(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

"ඔබතුමා මෙතන ඕන ඕන විදියට කතා කරලා සභාවේ කාලය කා දමන්න ඉඩ දෙන්න බෑ. මොකක්ද මේ විකාරය. ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා විපක්ෂ නායකතුමාගේ මේ විකාරය නවත්වන්න " යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසූවේය

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාලගුණය සම්බන්ධයෙන් අතුරු ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය. සජිත් ප්‍රේමදාස මහතා:

අපේ කටවල් වහන්න එපා. ඔබතුමාලට ඕන විදියට ප්‍රශ්න අහන්න ලෑස්ති නෑ.මොකක්ද ගැටළුව. අපිට පැහැදිලි කිරීමක් කරගන්න බැරිද.