IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සජබේ පොහොට්ටුවට පොලු තියලා

(සුජිත් හේවාජුලිගේ)

හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දෙන බවට  සමගි ජනබලවේගය  දුන් පොරොන්දුව ඉටු නොකිරීම හේතුවෙන් සභා පිහිටුවීමට  එම පක්ෂ දෙක ඇතිකරගෙන තිබූ  එකඟත්වය කඩවීමෙන් දැඩි  අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා  සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට  දැනටමත් පැමිණිලි කර ඇත.
හේවාහැට  ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයාට ලබා දෙන බවට සමග ජන බලවේගය පොරොන්දු වී සිටියත් අවසාන ඡන්ද විමසීමේදී එම අපේක්ෂකයාට සහායදී  ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයන් තිදෙනා පමණක් බව පැවසේ.

මේ අනුව සමග ජන බලවේගයේ අපේක්ෂකයා එම සභාවේ සභාපති ධුරයට තේරී පත්විය. එක්තරා සංවිධායකවරයෙකු  අසීමිත ලෙස මුදල් වියදම් කරමින් සභාව සමඟ ජන බලවේගයට ලබා ගැනීමට
කටයුතු කළ බවට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාක්ෂිකයෝ දැඩි ලෙස  චෝදනා කරති.

කෙසේ වෙතත් පක්ෂ නායකත්වය  මේ ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබා නොදී පරීක්ෂණයක් පවත්වන බව පවසමින්   කල්මරමින් සිටින බව දැනගන්නට ඇත.

 



අදහස් (5)

සජබේ පොහොට්ටුවට පොලු තියලා

යෝගා Monday, 23 June 2025 10:33 AM

තීන්දුවක් ගන්න තරම් කොන්දක් සජිත්ට කවදාවත් තිබුනෙත් නෑ. ඉදිරියටත් නෑ. ඒකනේ අරගලය වෙලාවේ අගමැතිකම දෙන්න කතාකලාම පැනලා දිව්වේ. අන්තිමට අරගලකාරයන්ගෙන් ගුටිත් කෑවා.

:       5       25

අරවින්ද මොණරවිල Monday, 23 June 2025 10:49 AM

පොහොට්ටුවේ කම්බ හොරුන් එක්ක එකට හිටගන්න සමගි ජනබල වේගයේ ආත්ම ගරුත්වයක් තියෙන සමහරක් මන්ත්‍රීවරුන්ට නොහැකි වෙලා ඇති. ඒක ගැන සජිත්ට කරන්න පුළුවන් දෙයක් නැහැ, මොකද සමගි ජනබල වේගයේ ශක්තිය වෙලා තියෙන්නේ ඔය ගම් මට්ටමේ බිම් මට්ටමේ නියෝජිතයින් මිසක ඉහල ඉන්න පිස්සන් හා පුස්සන් නොවේ.

:       8       18

සෙනෙවිරත්න Monday, 23 June 2025 11:23 AM

මේක බලල ඉදිරි පළාත් සභාපතිල තෝරනකොට සජබෙ අය නිවැරදි තීරණයක් ගන්න. ඒක හැම පක්ෂයකටම අදාලයි. හිතට එකඟව කටයුතු කරන්න.

:       1       6

සෙනෙවිරත්න Monday, 23 June 2025 11:23 AM

යෝග මොකද මේ, මොලේ පෑදිලාද එහෙනම් අපටත් සතුටුයි.

:       1       6

පුතාණෝ Monday, 23 June 2025 11:51 AM

යෝගා ඩෝබි තාමත් කාගෙන්වත් හරියට ගුටිකාලා නෑ. එකනේ ඔච්චර වැලලෙන්න හදන්නෙ.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 317 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site