ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ තනතුරු කිහිපයක් වෙනස් කරමින් ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දෙන ලද නියෝග හා ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (20) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ලබන අගෝස්තු 03 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණය මෙම නියෝගය පැනැවීය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් ගේ ක්‍රියාකලාපය අභියෝගයකට ලක්කරමින් ආයෝජන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සභාපති එච් එල් පියතිස්ස මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
එසේම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අගෝස්තු මස 03 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටි ලෙසට › ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට, ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඇතුළු වගඋත්තරකරුවන් නව දෙනෙකුට නියෝග කරමින් නොතීසි නිකුත් කිරීමටද අභියාචනාධිකරණය තීන්දු කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඒ එච් එම් ඩී නවාස් මහතා හමුවේ කැඳවණු ලැබීය.
COMMENTS
මේ හාදයා නම් පිළිවෙලකට ඉල්ලගෙන කනවා කෙඳිරිගගා හිටපු විදිහට හිටියා නම් තවමත් ගරු නම්ම්බු ඇතිව ඉන්නවා (අ)
බලය නැති කොට හිටියා වගේ. දැන් ඉල්ලන් කනවා. පැවැත්මක් නෑ (බ)
මෙයා විපක්ෂයේ ඉන්නකොටත් ගමට වැඩ කළා. මම නම් එ්ක අගය කරනවා. නමුත් මිනිසුන් ඉදිරියේ හැසිරෙන විදිහ අප්‍රසන්නයි. රස්තියාදු භාෂාවෙන් අනිත් මිනිසුන්ට ගරහනවා. එ්ක හදා ගන්නවානම් හොද මිනිහෙක්. (බ)
ඔයා හරි නිම්මි. කොච්චර ලොකු තැනකට ගියත් වැඩක් නැහැ කතාකරගන්න දන්නෙ නැත්නම් (නි)
වැරදි විවේචනය කරනකොට සමහරුන්ට හරි වේදනයි. කෙළින් වැරදි නොකියා පොඩ්ඩක් වටෙන් යනවා. (නි)
මෙයාලා කරන කියන වැඩ මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
ඒ කාලේ වගේ නෙමෙයි, දැන් ගොඩක් දෙනා වැඩකරන්නේ බලයෙන් ඉදිමිලා (නි)
දෙගොල්ලම එකයි! (හේ)