ වෙනවද කියලා. මේ කතාව බලනකොට තේරෙනවා. (ස)
මේවත් අනෙක් ඒවා වගේ යට යයිද? ලංකාවේ හොඳ සහ නරක යන දෙකම තිබෙනවා. නමුත් අපිට පුලුවන් නම් ඒ වැරදි හදාගෙන රට දියුණු කරන්න, ඒක තමා හොඳම දෙය. පුලුවන් නම් වැරදිකාරයින්ට උපරිම දඬුවම් දෙන්න. අපි සියල්ලෝම එය අගය කරනවා. (නි)
අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර දඩුවම් දිය යුතුයි. (නි)
තමුන්ටත් ගමටත් රටටත් ලෝකයටත් නින්දා අපහාස කරන මෙවැනි දූෂීතයන්ට දිය හැකි උපරිම දඩුවම් දිය යුතුය. (ස)
ප්‍රසිද්ධියේ එල්ලන්න ඕන. (ස)
මොවුන්ට උපරිම දඬුවම් ලබා දෙන්න. (නි)
එල්ලුම් ගස ඉතාමත් අවශ්‍ය කාලක් මේක. ගසක් නෙමේ වනයක්ම ඕනෑ වෙනවා මේ අයට නියම දඩුවම් දුන්නේ නැත්නම්. (නි)
තරාතිරම මොකක් වුණත් අපරාධ කරුවන්ට දැඩි දඩුවම් දෙන්න ඕන. අපේ රටේ නමට නින්දා කරන අපරාධකාරයෝ. (ස)
ඒ කාන්තාවට මොනතරම් බයක් දැනෙන්න ඇද්ද ඒ වෙලාවේ, අනුන්ගේ රටක තනි වුණහම? (නි)