සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) සිදුවී ඇති මහා පරිමාණ දූෂණ වංචා සිද්ධි හෙළි කර ගැනීමට සඳහා සිදු කරන පරීක්ණ වලට අනිසි අන්දමින් බලපෑම් කරන බව කියන ඉහළම පෙළේ නිලධාරීන් හය දෙනකු වහාම ආයතනයෙන් ඉවත් කරන ලෙස බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසම කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශ ලේකම්ට දැනුම් දී ඇත.
කොමිසමේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියෙන් සතොස අතිරේක ලේකම් (වෙළඳ) ජී.ජීවානන්ද, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ආසිරි ප්‍රනාන්දු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මිලදී ගැනීම්) අංජන නිශ්ශංක, ජ්‍යෙෂ්ඨ කළමනාකාරු ජයවීර බණ්ඩාර, ප්‍රධාන ඉංජිනේරු කේ.ආරියවංශ සහ නීති උපදේශක (මිලදී ගැනීම්) වෛජයන්ති මාලා විජේතිලක ඉවත් කරන ලෙස දන්වා ඇත.
සතොස ආයතනයේ සිදුවී ඇති බරපතල වංචා සහ දූෂණ සිද්ධි සම්බන්ධයෙන් කරන පරීක්ෂණ වලදී කටඋත්තර ගත යුත්තේ මෙම නිලධාරීන් යටතේ සේවය කරන සේවකයින්ගේ බවත් විමර්ශනයට අවශ්‍ය වාර්තා ලබා ගැනීමේදී අනිසි ප්‍රමාදයන් හා විනිවිද භාවයකින් තොරව කටයුතු සිදුවන බව කොමිසමට අනාවරණය වීම නිසා කොමිසම විසින් මෙම දැනුම්දීම කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලඹ තියෙනව සතොස මිලදිම් අංශය කියල එතත් එ්කට මාසික වියදමට දෙන මුදල් ගැන කිසිම විඝණනයක් නැහැ(රේ)
වහාම පරීක්ෂණ කරන්න. තවත් ඉන්න පුලුවන්. (නි)
සතොසේ පමණක් නොව, බොහෝ රජයේ හා අර්ධ රාජ්‍ය ආයතන වල සිදු වී ඇති දුෂණ හා වංචා යට ගැසී ඇත. නව රජය යටතේ එම ආයතන වල ඉහළ තනතුරු වෙනස් නොකර, දින සියයේ යටතේ පත් වූ අයම තවමත් සිටින නිසා නව ප්‍රධානින් පත් කරන තෙක් එම දුෂණ යට ගැසීම පවතිනු ඇත. යහපාලනය යටතේ එම තනතුරු වෙනස් නොවීම අරුමයකි. (ම)
මෙ කියන කොලඹ කාර්‍ය්‍යාලයේ වියදමට ලැබෙන මුදල එහි සේවක මණ්ඩලය අැති පදමට ණය හැටියටත් ඔවුන්ම අනුමත කර ගන්නවා. (ම)