මාතර මහානාම සමරවීර පාලමෙන් නිල්වලා ගඟට වැටුණු එක්දරු මවක පීනා ගොඩට ඒමට සමත් වූවාය. ගඟ ඉහළට මහ වැසි ලැබීම නිසා ගඟද හොඳටම පිරී තිබූ බවත් ගඟ මැද සිට ඉහළට ඒමට ඇයට මිනිත්තු 8ක් පමණ ගතවූ බවත් සිද්ධිය දුටුවෝ කියති.
ගඟේ වතුර පිරීම නිසා තද සැඩ පහරට අසුව කාන්තාව අමාරුවෙන් පීනමින් සිටියදී දහසක් පමණ දෙනා බලා සිටියත් කිසිවකු ඇය බේරාගැනීමට තැත් නොකළ බවත් එක් පුද්ගලයකු පමණක් ගං ඉවුරට ගොස් උණ ගසක් ඇය දෙසට දික් කළ බවත් කියති.
සැමියාද සමග මාතර ආ එම කාන්තාව ගඟට වැටීම ප්‍රශ්නයක් බව පොලිසිය පවසයි. ඇය මාතර රෝහලට ඇතුළු කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැඩ පහර මැද්දේ පණ බේරාගනී
අබය Monday, 16 November 2015 08:10 PM
ඔතන ඉඳලා තියෙන්නේ දකුණේ මිනිස්සු නෙමෙයිද කොහෙද? දකුණේ මිනිස්සු හිටියා නම් ඔය කාන්තාව බේරාගන්න ඔක්කොම පැනලා. (නි)
ලාල් Monday, 16 November 2015 12:47 PM
චාරු, එයා වෙනයි, මෙයා වෙනයි. කව්ද දන්නේ මනුස්සයාට පීනන්න දන්නේ නැද්ද කියලා. (ර)
දසුන් Tuesday, 17 November 2015 06:52 AM
මෙයා වැටුණා නෙවෙයි පැන්නා... (ම)
ජගත් Tuesday, 17 November 2015 02:16 AM
ඕක වෙන්න තිබුනේ නුවර හරි බදුල්ලේ හරි, මනුස්ස ජීවිතයක වටිනාකම දන්නා තැනක (නි)
සංක Monday, 16 November 2015 01:24 PM
බේරගන්න කව්රුත් නෑ. (ර)
සමීර Tuesday, 17 November 2015 03:05 AM
මොනා නැතත් මුල ඉඳල අගටම පොටෝ ගහල (බ)
නිහාල් Monday, 16 November 2015 01:55 PM
සෑම පාසලකම කුඩාවට හෝ පිහිනුම් තටාකයක් සදා දරුවන්ට පිහිනීම පුහුණු කල යුතයි. එය රජයක් කල යුතුම දෙයක්. ගඟ ,ඔය ,වැව් අසන්න ජීවත් වෙන හැමෝටම පීනන්න දන්නවා. (ර)
ඉසුරන්දි Wednesday, 18 November 2015 04:43 AM
දහසක් දෙනා බලා සිටියත් ඒ එක් කෙනෙකුවත් ඉදිරිපත් නොවුණේ සමහරවිට පීනන්න නොදන්නා නිසා වෙන්න ඇති. ඒකට කාටවත් දොස් කීමෙන් පලක් නැහැ. (නි)
හේමන්ත Monday, 16 November 2015 10:38 AM
පිහිනීමට දැන සිටීම හොදම ජීවිතාරක්ෂක ක්‍රමයක් බව දන්නේ, එය පුහුනුවන්නේ අපේ කීයෙන් කී දෙනාද? (ර)
ඉනෝකා-එංගලන්තය Monday, 16 November 2015 10:45 AM
තම හිසට තම අතමයි සෙවනැල්ල....(ම)
චාරු Monday, 16 November 2015 10:52 AM
කෝ මේ අර නියම පිරිමියා කියමින් දෙය්යෝ සාක්කි තීරයේ කෑ ගහපු නඩේ ? තමන්ගේ බිරිඳ ගඟට වැටුනාම මෙතන පිරිමියා නම් කලන්තේ දාලා වැටිලාද කොහෙද ? (ර)
අමිල Monday, 16 November 2015 10:57 AM
පව්.! (ර)
අජිත් Monday, 16 November 2015 10:55 AM
2007 තේ ඔය පාලම හදද්දී සමහර අය ඇවිත් පාලමෙන් ගගට පැන්නා ජීවිතේ නැති කරගන්න. ඒ ඔක්කොම අය බේරගත්තා පාලම හදන අය එකතුවෙලා. (ර)
දුමින්ද Monday, 16 November 2015 10:56 AM
ඉස්සර විපතට පිහිට, දැන් පොටෝ ගැනීම. (ර)
වාද්දුවගේ Tuesday, 17 November 2015 02:54 PM
මොන පළාතේ වුණත් දැන් කවුරුත් කරන්නේ ජීවිතයක් බේරාගැනීමට වඩා ඡායාරූප ගැනීමයි. ඒකට උතුර දකුණ කියලා වෙනසක් නැහැ. නිහාල්ගේ අදහස ගොඩක් වටිනවා (නි)
මාගලි ෆොන්සේකා Monday, 16 November 2015 11:46 AM
දිරිය කාන්තාවක්. ජීවත් වෙන්න පිනක් තිබුනා. (ර)
දමිත් මහානාම Monday, 16 November 2015 06:26 PM
මේ පාලමේ ආරක්ෂක වැට ඉතා අනාරක්ෂිතයි. එහි කනු අතර පරතරය වැඩියි.(රේ)
ජෙහාන් Monday, 16 November 2015 12:01 PM
කිඹුලේක් අහල පහල නොහිටියේනම් පෙර පිනෙන් තමයි. (ර)
සුලෝචන Tuesday, 17 November 2015 05:35 AM
කිසිම අනුකම්පාසහගත හැඟීමක් නැති මිනිස්සු. (නි)