ඉන්දියාවේ මධ්‍යප්‍රදේශ ප්‍රාන්ත රජය මඟින් නුවරඑළියේ දිවුරුම්පොළ සීතා කුමරියට දෙවොලක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබාගෙන ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා කර ඇත.
රාම සීතා පුරාවෘත්තයෙහි සඳහන්වන පරිදි සීතා ඇයගේ කුමරි බඹසර පිළිබඳව ජනයා තුළ අහිවූ සාංකාව මගහැරවීම සඳහා මුහුණදුන් " අග්නි පරීක්ෂාව " පැවැත්වූ ස්ථානය ලෙසට හඳුන්වා ඇත්තේ දිවුරුම්පොල ග්‍රාමයයි.
මෙම ව්‍යාපෘතිය පිළිබඳව මධ්‍ය ප්‍රදේශ රජය ශ්‍රී ලංකාව සමඟ 2012 සිට අදහස් හුවමාරු කරගෙන ඇත.මේ වසරේ මුල්භාගයේදී බැංගලෝරයේ සුප්‍රකට ගෘහනිර්මාණ ශිල්පායතනයකට නුවරඑළියේ ඉදිකෙරෙන සීතා දෙවොල සඳහා සුදුසු ගොඩනැඟිල්ලක සැලැස්මක් සකස්කිරීමට පවරා ඇත. ඔවුන් ඉදිරිපත්කළ සැලසුම් අතරින් දකුණු ඉන්දීය විජයනාගර සම්ප්‍රදාය අනුව සකස්කළ සැලැස්මක් සුදුසු බවට දැනට තීරණය කර ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.
සීතාදෙවොල පිළිම ගෙවල් තුනක්, අලංකාර කැටයම් සහිත සුවිසල් ශාලාවක් සහ දිය පොකුණකින් සමන්විත වෙයි. මේසඳහා
ඇස්තමේන්තුකර ඇති වියදම ඉන්දියා රුපියල් කෝටි දෙකක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 4.36 කි.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඇරැඹූ ව්‍යාපෘතියක් මඟින්ද 2007 සිට රාමායණයෙහි සඳහන් ශ්‍රී ලංකාවේ සිද්ධස්ථාන සමීප ප්‍රමාණයක වගතුග සොයාගෙන ඇත. මෙම වැඩපිළිවෙළෙහි අරමුණවී ඇත්තේ එම සිද්ධස්ථාන දැකබලාගැනීමට සහ
වැඳපුදා ගැනීමට ඉන්දියා සංචාරකයින්ගේ ආකර්ෂණය ලබාගැනීම වෙයි.
මේ අතර සීතා දෙවොලක් ගොඩනැගීමට පෙරාතුව රාමායනයේ සඳහන්වන ලංකේශ්වර රාවන රජු සඳහා සිහිවටනයක් ඉදිකිරීම වැදගත්වන
බවට මහජන මතයක් ශ්‍රී ලංකාවේ තුල ගොඩනැඟෙමින් පවතින බවද එම වාර්තාව ගෙනහැර දක්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනත් සියල්ල අනාගෙන ඔලුවෙන් හිටගෙන අදහස් ප්‍රකාශකර තිබෙනවා. වාල්මිකී රාමායනය ලිව්වේ ලංකාවට බුදුදහම එන්නට පෙර ක්‍රිපු 5-4 සියවස් වලදී. විජයනගර් අයත්වන්නේ කර්නාටකයට. දෙමල නොවුනත් කන්නාඩි භාෂාවත් ද්‍රවිඩ බසක්. අතුල මාලදිවයින කියන විදිහට මෙය සරලව නොසලකා හැරියයුතු හුදු ජනප්‍රවාදයක් නොවෙයි. බොහෝවිට "මහාභාරත" කෘතියටත් පෙර යුගයක සංස්කෘතයෙන් රචිත රාමායනය ඉතිහාස කාව්‍යක්. මේ නමින්ම කියන පරිදි රාමායනය යනු "රාමගේ සංක්‍රමනයයි". එය ආර්ය සංක්‍රමණය හා බැඳුනු සත්‍ය ඉතිහාසයේ කාව්‍යමය නිරුපනයයි. "රා" යනු සුර්යයයි. රාවන් යනු සුර්ය වංශික රාජ්‍යත්වයයි. නමුත් රාම් යනු එම තැනැත්තා සුර්යයා බවයි. සුර්ය වංශය හෙළබිමේ සැබෑ උරුමය බැවින් ඉර හඳ බැඳ වැඩගන්නා රජවරු මේ රටේ බිහිවෙන එක වලක්වන්න ලෝකේ කිසිම ජගතෙකුටවත් බැහැ. නමුත් මානව පරිණාමය නිසා බිහිවන නවීන රුපස්වාභාවය ඇති ජාන හෙළ රාජ වංශයට මුසුකරගැනීමේ නිරන්තර අවශ්‍යතාවය සදාකාලිකයි. ඒ නිසයි රාවණ සීතාව මෙහි ගෙනාවේ. ආර්ය ජාන හෙළ රාජවංශයට මුසුකර අවසන්. ඒ නිසයි මධ්‍යම යුරෝපයේ අදටත් පවතින කප් සිටුවීම වැනි සමහර සංස්කෘතිකාංග මෙන්ම ආර්ය භාෂාවක්ද තවමත් අප සතුවන්නේ. මින් ඉදිරියටත් ලෝකයේ දියුණු මානව සමාජයක රාජ කුමරියකගේ ජාන ඔනාවුනොත් අපි ඒකිවත් උස්සනවා. අපේ වැඩේ කරගත්තට පස්සේ ගින්නට දාල බැරිනම් හතට කපල ගඟේ මුදේ දාගෙන හරි නැති පතිවතක් සපත කරගත්තට අපිට කමක් නැහැ. ඕනෙනම් දේවාලයක් හදාගන්න පොඩි ඉඩම් කෑල්ලක් කොහෙන් හරි දෙන්නත් පුළුවනි. (අ)
අනිවා, රාමගේ, සීතාගේ හෝ කිසිම ඉන්දියනුවෙකුගේ පිළිම හදන්ඩ දෙන්ඩ එපා. බොදු බලයිනි, පෙරට එන්ඩ. මස්කඩ අයින් කරනවා වගේ සියලු ඉන්දියානු පිළිම කඩා බිම දමන්න. තවද බැංගලෝරය තමිල්නාඩුවට ඇඳා දුන් සියල්ලටද. මධ්‍ය ප්‍රදේශ් යනු තමිල්නාඩුවට කියන තව නමක් යයි අපට පහදා දුන් සැමට තෙරුවන් සරණයි.(නදී)
කාලෙන් කාලෙට ඉංදියාවේ දුෂ්ට රජවරු මේ රට ආක්‍රමණය කරපු කථා, ඒ ආක්‍රමණ වලින් පස්සෙ මේ රටේ බෞද්ධ සංස්කෘතිය,බෞද්ධ සිද්ධස්ථාන,බෞද්ධ භික්ෂූන්, විනාශ කරපු කථා ඕන තරං අපි අහලා තියෙනවනෙ. ඒ ආක්‍රමණ වලින් පස්සෙ මේ මූසල හින්දු ඇදහිලි, හින්දු සිද්ධස්ථාන ඇති උන හැටි අමතක නෑනෙ අපිට. ඉතින් කිසිම ආක්‍රමණයක් හෝ නැතුව මේ වගේ දේවල් කරන්න තියෙන්නෙ කාගෙ උවමනාවටද? අපිට නම් හරිම ප්‍රහේලිකාවක්. අද බෞද්ධ රටක් වෙන අපිට බුදු පිලිමයක් හදා ගන්නවත් බැරි රටේ කෝවිලුයි, මුස්ලිම් පල්ලියි හදන්න ඕන තැනක පුළුවං. මොකක්ද මේ රට.(නදී)
නිල් රනා කියන එකට මමත් එකඟයි. තමිල්නාඩුව ඉස්සර පාලන පහසුව සඳහා බෙදුවා කොටස් තුනකට .කේරල, කන්නදා සහ තමිල්නාඩු ඒවායි. ඒ නිසයි කන්නදා භාෂාවයි දෙමලයි ටිකක සමාන.වාල්මිකී රායනය ලියපු එක නොසලකා හිටියත් ලංකාවේ ඔනේතරම් සාක්ෂි තියෙනවා රාවනා රජු ගැන. අපේ රාවනා ගිනිසිසිල ප්‍රයෝගය කියල නොදුන්නනම් සීතා පෙන්වයි එයාගේ පතිවත රාමට. රාවන පරාජය උනේ අද වගේම රට ජාතිය පාවලා දෙන උන් එදත් හිටිය නිසයි. විභීෂණ සහෝදරයට ද්‍රෝහී නොවුනානම් පුලස්ති ඉරිසිවරයාගෙන් ශිල්ප උගත් රාවනාව පරද්දන්න තියා ලන්වෙන්නවත් ලැබෙන්නේ නැහැ. නිලුපුල් ගණන් ගන්න එපා, සරසි ලා වගේ අයත් මම හිතන්නේ විභීෂනලගෙන් පරම්පරාගත අයයි. (අ) i
නිලුපුල් ඔයාද වින්නඹු කම් කළේ. ආයුබෝවේවා!(නදී)
ඉන්දියාව අපේ රටේ දේවාල හදන්න කෝටී ගණන් වියදම් කරනවට වැඩිය වටිනවා තමිල්නාඩුවේ ජනතාවට වැසිකිලි ටිකක් හදලා දුන්නනම්. එහෙනම් නහය ඇරගෙන පාරේ යන්නවත් තිබුනා.(නදී)
වෙන රටවල් වල බුදුපිළිම පන්සල් හදන්න හොදයි අපේ රටේ කෝවිලක් හැදුවොත් තමයි වැරදි. හදලා බලන්නකෝ සිංහල කට්ටිය කෝවිලේ පිරිලා ඉදියි. අනික දැන් කාලේ ඉන්න මන්ත්‍රීලා වගේ අනුන්ගේ ගෑනු උස්සන් ආපු රාවන්ට මොනවටද පිළිම හදන්නේ.(නදී)
ආගමික ස්ථානයක් හදන එකේ වරදක් නැහැ. ඔය පළාත්වල ඉන්න ද්‍රවිඩ ජනයාට වැදගත් වෙන ආයතනයක්.(නදී)
බොරු සීන් එකක්නේ ඉංදියාව දාන්නේ. ඔච්චර ගේම් එකක් දීලා රාවනා සීතව උස්සන් ඇවිත් නිකම් බලන් ඉන්න ඇති. රාවානා රජතුමා බලන් හිනා වෙනවත් ඇති සීතා දාපු ජෝකර් එකට.(නදී)
චෙන්නායි තහනම් අපට, මොකට ඉඩ දෙනවද මේ අයට මෙහෙ රඟපාන්න? අපිට පාට් දාන අයට මෙහෙ එන්න දෙන්නේ මොකද?(නදී)
" සීතාවනි ඔබ හැඩරුව ඇති බව- දිවිහිමියෙන් පතිදම් සුරකින බව, දනිමි, ඔබත් දැනගතු යුතු මේ බව.... ඔබේ සෙනෙහස මට ඕනේ නෙතී බව..... අපේ හෙළ කුලගොත ඉහලයි හැමවිට ... එහි අබිමානය රකිනෙමි හැමවිට,,,,,,, අන්සතු අඟනක් සෙනෙහස ලබනට උරණ නොවේ මේ රාවණ පෙළපත........ සීතාවනි ඔබ හැඩරුව ඇති බව............... මගේ සොහොයුරියත් පෙර දවසක් ද.... රාම කුමරුගෙන් හිරිහැර වින්දා,........... පිළිතුරු ලෙස ඔබ සිරකර රන්දා , හෙලපෙලපතේ අපි ජයදද බැන්දා..... සීතාවනි ඔබ හැඩරුව ඇති බව.......(නදී)
ලංකාව ගෝත්‍රික රටවල් අතරින් ප්‍රථම රට වශයෙන් හඳුන්වමු. මේ වගේ මෝඩ කට්ටියක්.(නදී)
