පුවත්පතක ආත්මය විශ්වාසවන්තභාවය හෙයින් තම පුවත්පතේ කීර්තිය පළුදු වන ආකාරයෙන් සන්ඬේ ලීඩර් කතුවරිය කතාවක් ගොතා පළ කර ඇත්දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් බුවනෙක අලූවිහාරේ මහතා සුදු කොඩි නඩුවේ සාක්කි සම්පිණ්ඩන දේශනය අරඹමින් පැවැසීය.දීපාලි විජේසුන්දර (සභාපති) ඩබ්ලිව්. එම්. ටී. බී. වරාවාව හා එම්. එස්. රසීන් යන විනිසුරුවරුන්ගෙන් විශේෂ මහාධිකරණය සමන්විත වෙයි.හිටපු හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මේ නඩුව පවරා ඇත. ඔහු විසින් කැඳැවුණු සාක්කිකරුවන්ගේ සාක්කි ගැනද ඔහු කරුණු දැක්වීය. යුද්ධයේ අවසන් දිනවලදී සුදු කොඩි රැගෙන එන කොටි නායකයන්ට වෙඩි තබා මරන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දුන්නේ යැයි සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළවූ පුවතක් සම්බන්ධයෙන් මේ නඩුව පවරා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd