මාතර මහානාම සමරවීර පාලමෙන් නිල්වලා ගඟට වැටුණු එක්දරු මවක පීනා ගොඩට ඒමට සමත් වූවාය. ගඟ ඉහළට මහ වැසි ලැබීම නිසා ගඟද හොඳටම පිරී තිබූ බවත් ගඟ මැද සිට ඉහළට ඒමට ඇයට මිනිත්තු 8ක් පමණ ගතවූ බවත් සිද්ධිය දුටුවෝ කියති.
ගඟේ වතුර පිරීම නිසා තද සැඩ පහරට අසුව කාන්තාව අමාරුවෙන් පීනමින් සිටියදී දහසක් පමණ දෙනා බලා සිටියත් කිසිවකු ඇය බේරාගැනීමට තැත් නොකළ බවත් එක් පුද්ගලයකු පමණක් ගං ඉවුරට ගොස් උණ ගසක් ඇය දෙසට දික් කළ බවත් කියති.
සැමියාද සමග මාතර ආ එම කාන්තාව ගඟට වැටීම ප්‍රශ්නයක් බව පොලිසිය පවසයි. ඇය මාතර රෝහලට ඇතුළු කරනු ලැබීය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන ඉඳලා තියෙන්නේ දකුණේ මිනිස්සු නෙමෙයිද කොහෙද? දකුණේ මිනිස්සු හිටියා නම් ඔය කාන්තාව බේරාගන්න ඔක්කොම පැනලා. (නි)
චාරු, එයා වෙනයි, මෙයා වෙනයි. කව්ද දන්නේ මනුස්සයාට පීනන්න දන්නේ නැද්ද කියලා. (ර)
මෙයා වැටුණා නෙවෙයි පැන්නා... (ම)
ඕක වෙන්න තිබුනේ නුවර හරි බදුල්ලේ හරි, මනුස්ස ජීවිතයක වටිනාකම දන්නා තැනක (නි)
බේරගන්න කව්රුත් නෑ. (ර)
මොනා නැතත් මුල ඉඳල අගටම පොටෝ ගහල (බ)
සෑම පාසලකම කුඩාවට හෝ පිහිනුම් තටාකයක් සදා දරුවන්ට පිහිනීම පුහුණු කල යුතයි. එය රජයක් කල යුතුම දෙයක්. ගඟ ,ඔය ,වැව් අසන්න ජීවත් වෙන හැමෝටම පීනන්න දන්නවා. (ර)
දහසක් දෙනා බලා සිටියත් ඒ එක් කෙනෙකුවත් ඉදිරිපත් නොවුණේ සමහරවිට පීනන්න නොදන්නා නිසා වෙන්න ඇති. ඒකට කාටවත් දොස් කීමෙන් පලක් නැහැ. (නි)
පිහිනීමට දැන සිටීම හොදම ජීවිතාරක්ෂක ක්‍රමයක් බව දන්නේ, එය පුහුනුවන්නේ අපේ කීයෙන් කී දෙනාද? (ර)
තම හිසට තම අතමයි සෙවනැල්ල....(ම)
කෝ මේ අර නියම පිරිමියා කියමින් දෙය්යෝ සාක්කි තීරයේ කෑ ගහපු නඩේ ? තමන්ගේ බිරිඳ ගඟට වැටුනාම මෙතන පිරිමියා නම් කලන්තේ දාලා වැටිලාද කොහෙද ? (ර)
පව්.! (ර)
2007 තේ ඔය පාලම හදද්දී සමහර අය ඇවිත් පාලමෙන් ගගට පැන්නා ජීවිතේ නැති කරගන්න. ඒ ඔක්කොම අය බේරගත්තා පාලම හදන අය එකතුවෙලා. (ර)
ඉස්සර විපතට පිහිට, දැන් පොටෝ ගැනීම. (ර)
මොන පළාතේ වුණත් දැන් කවුරුත් කරන්නේ ජීවිතයක් බේරාගැනීමට වඩා ඡායාරූප ගැනීමයි. ඒකට උතුර දකුණ කියලා වෙනසක් නැහැ. නිහාල්ගේ අදහස ගොඩක් වටිනවා (නි)
දිරිය කාන්තාවක්. ජීවත් වෙන්න පිනක් තිබුනා. (ර)
මේ පාලමේ ආරක්ෂක වැට ඉතා අනාරක්ෂිතයි. එහි කනු අතර පරතරය වැඩියි.(රේ)
කිඹුලේක් අහල පහල නොහිටියේනම් පෙර පිනෙන් තමයි. (ර)
කිසිම අනුකම්පාසහගත හැඟීමක් නැති මිනිස්සු. (නි)