ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පුජෝත්සවය විහාරාධිපති කිරිඳිවැල්ලේ ධම්මරතන නාහිමියන්ගේ අනුසාශකත්වයෙන් පැවැත්විණි.
මෙම පිංකමට ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝ නායක හා ජිනීවා ජත්‍යන්තර බෞද්ධ ආයතනාධිපති ආචාර්ය තවලම ධම්මික නාහිමි, ඩෙන්මාර්කයේ කොපන්හේගන් බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ මණිරතන හිමි,ස්විඩන්හි බොර්ලන් තායි විහාරාධිකාරී උඩුගම නාරදහිමි, ඔස්ලෝ බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ ඤාණරතන හිමි,ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානවාසි හල්විටිගල සුජාත හිමි,ස්ටොක් හොල්ම් බෞද්ධ විහාරයේ මාතලේ ධම්මක්ඛන්ධ හිමි හා බුරුමජාතික සොභන හිමි සහභාගී වුහ.
ස්විඩන් සහ ඩෙන්මාර්කයේ ශ්‍රී ලංකා තානාපති ඕෂධී අලහප්පෙරුම ප්‍රධාන ස්වීඩනයේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ ද අන්ජාතික සැදැහැවත්හු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කඨිනානිශංස ධර්ම දේශනාව පවත්වන ලද්දේ ආචාර්ය තවලම ධම්මික නාහිමියන් විසිනි.
කටින පිංකම පැවති දිනයට පෙර දිනයේ සියලුම දෙනා හට සෙත්පතා මහ පිරිත් දේශනයක් ද පැවැත්විණි.
1985 වර්ෂයේදී ශ්‍රී ලංකා ස්වීඩන් බෞද්ධ සංගමය මඟින් ආරම්භ කරනලද ස්ටොක්හෝල්ම් බෞද්ධ විහාරය ස්කෑන්ඩිවේනියා රටක ඇති ප්‍රථම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය වන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට වල වැඩසිටින නායක මාහිමිපාණන් වහන්සේලා අතර ඉතාමත් ධර්මධර, විනයධර හා සිල්වත් නාහිමිපාණන් වහන්සේ නමක් ලෙස මෙම හිමියන් ගෞරවයට පාත්‍රවී ඇත. මෙහිමියෝ නෝර්වේ බෞද්ධ ප්‍රජාවටද අතිමහත් ශාසනික සේවාවක් ඉටු කරන්නාහ. ඔබවහන්සේට නිදුක් නිරෝගී සම්පතත් චිරජීවනයත් ලැබීමට හේතුවාසනා වේවා (නි)
මට නම් යුරෝපයේ වැඩ සිටින හිමිවරුන්ගෙන්, හොඳම ලොකු හාමුදුරුවෝ තමයි ඔය ලොකු හාමුදුරුවන්. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
අති පුජනිය කිරිඳිගල්ලේ ශ්‍රී ධම්මරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේද සෙසු ස්වාමින් වන්සේලාද බුදු සරණින් දිගුකල් ජිවත් වෙත්වා! (නි)
ලෝකයේ කොහේ හෝ රටක මේ උතුම් වූ ශාසනික මෙහෙවර ඉටුවන්නේ නම්, එය ශ්‍රී ලංකාවට ද ගෞරවයක් වෙනවා. මෙවැනි ආගමික කටයුතු වලදී ජිනීවා බෞද්ධ විහාරයේ අධිපති ආචාර්ය තවලම ධම්මික ස්වාමීන් වහන්සේගෙන් ඉටුවන සේවය ඉතාමත් ගරු කටයුතුයි. ඊට සහභාගිවූ ගිහි පැවිදි දෙපිරිසටම අපගේ ආචාරය.(නදී)