2012 නඩුවක දී ඇප කොන්දේසි කඩ කළේදැයි සොයා බැලීම සඳහා ලබන ජනවාරි අට වැනි දා කොළඹ කොටුව උසාවියේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරට අද සිතාසි නිකුත් කළේය.
සාමය කඩ කැරෙන දේට හවුල් නොවන්නැයි ඇප කොන්දේසි මත සිටි ඔහු පසුගිය නොවැම්බර අට වැනි දා සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයකට සහභාගී වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
ඔහු එම විරෝධතාවයට නායකත්වය දී ඕල්කට් මාවත අවහිර කළැයි ද පොලිසිය කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම රටක් කාට කියන්නද මේ අවනඩුව.(නදී)
සංජීව ඔයා උසාවි ගිහින් කියන්න මට මුකුත් මතක නෑ කියලා.(නදී)
මේක වෙලා තියෙන්නේ කැකිල්ලේද ? (නදී)
ඉගෙන ගන්න සිසුන්ට ඉගෙන ගන්න ඉඩ දීලා ඔහු ගෙන් පලි ගන්නේ නැතිව තමන්ට අසාදාරනයක් වෙලා තියෙනවා නම්, තමන් මානව හිමි කම් කවුන්සලයට ගිහින් පැමිණිලි කරා නම් ඉවරයි.(නදී)
මේක තමයි දැනට ලංකාවේ වාර්තා වෙලා තියෙන ලොකුම වැරැද්ද,එකනේ කඩිනමින් නඩුව කැදවලා සිතාසි දුන්නේ, කුඩු ගේනවා කන්ටේනර් ගණන් එතනෝල් ගේනවා ඒවා එක්ක බැලුවම මේක කොයි තරම් ලොකු වරදක්ද,(දිල්)
මේකෙන් පේනවා පොලිසිය මොකක්ද කියලා.(නදී)
සංජීව ඔයා සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට ඡන්දෙ ඉල්ලන්න. එතකොට ඔය ඔක්කොම ඉවරයි.(නදී)