මේවා ඔක්කොම ජනප්‍රවාදයේ එන කතා විතරයි. ඕක ප්‍රශ්නයක් කරගෙන වචන වලින් ගහගන්න ඕන නැහැ. පහන්, ඔයා හොඳ වචන සෙට් එකක් හසුරුවල තිබුනත් නියම සිංහල බෞද්ධ අයෙක් වෙන්න බෑ.(නදී)
මේවට තමයි කියන්නේ ඡන්ද දායකයෝ ගොනාට අන්දනවයි කියලා.(නදී)
ඉන්දියාවේ ඒවා අපිට එපා. එහේ රාවණා රජතුමාගේ පිලිරූ පුච්චන්නයි මෙහේ සීතාගේ හින්දු කෝවිල් හදන්නයි... (දී)
රාමායනයේ රාම රාවණව මරද්දි හුරේ දාපු ජාතියක් අපි! එහෙවු අපිට ඉන්දියාවෙන් කෝවිල් හදලා දීල මදි. (දී)
රාවණා උතුමා සීතා පැහැරගෙන එන්න තරම් දක්ෂයෙක් උනත් සීතාට රකින්න ඉතිරිවෙයි පතිවතක් , බලහත්කාර කම් කරානම්.(නදී)
ශාන්ත, ඔබ හරියට දිවුරුම්පොල (දිවුරුම්වෙල) පිහිටලා තියෙන තැන සහ එහි පරිසරය ගැන නොදැනයි ලියන්නෙ. නුවරඑලිය බදුල්ල පාරේ කැප්පෙටිපොලයි වැලිමඩයි අතර තමයි දිවුරුම්පොල (දිවුරුම්වෙල) පිහිටලා තියෙන්නෙ. ඒ පළාතේ ඉන්නේ 100% සිංහල බෞධයෝ දෙමල අය හෝ අන්‍යාගමිකයෝ එහි නැහැ. ගොවිතැනින් තමයි ජීවිකාව ගෙනියන්නෙ. දිව්රුම්වෙල කියන්නේ පුරාන රජමහා විහාරයක් තියෙන තැනක් .දේවාලයක් තියෙනවා. එකේ ඉන්නේ මැණික් බණ්ඩාර දෙවියෝ. ඒ තමයි ඒ පැත්තට අරක් ගත් දෙවියන්. කැප්පෙටිපොළ කියන්නෙ 1818දි විමුක්ති අරගලයේදී සිංහල වීරයන් විසින් විල්සන් නම් සුදු පාලකයා මරපු තැන. සුද්දො ඔතන නම් කලේ විල්සන් තැන්න කියලා. ප්‍රසිද්ධ මැක්ඩොනල්ඩ් බලකොටුව තිබ්බෙත් එතන.(ඒක තවමත් තියෙනවා).(නදී)
සියල්ලට පෙර රාවණා රජුගේ විශාල ප්‍රතිමාවක් ඉදිකිරීම අත්‍යවශ්‍යයි. එහෙත් එය රාමායනයේ දැක්වෙන ඉන්දියානු පරිකල්පනයට අනුරුප වූ බඩ ලොකු නපුරු මුහුණක් ඇති විකෘති රාවණා රුවක් නොවිය යුතුයි. ලක්දිව ශ්‍රේෂ්ට නරපති රාවණා අභිනන්දන ප්‍රතිරූපය අවතක්සේරු කරමින් රාම්, සීතා, බුද්ධ වැනි ඉන්දියානුවන්ගේ නැති ගුණ ඉස්මතුවන පිළිම ලක්දිව ස්ථාපනය කිරීම වහාම නැවත්විය යුතුයි. (දී)
බුදුන් වහන්සේ ප්‍රකාශ කර තිබෙන්නේ දෙවියන්ටත් වඩා මනුෂ්‍යයන් උසස් කියලනේ.එහෙනම් ඇයි මේ අපේ මිනිසුන් මිරිඟු පසුපස යන්නේ? 33 න් කෝටියක් දෙවියන් වැඩ සිටිනවා කියන රටේ සුනාමි විපත නොපෙනුනේ මන්ද? (නි)
මොකද මේක හොද නැත්තෙ? අපේ ලංකාවේ රජ කෙනෙක් පරද්දපු එක සමරන්න පුළුවන්නේ ... :) (දී)
