යාල වනෝද්‍යානයෙහි පිහිටි සිතුල්පහුව පුද බිමට පසුගිය අගෝස්තු මාසයේ පළමුවැනිදා සිට සැප්තැම්බර් හය වැනිදා දක්වා වාහන වලින් ගෙන ආ බව කියන මත් පැන් බෝතල් ප්‍රමාණය දහස් ගණනකි.
සිතුල්පහුව විහාර දොරටුව ළගදී වාහන පරීක්ෂ කැර එම මත්පැන් බිමට හලනා බව කියති.
හිස් කළ එම මත්පැන් බෝතල් සිතුල්පහුව අසල පාරේ පහුරක් සේ ගොඩ ගසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම උනත් පූජා භූමියකට මත්පැන් ගෙනයාම වැරදියි . මෙම ලන්කාවෙ හැම පූජභූමියක් ආසන්නව ක්‍රියාත්මක කල යුතුයි (දී)
මේවා නතර කරන්න බැහැ. ලන්කාවේ සුරා සැල් තියෙනකල් (දී)
බලසේනාව මුරට දාන්න, ජාති වාදී වපුරන එක නවත්වන්න , පන්සිල් පද රකින්න ...... (දී)
මතට තිත කියල කරන්නේ අලි බොරුවක් . රජයට ඕනෙ නම් සුරාව නවත්වන්න මත්පැන් හදන සමාගම් වහන්න ඕනා. මේකෙන් තමා අය වැයට ලොකුම මුදලක් ලැබෙන්නේ. මතට තිත කිව්වට 2013 ට මත්පැන් බලපත්‍ර 100 ට වැඩි ගානක් දීල තියනවා.(නදී)
සුරා සල් දාන්න බලපත් දුන්න නිසා තමයි මෙහෙම වෙන්නේ (දී)
රූපවතී, සමන් ලංකාතිලක, මම ඔබ දෙදෙනා සමඟ 100% එකඟයි. හරියටම එහෙම තමා වෙන්න ඕන. (ස)
මේවා දැකල මොනවා ලියන්නද කියල හිතුන. (දී)
අපේ මිනිස්සු දන්නවාද තැනකට ඇවිල්ලා ඉන්න
මෙම ලිපිය දැක මින් හරියටම වසර 20 කට පෙර මා ඇතුලු මිතුරන් කීප දෙනෙකුට සිතුල්පව්වේදී අත්විඳීමට සිදුවූ හාස්‍ය ජනක සිද්ධියක් ලියා එවීමට සිත්විය. අප ආයතනයේ සේවය කල මිතුරන් කීප දෙනෙක් දරු පවුල්ද සමඟ විනෝද චාරිකාවක් යන අතර, 1993 වසරේ ,සිතුල්පව්ව නැරඹීමට ගියෙමු. මෙම වකවානුවේ මෙම පලාතටද එල්ටීටීඊ තර්ජන තිබුන කාලයකි. දැඩි හමුදා රැකවරණ යොදා තිබුණි. ඉතා තරුණ හාමුදුරු නමක් විහාරාධිපතිව සිටියා. දැඩි ලෙස මත්පැන් විරෝධියකුවූ උන්වහන්සේ විහාරය අවට ප්‍රදේශය මත්ද්‍රව්‍ය තහනම් කලාපයක් ලෙස ප්‍රකාශ කර හතර වටේම ගස්වල අවවාද කර දැන්වීම් පවා අලවා තිබුනා. අප සමඟ සිටි කිසිවෙකු එම දැන්වීම් දුටුවේ නෑ. වාහනය නතර කල පසු අප පිරිමි පස් හය දෙනෙකු හැර සෙසු අය වාහනයෙන් බැස පන්සලට ගියා. අප එකකු බෝතලයක එලියට ගෙන මූඩිය කැඩුවා පමනි, 'තරුණයන් හතර පස් දෙනෙකු වහා වාහනය ඇතුලට පැන බෝතලය සහ අපවද අත් අඩංගුවට ගෙන විහාරාධිපති හාමුදුරුවන් ලඟට අප ඇදං ගියා. අප නොවඳිනා වැඳුම් වැඳ සමාව අයැද සිටියා. හාමුදුරුවන් අපට තදින් දෝශාරෝපනය කර අප අතින්ම උන්වහන්සේ ඉදිරිපිටදීම බෝතලය කාණුවට හලා යාමට ඉඩ දුන්නා. (ස)
