
(අංජුල මහික වීරරත්න)
රජයට පරිබාහිරව ඉතා ශක්තිමත් කාර්යක්ෂම ඉදිකිරීම් සමාගම් රැසක් බිහි වී තිබෙන බැවින් රජයේ ඉදිකිරීම් සමාගම් තවදුරටත් පවත්වාගෙන යා යුතුදැයි කල්පනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ආර්ථික සමුළුව අමතමින් පැවසීය.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට සූදානම් බව කී ජනාධිපතිවරයා සමහර ආයතන වසා දමන්නටත් සමහර ආයතන ඒකාබද්ධ කරන්නටත් ඇතැම් ආයතන වල විෂය පථය වෙනස් කරන්නටත් සිදු වෙනු ඇතැයි කීය.
එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා මේ දිනවල හඳුනා ගැනීම් කරමින් සිටින බව කී ජනාධිපතිවරයා එය අභියෝගාත්මක තීන්දුවක් බව දන්නා නමුත් කළ යුතුම ක්‍රියාවක් වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ යැයි පැවසීය.
මෙතෙක් ආයතන පවත්වාගෙන යාම සඳහා ගෙන ගිය පරිපාලනය අසාර්ථක මෙන්ම දූෂිත විනාශකාරී බව කී ජනාධිපතිවරයා එම නිසා බොහෝ ආයතන ප්‍රමාණයක් රාජ්‍ය අයවැයට බරක් වී තිබෙන බව සඳහන් කළේය.
පැරැණි කෝණයෙන් ආයතන දෙස බලන්නේ නැතිව ආයතන ව්‍යුහාත්මක වෙනසකට ලක් කරන්නට රජය සූදානම් යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි bro මෙතෙක් පැවැති රජයවල් හැමදාම කිව්වේ... ඒත් ඒවා කරන්න නොදුන්නේ ඔහේලාම නෙවෙයිද? ඒවා කරන්න හදපු හැම වේලේම කකුලෙන් ඇද්දේ කවුද? ඔහේලාගේ වෘත්තීය සමිති කාරයෝ නේද?
එතකොට ශ්‍රී ලන්කන් ගුවන් සේවය? ඒක නම් සුදු අලියෙක් තමයි.
ඔය ආයතන විනාශ වීමට මූලික හේතුව පරිපාලනයේ අසාර්ථක භාවයට වැඩිය තමුන්ගේ පක්ෂේ අටවාගෙන තියන වෘත්තීය සමිති...
රනිල් කියපුදේ සත්‍යයම බව ජනතාව දන්නවා. ඒත් ජනතාව රනිල්ට අකැමැති වුනේ රටේ සංවර්ධනය අඩාල කිරීමට පිරිසක් 1971 සිට පසුගිය ජනාධිපතිවරණය දක්වාම බාධාකිරීමට කටයුතු කරපු නිසා තමයි ජනතාව රටේ සංවර්ධනයට අකැමැති නැහැ. ජනතාව මෙවර කලේ ඌරාගේ මස් උගේම ඇගේ තියලා කපනවා වගේ රටේ කැරැලි ගැසීම් හා වර්ජන මෙහෙය වූ පිරිසටම බාරදීම පමණයිනේ... දැන් ඉතින් අතීතයේ කළ විවේචනයෙන් පෙන්වූ වැරැදි නොවෙන සේ රටේ සංවර්ධනය කරන්නම වෙනවා. බැරිවුනොත් Sorry .com තමයි.
මූණෙන් පච වැක්කෙරෙනවා...
රනිල් කිව් දේ හරි, නමුත් ලංකාවේ බයියන්ට ඒක තේරෙන්නේ නැහැ.
මෙතැන කමෙන්ට්ස් දාන පිංවත් මහත්වරුනි, ඒ ගොල්ලෝ විකිණුවේ කෝටි ගණන් ලාභ ලබපු ආයතන, ඒකයි වෙනස. ගුවන් සේවය ලාබ ලැබිය හැකි ආයතනයක්...
ජයවේවා ජනාධිපතිතුමා, ඒක හරි තීරණයක්, අපි ඔබ සමගයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන්ම පටන් ගන්න එකෙන් තමා ලොකුම පාඩුව ලැබෙන්නේ... ඔය රාජ්‍ය සේවයේත් වැඩිපුර සිටින නිලධාරින්, රේගුව, ආගමන විගමන, මෝටර් රථ දෙපාර්තමේන්තුව වැනි නිලධාරින් අඩුනිසා වැඩ ප්‍රමාද වෙනවා.. කියන ස්ථානවලට දමලා හෝ වැඩිපුර සිටින මිනිස්සු ගෙදර යවලා හෝ වියදම් අඩු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හදමු. අපේ සහල් කිලෝ එකෙන්..., සීනි 250 ගෙවන බදු වලින් සුදු අලි නඩත්තු කරනවාට සමහර මෝඩ වහල් බයියෝ කැමැති වුණාට රටේ උගත් බුද්ධිමත් බහුතරයක් කැමැති නැහැ. ඉහත සඳහන් කළ ආකාරයට ක්‍රියා කළොත් ඔය ඔබ කියන ලස්සන පොහොසත් දේශය හදන්න පුළුවන්... නැති නම් ඔබටත් වෙන්නේ නන්දසේනට වුණු දේ, රට වැටෙන්නේ ගල් යුගයට...
නෑ, අපි එහෙම වහන්න දෙන්නේ නෑ. ඒ ආයතනවල මනා කළමනාකරණයක් ඇති කොට, නව රැකියා අවස්ථා ජනිත කොට, තරඟකාරිත්වය තුලින් ලාභ උපයන ආයතන බවට පත්කිරීම ඔබේ වගකීම සහ පොරොන්දුවයි.