ඊට පස්සෙ රාමාගෙ දේවාලයකුත් දෙන්න බලන් ඕක හදන්න. මෙහෙමත් මිනිස්සු ඉන්නවනෙ ලංකාවේ? (දී)
සිතා ගැන රාමටත් විශ්වාස නැත්තන් අපි මොකට දේවාල හදනවද? ඒ අතින් අපේ රාවනා රජ්ජුරුවෝ උතුම් කෙනෙක්. ඔහුට දෙවොලක් හදන්න පිස්සු වැඩ නොකර. සීතා වෙහෙසක් දරලා බඹසර රැක්කේ නැහැ. රාවනා රජුගේ මිනිසත් කම නිසා ඕක රැකගත්තේ. නැත්තම් රාමා සිතාව මරන්න කැලයට යැව්වහම බේරගත්ත වාල්මිකීට කියල ළමයි හදාගනියිද?ඔය ගැනිගේ දෙවොල් අපිට එපා.(නදී)
සරසිව මට මරදානේදි හමුවෙලා තියෙනවා (නි)
සීතා වැනි කෙනෙකුගේ දෙවොල් හදන්න පෙර උතුම් රාවණා රජුගේ දෙවොලක් සැදිය යුතුයි.කෝ රාවනා, සේනා? (දී)
රාමාත් එක්ක විවාහ වෙලා හිටිය සීතාගේ කුමරි බඹසර කොහෙද? අනෙක, කුමරි බඹසර පරීක්ෂා කරන්නේ අග්නි පරීක්ෂාවකින් නෙමෙයිනේ. ඇගේ පතිවත නිසා නේද සීතා පූජා ලබන්නේ? (දී)
නුවරඑළිය පැත්‍තේ මේසන් බාස්ලටයි, අත්උදව්කරුවන්ටයි අවුරුදු හතරකට පහකට රක්ෂාව තියෙයිනේ.ඒකම මදැයි. (නි)
තමිල්නාඩු ජනතාව විනයගරුක පිරිසක් කරන්න ඔය සල්ලි වියදම් කළා නම් කෝවිල් 100ක් හදා දුන්නා හා සමානයි (නි)
ඕවට වැඩිය හොදයි අහිංසක නැති බැරි මිනිසුන්ට හරියට ඉන්න පුළුවන් නිවාස ටිකක් හදල දුන්නා නම්. රාමා සීතාගෙන් රටට වෙන වැඩක් නැහැ. හැදුවා කියලා දැන් ඉන්න දේවිලගේ බඹසර රකින්න පුලුවන්ද. (දී)
අපේ සිංහල මිනිස්සුන්ගේ තුට්ටු දෙකට තට්ටු වෙන වැඩක් තමයි ඔය. පිං කැටේ අරගෙන යන්න වෙලාවට ඉන්දියාවෙන් එයි. ඒ අතරතුරේ භූමියට අයිතිවාසිකම් කියයි, ඊලමට කෙළ හලනවා වගේ. (දී)
මම නම් කියන්නේ මේක හදන්න අපිත් උදවු කරමු , මොකද දන්නවද ? මීට පස්සේ චෙන්නායි වලදී අපේ මිනිසුන්ට ගැහුවොත් අපි එයාලව මෙහෙදී අල්ලගමු. කොහොමද මගේ ටිකිරි මොලේ? (දී)
අනේ මන්ද කොහොම වුනත් ඔය පරීක්ෂණය ගින්දර වලින් කලේ කොහොමද කියලා හිතා ගන්න බැරුවයි මම ඉන්නේ! මතක් වෙනකොටත් බය හිතෙනවා! (දී)
ඉන්දියාවේ ඒවා? ලැජ්ජාවේ බැහැ ලංකාවට. (දී)
බුද්ධගයාවට බෝම්බ, සීතා ලංකාවට මරේ මරු.(නදී)
