ඇමරිකා ජාතික බොබ් අයිසාක්සන් අැතුළු කණ්ඩායම පිහිටුවා ඇති ‘සතුන් වෙනුවෙන් ධර්ම හඬ‘ සංවිධානය අද (18) කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ධර්ම විජය පදනමේදී පැවැත්විණි.
සියලු සතුන් වෙනුවෙන් හඬක් ලබාදීම, සතුන් වෙනුවෙන් සානුකම්පිත සමාජයක් ඇති කිරීම, අවිහිංසාව රාජ්‍ය ප්‍රතිප්පතියක් ලෙස පිළිගැනීම ආදී අරමුණු වෙනුවෙන් මෙම සංවිධානය පිහිටුවා ඇතැයි සතුන් වෙනුවෙන් ධර්ම හඬ සංවිධානයේ ලේකම් සේනක වීරරත්න මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ දෙයක් (නි)
මිනිසුන් වන අපිත් අයිති වෙන්නේ සත්ව ගණයටනේ (නි)
කෝ මිනිසුන් වෙනුවෙන් ධර්ම? ලොව උසස්ම සතා මිනිසාද? දුව තමන්ගේ තාත්තාව බලුකූඩුවේ දාලා සළකන, හය හතර නොතේරෙන ළමයි දූෂණය කර මරාදාන ඉතාමත් ශිෂ්ට සම්පන්න මිනිසුන් ඉන්න රටකයි අපි ජීවත්වෙන්නේ. (නි)
කවදත් ශාසනික වැඩ වල නිරතවෙන සේනක වීරරත්න මහතා මෙහිදීද ඉදිරියට පැමිණ යම් මෙහෙවරක් කරන්න කරන උත්සාහය අගය කළයුතුයි. කෙසේවෙතත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් තිරිසන් තත්වයට ඇද වැටී ඇති නිසා ඒ පිරිස තිරිසන් බවෙන් මුදාගන්නත් මේ වැඩපිළිවෙල ඔස්සේ ක්‍රියාමාර්ගයක් ගතහොත් හොඳයි. (නි)
වීරත්න මහත්තයා සතුන් වෙනුවෙන් මේ තරම් උනන්දුව බොහොම හොඳ පින් වැඩක්; ඔබ බර්ලින් පංසල විනාස කරන පිස්සු තිස්ස ව එතනින් අයින්කරන්න උනන්දු (රේ) වෙනවා නම් එය ඔයිට වැඩිය විශාල පින් වැඩක්.
සතුන් මැරීම, මස් මාළු බිත්තර විකිණීම තහනම් කරලා නීතියක් ගෙනාවොත් ඔය ප්‍රශ්නය විසදේවි නේද? (අ)
අනේ දෙයියනේ සතුන් වෙනුවෙන් ධර්ම හඩක් නගන්න කලින් මේ රටේ ගවයන් මරණ එකට හඩක් නගන්න බැරි ඇයි? (බ)
ඉසුරන්දි ඔයා හිතුවෙ ගවයා කියන්නේ සතෙක් නෙමේ කියලද ? (බ)
ධර්මවිජය පදනමේ මේ උදාර පරමාර්ථය සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (බ)
සමස්ත මානව සමාජය සම්පුර්ණයෙන්ම යහපත් තත්වයට පත්වෙනතුරු අහිංසක සතුන් වෙනුවෙන් නොසිතා සිටීම ආත්මාර්ථකාමී අදහසක්. රංචු වශයෙන් වනාන්තරයේ සිටි මිනිසා ,අනෙකුත් සතුන්ගේ මසට ලොල් බව දොන් ආරියදාස මොනවට පැහැදිලි කරයි '.සතුන් වෙනුවෙන් ධර්ම හඬ 'යුගයේ අවශ්‍යතාවකි. (නි)
ස්තූතියි ඔබට! (නි)
