
(සුජිත් හේවාජුලිගේ)
සමග ජන ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක රංගන ශිල්පී චරිත් අබේසිංහට විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පෙර ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ ක්‍රියාකාරීන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නොසතුට සහ අප්‍රසාදය පළ කර ඇතැයි වාර්තාවේ
චරිත් වැරදිකාරයකු වීමටත් පෙර විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ‘ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා” යැයි පැවසීමද වැරදි බව ඔවුහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ ප්‍රබල කතාබහක් මේ දිනවල මතුව ඇත.
චරිත් අබේසිංහ තවමත් සැකකරුවකු පමණක් බවත් ඔ්නෑම අයකුට ක්‍රියාමාර්ග ගත යුත්තේ වැරදිකරුවකුවූ පසුව බවත් පක්ෂ ක්‍රියාකාරීහු වැඩිදුරටත් පෙන්වා දෙති.
නායකත්වයේ මෙම තීරණය හේතුවෙන් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් නිද්‍රාශීලී වී ඇතැයිද වාර්තාවේ.
චරිත් අබේසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ පක්ෂ සාමාජිකත්වය සමගි ජන බලවේග නායකත්වය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවනු ලැබීය.
මෙයට අමතරව ඔහු පක්ෂයේ මෙතෙක් දැරූ සියලු තනතුරු වලින්ද ඉවත් කරන ලදී.
මේ සම්බන්ධයෙන් අප පක්ෂයේ ෙජ්‍යෂ්ඨ නායකයකුගෙන් කළ විමසුමකදී පැවැසුවේ
චරිත් අබේසිංහට එරෙහිව ප්‍රබල චෝදනාවක් එල්ලවී අැති හෙයින් ඔහුට එරෙහිව ඉහත ක්‍රියාමාර්ග ගත් බවයි. ඔහු නිර්දෝෂී වුවහොත් එ් අනුව පක්ෂ නායකත්වය ඉදිරියේදී යළි සුදුසු තීරණයක් ගනු අැතැයිද හෙතෙම සදහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd