හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මහාධිකරණයේ විභාග වන සුදු කොඩි නඩුවේ තීන්දුව නොවැම්බර් 18 වැනි දා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය. යුද්ධයේ අවසන් දිනවල සුදු කොඩි රැගෙන බාරවීමට එන කොටි නායකයනට වෙඩි තබා මරා දමන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අණ කළැයි සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළවූ පුවතක් සම්බන්ධයෙන් පොන්සේකාට එරෙහි මේ නඩුව දීපාලි විජේසුන්දර මහාධිකරණ විනිසුරුවරිය ප‍්‍රමුඛ ත‍්‍රි පුද්ගල විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාග විය. විත්තියේ දේශනය අවසන් කළ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කීවේ තරු හතරේ ජනරාල්ගේ කතාව විශ්වාස කරනවා ද උසාවියට බොරු කී, උසාවිය නඩුවලට පැටැලී සිටින ප්‍රෙඞ්රිකා ජෑන්ස් කතෘගේ කථාව විශ්වාස කරන්නේ ද යන්න අධිකරණය හමුවේ ඇති එකම ප‍්‍රශ්නය බවයි. ‘ඉටු කොට කළ යුතු යුතුකම් - ලැබුණත් ලෝකෙන් ගැරැහුම් - ඉවසන්නට පුළුවන් නම් - නුඹයි මගේ පුතා උතුම්’ යනුවෙන් ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිම්යන් ලියූ කවියක් උපුටා දක්වමින් ඔහු සිය දේශනය අවසන් කෙළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සුදු කොඩි තීන්දුව නොවැම්බර් 18
ලිට්ල් ජොන් Tuesday, 18 October 2011 01:48 PM
ජෙනරල්තුමනි ජයවේවා!!!!
කෙවින් මියලාමු Tuesday, 18 October 2011 01:45 PM
මේ නඩුවේ විත්තිකරු සරත් ෆොන්සේකා මහත්තයා උනේ කොහොමද ? නඩුවේ විත්තිකරු වෙන්න ඕන ප්‍රෙඞ්රිකා ජෑන්ස්නේ. එයා ස්ඨීර කර ගන්නේ නැතිව එක එක්කෙනාගෙ අදහස් දැන්මට ජෙනරාල් පලිද ?
ජී බණ්ඩා Tuesday, 18 October 2011 01:46 PM
ඔබ අවංකයි එඩිතරයි නිරභීතයි ඔබට ජය නියතයි
SAm Tuesday, 18 October 2011 01:59 PM
ම් ම් කාගේ හරි උපන්දිනයක් තියෙනවා නේද එදාට
Prabath Tuesday, 18 October 2011 02:06 PM
ජනරාල් තුමනි ඔබේ සත්‍ය ජය ගනු නියතය
දර්ශන Tuesday, 18 October 2011 02:52 PM
මෙය දේශපාලන පලිගැනීමක් පමනයි..සරත් ෆොන්සේකා මහතා රටට කල සේවය පක්ෂ බේදයකින් තොරව සැමොම අගය කල යුතුයි..
සුපුන් Tuesday, 18 October 2011 03:43 PM
‘ඉටු කොට කළ යුතු යුතුකම් - ලැබුණත් ලෝකෙන් ගැරැහුම් - ඉවසන්නට පුළුවන් නම් - නුඹයි මගේ පුතා උතුම්‘ ජය වේවා!
L.G.P.Jathunarachchi Wednesday, 19 October 2011 08:35 AM
බොරුවට දීර්ඝායුෂ නැත
සරත් Wednesday, 19 October 2011 09:20 AM
සරත් පොන්සේකා ඔබට මගේ සුබ පැතුම්
ජානක පෙරේරා Wednesday, 19 October 2011 09:08 AM
ජනරාල් සිරගෙයින් නිදහස් කරන්නැයි මා ඉල්ලා සිටිනවා
නිමේෂා Wednesday, 19 October 2011 11:58 AM
අපේ වීරයාණනි ඔබට ජය වේවා
අබේරත්න Wednesday, 19 October 2011 12:45 PM
නඩුවේ තීන්දුව මත අදිකරණයේ විශ්වාසය හා පැවැත්ම රදාපවතිනු ඇත. සත්‍ය ජයගනී