
(සුජිත් හේවාජුලිගේ)
හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දෙන බවට සමගි ජනබලවේගය දුන් පොරොන්දුව ඉටු නොකිරීම හේතුවෙන් සභා පිහිටුවීමට එම පක්ෂ දෙක ඇතිකරගෙන තිබූ එකඟත්වය කඩවීමෙන් දැඩි අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනටමත් පැමිණිලි කර ඇත.
හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයාට ලබා දෙන බවට සමග ජන බලවේගය පොරොන්දු වී සිටියත් අවසාන ඡන්ද විමසීමේදී එම අපේක්ෂකයාට සහායදී ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයන් තිදෙනා පමණක් බව පැවසේ.
මේ අනුව සමග ජන බලවේගයේ අපේක්ෂකයා එම සභාවේ සභාපති ධුරයට තේරී පත්විය. එක්තරා සංවිධායකවරයෙකු අසීමිත ලෙස මුදල් වියදම් කරමින් සභාව සමඟ ජන බලවේගයට ලබා ගැනීමට
කටයුතු කළ බවට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාක්ෂිකයෝ දැඩි ලෙස චෝදනා කරති.
කෙසේ වෙතත් පක්ෂ නායකත්වය මේ ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබා නොදී පරීක්ෂණයක් පවත්වන බව පවසමින් කල්මරමින් සිටින බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීන්දුවක් ගන්න තරම් කොන්දක් සජිත්ට කවදාවත් තිබුනෙත් නෑ. ඉදිරියටත් නෑ. ඒකනේ අරගලය වෙලාවේ අගමැතිකම දෙන්න කතාකලාම පැනලා දිව්වේ. අන්තිමට අරගලකාරයන්ගෙන් ගුටිත් කෑවා.
පොහොට්ටුවේ කම්බ හොරුන් එක්ක එකට හිටගන්න සමගි ජනබල වේගයේ ආත්ම ගරුත්වයක් තියෙන සමහරක් මන්ත්‍රීවරුන්ට නොහැකි වෙලා ඇති. ඒක ගැන සජිත්ට කරන්න පුළුවන් දෙයක් නැහැ, මොකද සමගි ජනබල වේගයේ ශක්තිය වෙලා තියෙන්නේ ඔය ගම් මට්ටමේ බිම් මට්ටමේ නියෝජිතයින් මිසක ඉහල ඉන්න පිස්සන් හා පුස්සන් නොවේ.
මේක බලල ඉදිරි පළාත් සභාපතිල තෝරනකොට සජබෙ අය නිවැරදි තීරණයක් ගන්න. ඒක හැම පක්ෂයකටම අදාලයි. හිතට එකඟව කටයුතු කරන්න.
යෝග මොකද මේ, මොලේ පෑදිලාද එහෙනම් අපටත් සතුටුයි.
යෝගා ඩෝබි තාමත් කාගෙන්වත් හරියට ගුටිකාලා නෑ. එකනේ ඔච්චර වැලලෙන්න හදන්නෙ.