පොදු ස්ථාන වල මත්වතුර,දුම්වැටි පාවිච්චි කිරීම ශ්‍රී ලංකාවේ බලපවත්වන නීති යටතේ තහනම් කර ඇත.සිතුල්පව්ව පොදු ස්ථානයක් බව කවුරුත් දනිති.බොන්න තිබෙන උනන්දුව නිසා රටේ පොදු නීතිය අමතක කරන්න එපා.පොදු නීති පිළිබදව සංවේදී වන පුරවැසියෙක් වීම කයිවාරු ගසනවාට වඩා යහපත් බව මතක් කරමි. (නි)
අනේ ඇයි හැලුවේ? උත්තේජනයක් නැතුව කොහමද ධර්මාවබෝධයක් ලබන්නේ? (ස)
කෝ අපේ චන්දි අක්කා?ඒ රූපෝති අක්කේ ඔයාට විභාගයක් තියෙනවා කිව්වා නේද?ඔය පාඩම් කොරන හැටිද? (ස)
පුද බිමකට ගියත් අපේ අය මුල් තැන දෙන්නේ බෝතලේට නේද. (ස)
තව ටිකකලකින් යාල වනසතුන්ටත් සුරාව පුරුදුකරලයි යන්නේ.දැනටත් අලි හිගමන ඉල්ලන්න පුරුදුවෙලානේ ඉන්නේ. (දී)
රතු පස් වල වගේ ලින් වලින් මත්පැන් ඒවිද (දී)
වහනය ඇතුලේ නම් මත්පැන් තිබෙන්නේ මොකද්ද ප්‍රශ්නය. මෙම භුමිය තුල මත්පැන් පානය තහනම් කරාම හරි නේ. මට නම් තේරෙන් නැහැ මේ නීතිය. (දී)
වරුණ මල්ලි, උදේ පාන්දර ඉඳන් රෑ වෙනකම්ම..පාඩම් කරන්න නම් බැහැ....?එතකොට මොකවත් මතක හිටින් නැහැ... පොඩි එකී අඩනවා ..ඒකිව බලන් නත් ඕන ..උයන්න කන්න ..? ඔය මොනවා කලත් මට ලංකාදීපෙට ලියන්නැතිව නම් ඉන්න බැහැ ...පාඩම් කරන කොට ..මගේ හිත කියනවා ..මේ පිටුව විතරක් කියවලා ලංකාදීපේ ටිකක් කියවන්න ඕන කියලා ...?තොපිලා ... හපුටුවො ටික දැක්කේ නැතිනම් ..එදාට ..කැදබීලා වගේ වැඩක් කරන්නවත් බැහැ හරියට ...?මගේ එකම සතුට ලංකාදීපේ ඔයාලා ...විභාගෙට මම පාඩම් කරනවා ෂුවර් ...? (ස)
ඔය ව්දීහට ගියෝත් අපේකමට මොකද වන්නේ.(දී)
සරත් මල්ලි, ඔයාගේ නෝන හාමි කොච්චර කාලයක් වෙනවද දැන් සියඹලා කන්න පටන් අරගෙන. කල්යල් පනිනකොට මට කියන්න සේරම වැඩ ටික කරලා දෙන්නම්. නොමිලේ නැතිනම් අපි වගේ අයගෙන් ඇති වැඩේ මොකද්ද?(නදී)
මේවට කෑ ගහන්න කව්රුත් නැද්ද ? අපි හිතාගෙන ඉන්නේ ලොකුම ප්‍රශ්නේ හලාල් සහ හරක් මරණ එක කියල. හැබය් අපේ සමාජය පිරිහෙන්නේ සුරව සූදුව නිසා නේද ? (දී)
අරක්කු හලන්නේ බිමටද නැත්නම් පොලෝසියේ මහත්වරුන්ගේ කටටද දන් නැහැ නේද ආයුබෝවන් ! (ස)
තිතට මත... (ස)
විශිෂ්ට වැඩක්.. (ස)
හොදයි (නි)
ඔය සේරම අය අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ වැරදි මතයකින්. එහෙම මත්පැන් හලන්නේ, නැහැ කියලා හොරෙන් අරන් යන්න හැදුවොත් විතරයි. තියෙනවා කියලා කිව්වොත් මාර්ග බාධකයෙන් තියලා යනකොට අරන් යන්න දෙනවා. (නි)