මේ රටේ මිනිසුන්ට සතෙක් කිව්වොත් මතක් වෙන්නේ ගවයාව විතරයි. ඇයි ඒ? කුකුල්ලු මාළු එහෙම සත්තු නෙමෙයි වෙන්න ඇති. (නි)
අනේ මන්දා පුදුම මිනිස්සු ඉන්න රටක් මේක. මොකක් කිව්වත් හරහටමයි හිතන්නේ.තේරුම් ගැනීම අන්තිමයි. (නි)
අපේ රටේ නම් හැම සතෙක්ම සත්තු. ගවය විතරක් නෙමෙයි. (බ)
ඉසුරන්දි ගවයන් කීවේ කාටද දන්නේ නෑ. (අ)
ගවයෝ සහ අනෙක් සතුන්ගේ වෙනස මොකක්ද? අනිත් එක ගව මස් කොච්චර රසද? ගවයෝ ඉන්නේ කන්න. (අ)
යහපත සිදුවෙන කොයිදේත් ඉතාම හොඳයි. සත්ව කරුණාව කාටත් යහපත්. මිනිස්සුත් සත්ව වර්ගයක්. මසට ගිජුකම තමන්ගේ අඩුපාඩුවක් බව බොහෝදෙනෙක් දන්නේ නෑ ධම්මපදේ තියෙන ගාථාවකින් කියවෙන්නේ තම උපමා කොට අන් සතුන්ට කරැණාවා දක්වන්න-ඔබ ගහනවට, තලන්වට, මරනවට බය නම් අන් සතුන්ටත් ඒ දේවල් කරන්න එපා කියල. කුමන ආගම උනත් මිනිසුන් මරන්න කියන්නේ නෑ. මස් රස කියන පුද්ගලයෝ මිනිස්කමෙන් පහත් වර්ගයක්. මේ දියත් කරපු පිළිවෙත ක්‍රියාත්මක කෙරන එක නීතියට වඩා සදාචාරයට අයිති එකක්. ලංකාවට මෙයින් බොහෝ සෙතක් වෙනවා-හැම විධිහෙන්ම - මිනිස්සු සදාචාරවත් වෙන්නේ දයාව කරුණාව පෙරදැරි කරගෙන-ලාභ ප්‍රයෝජන තකා නොවෙයි. සේනක මහත්මය මේ වැඩේ සාර්ථක කරගන්න නම් සමාජේ මුල් මට්ටමෙන් වැඩ පිළිවෙලක් ගෙදරින්, පාසලෙන්, ගමෙන් පටන් ගන්න වෙයි. කරුණා කරලා මේ වැඩේ සාර්ථක කරගන්න නම් දෙමාපිය-පවුල-පාසැල මට්ටමට යන්න පුළුවන් විදියට වැඩසටහනක් දියත් කරන්න. ඔබට ඒසඳහා සියලු ශක්තිය ලැබේවා! (රේ)
දොන් ආරියදාස,ගවයෝ සහ අනෙක් සතුන්ගේ වෙනස මොකක්ද කියලා 2 පන්තියේ ඉගෙන ගන්න ඔබේ දරුවාගෙන් අසා දැන ගන්න. (බ)
සල්ලි වලට කරන්න වැඩ නැතුව කරන වැඩ මේවා.මිනිස්සුන්ට කන්න කෑම නැතුව ඉන්න ගෙවල් නැතුව එකිනෙකා මරා ගන්නවා.මුලින්ම මිනිසුන් ගැන හිතන්න. සත්තු එතකොට ඉබේම ආරක්ෂා වෙනවා. (බ)
අපේ රට බෞද්ධ රටක් වුවත් සතුන්ට ආදරය, කරුණාව දක්වන අය හරිම අඩුයි. ධර්ම විජය පදනම ආරම්භ කළ මේ සද්කාර්යය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා'යි ප්‍රාර්ථනා කරමි. (බ)
අගය කරන්න වටිනා වැඩක් (නි)
එක්තරා ආත්මයක බුදු රදුන්ගේ මවුට දරැණු අසනීපයකට ප්‍රතිකාර වශයෙන් සත්ව ලේ දීිලයිි හොඳ කලේෙ මේ ගැනත් සිතා බලමු මම අන්‍ය ආගමික(රේ)
පළමුව මිනිසුන් ගැන සිතමු. (ර)