
(සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ( 19) ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
පක්ෂයේ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින්ම ඔහුගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරනු ලැබීය.
පසුගියදා පැවැති මහ මැතිවරණයෙන් සමඟ ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන පහක් හිමිවිය. මේ අනුව තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන හතරක් පිරවිය යුතුව ඇත.
එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා යෝජනා ගණනාවක් ඉදිරිපත්ව ඇති අතර සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම මන්ත්‍රී ධුර ඉදිරි දිනවල පිරවීමට නියමිතව ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය
සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ කිහිපයක්ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ලැයිස්තුවක් හදාගන්න බැරිනම් රටක් මැනේජ් කරන්නේ කොහොමද?
මද්දුමයා හදිසිවෙලා ඉක්මණටම නම ගැසට් කරගන්න, සිලින්ඩරේට වුණා වගේ කව්රු හරි යටිං ගේමක් ගහයි කියලා... මදෑ රට හදන්න ආපු කට්ටියට වෙච්චි දෙයක්?
අරුම පුදුම මහ ලේකම් ඡන්දයකට ඉදිරිපත්වෙලා ඡන්ද 10 ගන්න බැරි කෙනා, මහ ලේකම් රට හදන්න තමයි කථා කරන්නේ, විලිලැජ්ජාව ගෑවිලාවත් නැති ඔට්ටපාලුවා...!
ඉතිරි ටික නම් කරන්න. 21 ට පෙර කොහොමත් බැරිවෙනවා සමහරවිට මාස කීපයක් ගතවෙයි. එච්චරටම සමගිය උතුරලා, අනිත් කට්ටියටත් එහෙම තමයි. පරිණත කට්ටියගේ වැඩ එහෙම තමයි, තව ප්‍රශ්ණ තියෙනවාද?