කොහොම නමුත් කරන වැඩේ හොඳයි. මත්පැන් පානය කරන්නම ඕනෑ නම් ගෙදර ඉදලා ඒ දේ කරන්න පුලුවන්නේ. මෙහිදී ප්‍රධාන ප්‍රශ්නය චාරිකාවක පරමාර්ථය මොකක්ද කියලා හරි හැටි හදුනාගෙන නොමැතිකමයි. මේ බෝතල් ගොඩෙන් පෙන්නුම් කරන්නේ රසවින්දනය උදෙක්ම ලබාගත හැක්කේ මත්පැන් වලින්ම පමණක් බව සිතන පරිසරය ගහකොළ සතා සිව්පාවුන් ගැන සංවේදනයක් නොමැති, හෝ එසේ පත්කළ බහුතරයක් වූ ශ්‍රී ලාංකික මිනිසුන්ගේ රසවින්දනය පිළිබඳ පොදු සමලෝචනයයි! (නි)
රූපවතී අක්කේ, අක්කාගේ "වින්නඹු අම්මා" විබාගය කවදාද? ප්‍රායෝගික පරික්ෂණයකුත් තියෙනවද? (නි)
අපරාදේ බැරල් එකකට හැලුවා නම් දන්සැලක්වත් පස්සෙ දවසක පෝයකට දෙන්න තිබුනා. කොහොමත් ලංකාවේ බෞද්ධයෝ වැඩියෙන්ම බොන්නේ ලොකුම පෝය දෙකටනේ. (ස)
මේවා නතර කරන්න කවුරුවත් බලධාරින් නැද්ද (දී)
මැරෙන්න බෙරිහන්දෙන්නේ මතට තිත කියල . ඒ වුනාට බාර් පර්මිට් 300ක් දීලලු අලුතෙන් අයියෝ අපේ රට බෙබේලගෙන් පිරි ඉතිරි යනවා (දී)
මමනම් කියන්නේ ආණ්ඩුව හරි. මිනිස්සුන්ට තව තව බදු දාන්න ඕන. එතකොට මේ වගේ අනවශ්‍ය වැඩ නවත්වයි (දී)
මේක නම් සහගහන අපරාධ්‍යක් (නි)
අරක්කු හලන එකෙනුත් වාසිය ආණ්ඩුවට. මිනිස්සු යන ගමන් බොන්න ගන්නවා ආපහු තිස්සමහාරාමේ බාර් එකෙන්. (දී)
මොනවා උනත් නියම වැඩේ (දී)
හරි වචනේ පහුරද? පවුරද? මම දන්නා හැටියට පහුර කියන්නේ වතුරේ පදින යාත්‍රාවක්. කොහොම උනත් මෙතන ගොඩක්ම තියෙන්නේ සාමාන්‍ය ජනය බොන වර්ගෙයේ බෝතල් . සුපිරි වාහන වලින් ආපු කීදෙනෙක් පරීක්ෂා කරලා සුපිරි වර්ග වල බෝතල් කීයක් අල්ලගත්තද? මේවා බොරු විකාර. විකුනන්න තහනම් කරන්නේ නැතුව අමාරුවෙන් සල්ලි දීල ගන්න බෝතල් විසිකරන එක හරිද? අනික මේවා පන්සල ඇතුලේ බොන්න ගේනවා කියල කොහොම කියන්නද? සුරාව, සූදුව, ස්ත්‍රිය, ඔය තුනේම තියන රසය විඳින්න හොඳ හදවතක් වගේම ඔලුව ඇතුලේ බුද්ධියක් තියෙන්න ඕනි. (දී)
ඉතින් අනේ ඔය මිනිස්සු ඔය බෝතල් සල්ලි දීල ගන්නෙත් ඔය හලන්න කියල නීති දාන රට පාලනය කරන අයගේ තැබෑරුම් වලින් නේ ..පුද්ගලික වාහනයක් නවත්වල ආරක්ෂක අංශ වලට මෙහෙම වාහනේ ඇතුලේ තියෙන බඩු මේ යුද්දයක් නැති කාලෙත් පරික්ෂා කරන්න බලයක් දුන්නේ කොහොමද ? මේ වගේ දේවල් වලින් පෙනෙන්නේ රටේ සාමාන්‍ය ජනතාව ව තාම පිළිගන්නේ 3 වන පන්තියේ තත්වයෙන් බවයි ..අරක්කු බෝතලයක් කාටවත් නොපෙනෙන්න වාහනයක් ඇතුලේ තියෙනවා නම් , බිලත් නැතිනම් , මෙහෙම කොහොමද කෙනෙක් සල්ලි දීලා ගත්ත නිත්‍යානුකුල බීමක් බලහත්කාරෙන් හලලා දාන්නේ ? ඕවලට ඉතින් අපි කතා කලාට වැඩක් නැ.. (දී)
බහුතර ජනතාවගේ එකම පානය..................
