අධිකරණ නියෝග කඩමින් මැයි පළමු වැනි දා ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ පෙළපාළිය හයිඩ් පිටිය දෙසට යෑමට උත්සාහ කළැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සමන් රත්නප්‍රිය සහ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන ආර් ඩී සිරිසේන රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

අධිකරණ නියෝග නොතැකීම සම්බන්ධයෙන් තමා තදින් ක්‍රියා කරන බව පැවසූ මහේස්ත්‍රාත්වරයා එවැනි නියෝගයක් කඩ වෙනවානම් ඒ අවස්ථාවේම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පොලිසියට කීවේය.