හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මහාධිකරණයේ විභාග වන සුදු කොඩි නඩුවේ තීන්දුව නොවැම්බර් 18 වැනි දා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය. යුද්ධයේ අවසන් දිනවල සුදු කොඩි රැගෙන බාරවීමට එන කොටි නායකයනට වෙඩි තබා මරා දමන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අණ කළැයි සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළවූ පුවතක් සම්බන්ධයෙන් පොන්සේකාට එරෙහි මේ නඩුව දීපාලි විජේසුන්දර මහාධිකරණ විනිසුරුවරිය ප‍්‍රමුඛ ත‍්‍රි පුද්ගල විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාග විය. විත්තියේ දේශනය අවසන් කළ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කීවේ තරු හතරේ ජනරාල්ගේ කතාව විශ්වාස කරනවා ද උසාවියට බොරු කී, උසාවිය නඩුවලට පැටැලී සිටින ප්‍රෙඞ්රිකා ජෑන්ස් කතෘගේ කථාව විශ්වාස කරන්නේ ද යන්න අධිකරණය හමුවේ ඇති එකම ප‍්‍රශ්නය බවයි. ‘ඉටු කොට කළ යුතු යුතුකම් - ලැබුණත් ලෝකෙන් ගැරැහුම් - ඉවසන්නට පුළුවන් නම් - නුඹයි මගේ පුතා උතුම්’ යනුවෙන් ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිම්යන් ලියූ කවියක් උපුටා දක්වමින් ඔහු සිය දේශනය අවසන් කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙනරල්තුමනි ජයවේවා!!!!
මේ නඩුවේ විත්තිකරු සරත් ෆොන්සේකා මහත්තයා උනේ කොහොමද ? නඩුවේ විත්තිකරු වෙන්න ඕන ප්‍රෙඞ්රිකා ජෑන්ස්නේ. එයා ස්ඨීර කර ගන්නේ නැතිව එක එක්කෙනාගෙ අදහස් දැන්මට ජෙනරාල් පලිද ?
ඔබ අවංකයි එඩිතරයි නිරභීතයි ඔබට ජය නියතයි
ම් ම් කාගේ හරි උපන්දිනයක් තියෙනවා නේද එදාට
ජනරාල් තුමනි ඔබේ සත්‍ය ජය ගනු නියතය
මෙය දේශපාලන පලිගැනීමක් පමනයි..සරත් ෆොන්සේකා මහතා රටට කල සේවය පක්ෂ බේදයකින් තොරව සැමොම අගය කල යුතුයි..
‘ඉටු කොට කළ යුතු යුතුකම් - ලැබුණත් ලෝකෙන් ගැරැහුම් - ඉවසන්නට පුළුවන් නම් - නුඹයි මගේ පුතා උතුම්‘ ජය වේවා!
බොරුවට දීර්ඝායුෂ නැත
සරත් පොන්සේකා ඔබට මගේ සුබ පැතුම්
ජනරාල් සිරගෙයින් නිදහස් කරන්නැයි මා ඉල්ලා සිටිනවා
අපේ වීරයාණනි ඔබට ජය වේවා
නඩුවේ තීන්දුව මත අදිකරණයේ විශ්වාසය හා පැවැත්ම රදාපවතිනු ඇත. සත්‍ය ජයගනී