මේවා හුදෙක් සංචාරක කර්මාන්තයම කියා කියා කරන එක වැරදියි. මෙහෙම කියන්නේ ලාංකික දෙමල ජාතියත් එක්ක තියන තරහකට එහෙම නෙමෙයි. මේ දෙවොල හදන්නේ දකුණු ඉන්දීය "තමිල්නාඩු" ගෘහනිර්මාණ ශිල්පය අනුව.අඩුම ගනනේ උත්තර භාරතීය ගෘහ නිර්මාණ ශිල්පයටවත් නෙමේ. එතකොට අපේ රටේ බෞද්ධ භික්ෂුන්ට ඇති පයින් පහර දීපු කිසිම ආගමකට ගරුත්වයක් නැති මේ ම්ලේච්ච් තමිල්නාඩුවන්ගේ ගෘහ නිර්මාණයද මේ රටට ගෙනෙන්න යන්නේ ..? ඉතින් මිනිස්සු රවණා ගේ පිලිම හදන්න කියන එක වැරදි නැහැ.ඒක ටිකක් හරි නම්බු තියන වැඩක් නේ. ඔය වෙන්න යන්නේ පරාජය පිළිගෙන සංස්කෘතික හා සමාජීය ආක්‍රමණයකට ආරාධනා කිරීම විතරයි විතරයි !! (දී)
මේවා දැක්කහම අපි මහා මෝඩ ජාතියක් කියලත් හිතෙනවා. (දී)
සමරසේකර හරියට හරි මාත් අහලා තියෙන්නේ එහෙම තමයි. සීතෙක්ට වඳින්න තරම් මෝඩ ජාතියක් හිටියේ නැහැ ලංකාවේ.ඔය සුද්දෝ ඒ කාලේ ඉන්දියාවෙන් ගෙනාපු වතු කම්කරුවෝ නිසා තමයි සිතා දෙවොලක් ඇති වුනේ.මෙතෙක් නිවැරදි ඉතහාසය හෙළි නොකර තවත් ඉන්දියානු කුමන්ත්‍රණ වලින් ඉන්දියානු මුදල් වලින් අපේ ඉතිහාසය වලපල්ලට යවන්න උත්සහ කිරීම ලක් රජය විසින් මුළුමහත් ජාතියම වලපල්ලට අද දැමිමමකි. (අ)
සීතා කෝවිලක් දැනටත් සීතා එලියේ තියෙන්නේ. හනුමන්තා කෝවිලකුත් රම්බොඩ පැත්තේ තියෙන්නේ. ඔය කෝවිල හදන ඉඩම ඉන්දියාවට බද්දට දෙනවද? නිකම් දෙනවද? විකුණනවද? සුපර්නිකා රාමගෙන් අහපු වෙලාවේ වැදගත් විදියට රාමා විවාහකයි කියලා බැහැ කියන්නෙ නැතුව ඇගේ කන් කපාපු ලක්ෂමන හින්දා තමා රාවණා සීතාව අරන් ආවේ. අපි රට පාවා දුන්න විභීෂණ දෙයියෙක් කියලා කියනවා. ඉර පවා පාලනය කල රාවණා තාම යකෙක්. අද කාලෙත් රට පාවා දෙන අය දෙයියෝ. රටට වැඩක් කල එකා යකා. ඔය කෝවිල ඉදිරියෙන් රාවණාට දේවාලයක් හදමු. සීතාට වඩා ගීතා වැදගත්නේ. ගීතා ඇල්පිටිය පැත්තේ පාරවල්වත් හදලා තියෙනවා. සීතා නිසා ලංකාවට ලැබුනේ විනාශයක් විතරයි. (දී)
ඉන්දියාවේ හැම ගැටේටම ලංකාව අහුවෙන්නේ මොකද?අපි එච්චර මෝඩද? ඔවුන්ගේ සිතුම් පැතුම් වලට වඩා කොන්ද කෙලින් තියාගෙන ලංකාවේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වලට ගරු කරන්න. (දී)
මම කියන්නේ සීතාගේ දෙවිල ඔනනෑ රාවන රජුගේ පිලිරැවක් හදන්න මොකද රාවන රජු අලප් රජෙක් නිසා ඉංදියාවෙ සීතාගේ දෙව්ල ලංකාවෙ නුවරට ඔන නෑ (අ)
ලංකාවේ අයට නම් ලජ්ජා නැහැ (දී)
