එංගලන්තයේ ලස්සනම උයන්පුරවරය ලෙසට නම් ලබා ඇති ලේච්වර්ත් නුවර පිහිටි ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක් වන ධම්ම නිකේතනයේ වාර්ෂික කඨින පුජෝත්සවය උත්කර්ෂවත් අන්දමට පවත්වනු ලැබීය.
බ්‍රිතාන්‍යයේ විවිධ නගරයන්හි පිහිටි ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයන්හි මහා සංඝයා වහන්සේ දොළොස් නමක් සහ විහාරස්ත දායක කාරකාදීන් රැසක සහභාගීත්වයෙන් පැවති පිංකම් සංවිධානය වුයේ විහාරාධිපති අකුරල සමිත හිමියන්ගේ අනුශාසකත්වයෙනි.
ලේච්වර්ත් ධම්ම නිකේතනයේ දහම් පාසලේ දරු දැරියන් සහ දෙමාපියන් සහභාගීවූ අලංකාර කඨින පෙරහරකින් කඨින වස්ත්‍රය සහ අනෙකුත් පුජ භාණ්ඩ පිංකම වෙත ගෙන එනු ලැබිය.
මහා සංඝ රත්නය පෙරටුකොටගෙන ලේච්වර්ත් නගරය වටා ගමන්කළ එම සම්ප්‍රදායික ශ්‍රී ලාංකික පෙරහර යුරෝපයට අමුතු දර්ශනයක් විය.
2025 දෙසැම්බර් මස 18
653
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීතල උයන් පුරයට සදහම් උණුසුම
ස්වර්ණා ඇටබගේ පැරිස් Wednesday, 04 December 2013 12:56 PM
යුරෝපෙ මිනිස්සු බුදු දහම දන්නවා. ඒ ගොල්ලෝ බලනවා ඇති මේ මෝකක්ද කියලා. එංගලන්තේ උනාට ලංකාවේ අයගේ වැඩක් නිසා පොලිසියෙනුත් ඇවිල්ලා. (ස)
නරනප්පා Wednesday, 04 December 2013 01:10 PM
ස්වරණ එහෙම හිතන්න එපා, මෙහෙම දෙයක්වත් කෙරුවේ නැතිනම් ඒගොල්ලෝ එහෙ ගිහින් ඉන්නවා කියල කවුරුත් දන්නේ නැහැනේ. (ස)
දම්මික Wednesday, 04 December 2013 01:16 PM
නිතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බොහෝ රටවල මහජනයා ගැවසෙන පොදු කටයුතු වලදී ආරක්ෂාවට පොලිස් නිලධාරියකු පැමිණීම සාමාන්‍ය දෙයක්. එහි කිසිඳු වරදක් නැත. සාමානයෙන් සංගීත සංදර්ශන වලදී නම් ගිලන් රථ පවා පැමිණීම සාමාන්‍ය අංග වේ. (ස)
ජීවන් Thursday, 05 December 2013 07:53 AM
පන්සල ඇතුලේ සපත්තු දාපු අයයි රනින් ශුස් දාපු බෙරකාරයෝයි දැක්කම මොනවා කියන්ටද කියල හිතාගන්ට බැරි උනා...(නදී)
මාලා Thursday, 05 December 2013 07:54 AM
එහෙත් බෞද්ධ මෙහෙත් බෞද්ධ කියලා පුරාජේරු ගහන කට්ටිය මොකෝ සද්ද නැත්තේ.(නදී)
ලසන්ත Thursday, 05 December 2013 07:56 AM
මේක දැක්කම මට මතක් උනේ රත්නපුරේ පැත්තේ පල්ලියක් කඩපු මිනිස්සුයි, ඒ ප්‍රවෘත්තිය පත්තරේ ගිහාම ඒකට හුරේ දාල අදහස් දමපු හිවල් රැලයි. (ස)
පිටබැද්දර ජයා Wednesday, 04 December 2013 02:32 PM
බුදු දහම කියන්නේ ඕන කෙනෙකුට එබිලා බලන්න , කරකවල බලන්න , , ගැඹුරටම කිමිදිලා බලන්න පුළුවන් සත්‍යවාදී දහමක්. ඒකේ හංගන්න කිසිම දෙයක් නැහැ , කිසිම දෙයක් එපා කියලත් නැහැ කරන්න කියලත් නැහැ , හැබැයි කර්මය සහ කර්ම පලය කියදීල තියෙනවා , මේ කර්මය ගැන යුරෝපිය මිනිසුන් දැන් පිළිගන්න බවක් පේනවා ඒ නිසා මේ තිරුවෙත් ඕන කෙනෙකුට ඕනෑම දෙයක් ලියන්න කියන්න පුළුවන් ඒකෙන් කවදාවත් බුදු දහමට හානියක් වෙන්නෙත් නැහැ , මදින්න ඔප දාන තරමට මැණික දිලෙනවා වගේ බුදු දහම කතා කරන තරමටම බබලනවා. හැමටම තෙරුවන් ගුණ බලෙන් යහපතක්ම වේවා! (නදී)
සුමිත් Wednesday, 04 December 2013 03:05 PM
මේ පොලිසිය නෙමෙයි. මේ අය පොලිසියට උදව්වට ඉන්න මහජනතාවගෙන් කොටසක්.. හරියට ග්‍රාමාරක්ෂක වගේ.. ඒගොල්ල මේ වගේ උත්සව වලදී උදව් කරනවා සංවිදායකයින්ට.(නදී).
සුදේශ් Wednesday, 04 December 2013 03:18 PM
පිටබැද්දර ජයා, ඔබ හරි ලස්සනට අදහස් දාලා තියෙනවා. සැමට බුදු සරණයි. (ස)
කුමුදිණි රත්නායක Thursday, 05 December 2013 11:14 AM
හරිම අලංකාර කඨිණ පිංකමක්..පිටරටකදි උනත් අපේ කම දකින්න ලැබිමත් සතුටක්.ගෞරවණිය සමිත හිමියන් කරන මෙහෙවර ප්‍රශංසණියයි.සියළු දෙනාටම තෙරුවන් සරණයි.. (ස)