පූජනීය ස්ථානයක මත්පැන් පානය කරලා අවිනීතව හැසිරෙනවා කියන එක නරක වැඩක්. නමුත් මේ මිනිස්සු බොන්නේ නීත්‍යානුකූල මත්පැන්. ඒ කියන්නේ එතෙක් මෙතෙක් ලංකාවේ පැවති රජයන් විසින් මිනිසුන් විසින් පානය කළාට වරදක් නැහැ කියන පානයක්. රජය කරන්න ඕනෑ මෙහෙම තැන් තැන්වල වාහන පරීක්ෂා කරලා මත්පැන් බෝතල් හොයලා හලන එක නොවේ. මේ නීත්‍යානුකූලව දීලා තිබෙන බාර් ලයිසන් තහනම් කරලා සියලු අරක්කු බාර් වහලා දාන එක. එතකොට දේශිය හෝ විදේශීය කියන කිසිම මත්පැන් වර්ගයක් ලංකාවේ මිනිස්සුන්ට මිලදී ගන්න නැති වුනාම ඉබේම ලංකාවෙන් මත්පැන් තුරන් වෙලා යාවි. යහපත් ජන සමාජයක් බිහි වේවි. (නි)
ජීප් කාර් බලලම නැ වගේ (දී)
අදහස් දැක්කහම අපිටත් බොන්න හිතෙනවා (නි)
සිතුල්පහුව විහාර දොරටුව ළගදී ඉන්න කූඹි වගේ සත්තු මේ දවස් වල පැය 24ම සූර් පිටලු ඉන්නේ (දී)
මේ ගොඩ වහලා තියන්න.. නැත්තං පස්සෙන් එන ඒවා ළගට එනකොට හංග ගනීවී. (දී)
උපාලි, ඔබේ අදහස අනුමත කරන්න බැහැ. විජේසිංහ, අනුන්ට කෑ නොගහ ඔබ මේවට විරුද්ධව හඬක් නගන්න. ආනන්ද, ඔබ කොහොමද කියන්නේ 'බෞද්ධයන් පෝයට වැඩියෙන්ම බොනවා' කියලා. බොන අයගේ ආගම පරීක්ෂා කළාද? (ස)
සිතුල්පව්වට මත්පැන් හා මත්ද්‍රව්‍ය රැගෙන ආවොත් ගැමුණුගෙන් කරදර වෙන්නත් වෙනවා. (දී)
අපි මෙහෙමයි නිවන් යන්නේ (නි)
වරුණ මල්ලි, මට මේ ගැන කියන්න දෙයක් නැහැ. කියන්න තියෙන දේ කිවුවොත් සේරම එක්ක මට බනියි (ඔයාට විතරයි මාව මතක් වුනේ නේද )ඒකට ස්තුතියි (නි)
වරුණ මැරෙන්න බෙරිහන් දෙන්නේ මතට තිත කියලා . ඒ වුනාට බාර් පර්මිට් 300ක් දීලලු අලුතෙන්. අයියෝ! අපේ රට බෙබේලගෙන් පිරි ඉතිරි යනවා (නි)
මෙතන අදහස් පළකරලා තියෙන සමහරු කියන්න උත්සාහ කරලා තියෙනවා "සල්ලි දීල ගත්ත අරක්කු වාහනේ ඇතුලෙ තියෙනවා නම් ඇයි හලන්නේ? එහෙම හලන්න අයිතියක් නෑ. ඒක මානව හිමිකම් කඩ කිරීමක්ය" වගේ අදහසක්. නමුත් මම ඒ ගොල්ලන්ගෙන් අහන්නෙ මේ පුදබිමේ බොන්න තහනම් බව දන්නවා නම් ඇයි අරක්කු අරගෙන යන්නේ? නොදැනුවත්ව අරගෙන ගියා කියමුකෝ වාහනේ ඇතුලට වෙලා නොබී ඉඳීද අපේ මිනිස්සු. එතකොට අරක්කු බිවුවා කියලා වාහනෙන් බහින්නෙ නැතුව ඉඳීද? මේ අරක්කු අරගන්නේ නීත්‍යානුකූලව වෙන්ඩ පුළුවන් නමුත් මේ අරගෙන යන්න හදන්නෙ 'අරක්කු නීති විරෝධී' තැනකට, ඒ නීති පිළිපදින්න බැරිනම් නොයා හිටියාම ඉවරයි. ඒ වගේම අරක්කු බොන්න ඕන නම් පුදබිම් වලට යන්ඩ ඕන නෑනෙ. (ස)
මෙතන ඉන්න කව්රුවත් හිතුවද .මේ ගැන ..? අද අපේ රටේ, ආපහු ගෙදර එන්න බලාගෙන වාහනයකින් ගමනක් යනවා කියන්නේ ...කොටියාගේ කටට පනිනවා වගේ වැඩක් ...? මෙතැනදී පමණක් නොව මුළු රට පුරාම වාහන තුල මත්පැන් අත් අඩංගුවට ගැනීම වටී, රැගෙන යාම සපුරා තහනම් කලයුතුයි ..?බීල බීල ..පාරේ හිත පිත් නැති ..යකඩ ගොඩක් තල්ලු කරන්නේ .. මුළු රටේම ජනතාවගේ උගුරු දණ්ඩ මිරිකන්න බලාගෙන හොදට පදම් වෙලා..දත් විලිස්සගත්තු යක්ෂයෝ වගේ ...? (දී)