රාවණා කියන්නෙ අපේ රටේ ආදිතම රණ ශූරයෙක් වගේම අපේම ශ්‍රේෂ්ඨ රජතුමෙක්. එතුමා එදා පරාජය නොවුණා නම් අද අපි ශ්‍රේෂ්ඨ ජාතියක්. එතුමාට තිබුනු තාක්ෂණයට අද ලෝකයේ තාක්ෂණය කිට්ටු වෙලාවත් නැහැ.ඔය සීතා නිසා තමයි අපිට එතුමා නැති වුණේ.සීතාගෙ පතිවත රැකපු එකට ගරු කරන්න ඕනෑ රාවණා රජතුමාටයි. (නි)
සීතා නිසා රාවණට පිස්සු හැදුනා වගේ, ඉන්දියාවේ අය ලංකාවට පිස්සු වැටිලා වගේ. (දී)
කමක් නෑ හදන්න දෙමු. එහෙදි අපේ අයට ගැහුවහම මෙහෙ එන එහේ අයට නෙලලා රිටර්න් එක ගෙන්න පුළුවන්.(නදී)
කෝවිල හැදුවට පස්සේ එයි අයිතිවාසිකම් කියන්න. ඒක නිසා කෝවිල හදන එක හොද නැහැ නේද? (දී)
අනේ අමතක කරන්න නම් එපා, අපේ හෙළයන්ට කේන්ති ගියහම පොල් ගහන්න තැනක් හදන්න. (දී)
අපේ හමුදා නිලදාරීන්ට එහෙ ඉගෙන ගන්න තහනම් නම්, අපේ වන්දනා නඩ වලට එහෙදී ගහනවානම්, අපේ ගරු ස්වාමින් වහන්සේලාට එහෙදී පන්න පන්න ගහනවානම්, අපේ තානාපති කාර්යාලවලට ගහනවානම්, අපේ ක්‍රීඩකයන්ට එහෙ සෙල්ලම් කරන්න තහනම් නම් ...ඕන ඉලව්වකටද උන්ගේ මිත්‍යාදෘෂ්ටික ඇදහිලි වලට මේ සිංහල පොළොවේ කෝවිල් ඉදිකරලා ඉදිරියට බිලි පූජා පවා පවත්වන්න කටයුතු කරන්නේ. (නදී)
අනෙක වාල්මිකී ලිව්වා මේ රාමායනය හුදු කවයක් පමණයි. ඊට ලංකික රජෙකු සුපුරුදු බොලිවුඩ් "ඒ චරිතයට" දැම්මේ බුදු දහම රැකෙන ලංකාව ගැන හින්දුන්ගේ සිතේ වෛරයක් ඇති කිරීමටයි. බුදුරජාණන් වහන්සේගේ සමාජ ශෝදන ඉගැන්වීම් නිසා එකල කුලවාදය මත පදනම් වුන බ්‍රාහ්මණ සමාජයට දරුනු පහරක් වැදුනා. වෛයිර බැදගත් බමුණන් එකල නොයෙකුත් උපක්‍රම කලා බුදු දහම විනාශ කරන්න. කෙසේ හෝ හින්දු එදිරිවාදිකම් සහ මුස්ලිම්වරුන්ගේ සමුලඝාතන නිසා ඉන්දියාවෙන් පිරිසිදු බුදුදහම වියැකී ගියා. අද තිබෙන හින්දු ආගම වර්දනය උනේ මින් පසුවයි. විෂ්ණුගේ අවතාරයක් ලෙස බුදුන් ඒ ආගමට ඇතුලත් කරන්නේ මෙහි ප්‍රතිපලයක් ලෙසයි. නමුත් බුදුදහම හෙළ ද්වීපයේ තහවුරු වීම මේ හින්දු පුජකයන්ට යම් භීතිකාවක් උනා. යම් දිනක නැවත ධර්මය ඉන්දියාවට පැතිරෙයි කියලා රාමායනය බමුණු සමාජයෙන් ආගමික කවයක් ලෙස එළි බහින්නේ මෙහි ප්‍රතිපලයක් ලෙස. රාමායනය ඇදහු හින්දු ද්‍රවිඩ රජවරු කවට ඒ තමන් තුල ඇති රම දෙවියන්ගේ අනුගාමිකත්වය ඉන්දියානු සමාජයට පෙන්වන්ට හැමවිටම උත්සුක වීමේ පලයක් ලෙස ලංකාවට පාට් දමන්ට ආගම තුලින්ම පෙලබවීමක් වුනා. මෙන්න ඇත්ත.(නදී)
