අස්මි තාසිම් මහතා සෞදි අරාබියේ නව තානාපතිවරයා ලෙස පිටත්වීමට පෙර විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අද (05) දින විදේශ රැකියා අමාත්‍යංශයේදී හමුවිය. සෞදි අරාබියේ දමාම්හි නව කොන්සල් ජනරාල් කාර්යාලයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අමාත්‍යවරිය ඔහුට උපදෙස් දුන්නේය.
ඇමැතිනිය සඳහන් කළේ, සෞදි අරාබියේ රියාද් හා ජෙඩා යන ප‍්‍රදේශවල කොන්සල් ජනරාල් කාර්යාල පැවතුණත්, දමාම් ප‍්‍රදේශයේත් විශාල ශ‍්‍රී ලාංකික පිරිසක් රැකියා කරන නිසා එම ප‍්‍රදේශයටත් කොන්සල් ජනරාල් කාර්යාලයක අවශ්‍යතාව පවතින බවයි. සෞදි රජය සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇය ඔහුට උපදෙස් දුන්නාය. තානාපති කාර්යාලවල සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිළධාරීන් හා විදේශ රැකියා අමාත්‍යංශයට අදාළ නිලධාරීන්ගේ සහයෝගයෙන් හා උපරිම කැපවීමෙන් වැඩ කටයුතු කළ යුතු බවත්, මෙහිදී ඇය සඳහන් කළාය. සුරක්‍ෂා නිවාසවල සිටින ශ‍්‍රී ලාංකිකයින් පිළිබඳව තානාපති කාර්යාලවල සිටින නිළධාරීන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඇය උපදෙස් දුන්නාය.
නව තානාපති සඳහන් කළේ, ශ‍්‍රමිකයින් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් හා එහි ආරක්‍ෂාව පිළිබඳව කටයුතු කිරීමට නව වැඩසටහන් ගණනාවක් කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති රාජ්පාල් ඔබේසේකර, අතිරේක සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. එන්. වන්සේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) ජගත් බටුගෙදර යන මහත්වරුන්ද එක් වූහ.
ජායාරූපය ළහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්මි තාසිම් මහතා ඉතාමත් උනන්දුවෙන් කාර්යෂමතාවයෙන් අවංකව කටයුතු කරන වැදගත් පුද්ගලයෙකි. ඒ බව එතුමා ඉතිහාසයේද පෙන්නුම් කර ඇත. තාසිම් මහතාට ලැබුණු මේ අලුත් වගකීම ලංකාවට වටිනා සම්පතකි. එතුමා, සෞදියේ ජීවත්වන ලාංකිකයන් ආරක්ෂා කරනවාට අමතරව, ලංකාවට වැදගත් ආර්ථික ප්‍රතිඵල ලබාදෙන බවට අපට බලාපොරොත්තු තැබිය හැක. (නි)
ඔහොම යමු. ජයවේවා! (නි)
සුජීව සමඟ 100% ක් එකඟවෙමි. (නි)
හම්බන්තොට අපිට ඔබ ආඩම්බරයක් (ම)