එදා සිටි විජාතිකත්වය පන්දම ඇල්ලු කතුවරුන් රාවනා රජු ගැහැණු පහර ගන්නෙකු කළේය. මහදැනමුත්තා මෝඩයෙකු කළේය, ගමේ ගමරාල අලි වලිගයේ එල්ලී දෙව්ලොව යාමට තත් කල මොදෙර්යේකු කළේය. සිංහල රජවන්සයේ ශරෙස්ටහම්ය ගැමුණු මහා රජෝ දුෂ්ට ගාමිණී කළේය.ජීවුත දහස් ගණනක් නැති කර මෙරට අල්ලාගත් එලාරව වසු පැටියකු කරත්තයට අසුවී මැරුණු සැනින් තම පුතු මරාදැමීමට දැමීමට තරම දැහැමි රජෙකු බවට පත් කළේය. රාවන් රජු යනු ශ්‍රේෂ්ට රජෙකි, සිතාව පැහැරගෙන ඒමට හැකිවූ ඔහුට උවමනා කම තිබුනානම් ඉතිරි හරියද කරගත හැකිව තිබුණි. එහෙත් මේ රටේ ජාතිකත්වය පර ගැසුවෝ ඒ වග නොතැකුහ. ලංකාව ගිනි තැබුවයි කියන හනුමාට දේවත්වයෙන් පිදීමට තරම් බොළඳ වී ඇත. නුවර එලියේය වැලිමඩ අතර පිහිටි හනුමන් දේවාලයට වදින්නෝ අදත් දැකිය හැක. එබැවින් මේ සියල්ලටම ප්‍රථම එම මාර්ගය අසල පිහිටි පාසල් ඉඩමේ රාවනා රජුගේ පිලිරුවක් ඉදිකර පුද පුජා දැක්වීමට හෝ ගෞව්රව කිරීමට සැලැස්විය යුතුය. රාවනා බලකාය,බොදුබල සේනා සිංහල රාවය මේ ගැන සැලකිල්ල දක්වත්වා. රාවනා රජුට පක්ෂව අදහස් දක්වන සැමට සෙතක්ම වේවා.(නදී)
පොළොන්නරු ගියොත් බලාගන්න පුළුවන් පරණ මාලිගා බිම්වල ඉන්දිඅනු කෝවිල්. ලංකාවේ බොහොමයක් පන්සල් වල ඉන්දියානු දෙවිවරුන්ගේ දේවාල තියනවා. මේවා හදලා තියෙන්නේ ඔය හින්දු දෙවිවරු මිනුස්සු අතර ජනප්‍රිය නිසයි. ඔය කෝවිල හැදුවට පස්සේ, එතන හොද හාස්කම් තියෙනව කියලා ප්‍රසිද්ද උනොත්, ඔය කයිය ගහන හුග දෙනෙක් පුජා වට්ටි උස්සගෙන පාන්දරම පෝලිමේ හිටගනියි.(නදී)
සම්පත්ගේ මල්ලිට අමතකවෙලා බුදුපියාණන් වහන්සේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට වැඩමකළ බව, වර්තමාන ලංකාවේ බහුතරය අයාලේ ගිය හෙළයෝ ඉන්නේ. (දී)
මෙතෙන්ට ඉන්දියාවේ අයත් එයි. වෙන රටවල් අයත් එයි හැමදෙනාට මෛත්‍රීය කරුණාව පතුරවලා සාමය උදාකරගන්න අවස්ථාවක් කරගන්න උත්සහ කරමු. හැමදෙනාටම තෙරුවන් සුව!(නදී)
ප්‍රාන්තේ මිනිස්සුන්ගේ වැසිකිලි ටික හදල දෙන්නේ නැතුව මෙහෙ දේවාල හදන්න එනවා .(නදී)
මම කියවූ පොතක තිබුණා සීතා මෙහි සිටියේ කැමැත්තෙන්ම බව, ඒ වගේම සීතාට සහ රාවනාට දාව කුමරෙකු සිටි බවත් ඒ නමින් සුමනසමන් දෙවියන් ලෙසත්. මා දන්නේ නැහැ කොතරම් දුරට එය සත්‍යද කියා.(නදී)