
(කාංචන කුමාර ආරියදාස)
මේ රට විනාශ කළේ රාජපක්ෂලා. රාජපක්ෂලා බලයට ගෙන්න ගෙන්ගෙට ගිය රතු මල්ලිලාට හොරු ඇල්ලීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 02 දින දඹුල්ලේ දී පැවසීය.
සමගි ජනබල බලවේගය බලයට පත්වූ වහාම රාජපක්ෂලා සොරකම් කළ සියලු දේ හෙළි කොට ඔවුන් නීතියේ රැහැනට හසු කර දී රජයේ මුදල් සියල්ල නැවත ලබා ගැනීම සඳහා අවශ්‍ය අණපනත් සම්පාදනය කරනවා.
ජාතික සමගි ජන බලවේගයේ දඹුල්ල , ගලේවෙල, සහ පල්ලේපොල ප්‍රාදේශීය සභා හා මහ නගර සභා අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා දඹුල්ල ආසන සංවිධායක යු .ආර් . දයානන්ද සිරි මහතා දඹුල්ල නිස්සංක පිටියේ සංවිධානය කළ රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.
අධික වැසි සහිත තත්ත්වයක් මත විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි .
මෙහිදී දහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ ජාතික සමගි ජනබලවේගයේ ප්‍රාදේශීය සභා නගර සභා මහ නගර සභාවල කිසිදු සභාපතිවරයකුට උප සභාපතිවරයකුට මන්ත්‍රීවරයකුට කිසිදු කොන්ත්‍රාත් ලබා ගැනීමට ඉඩ නොතබන බවය. තම පක්ෂයේ මතයට පිටින් යන ඕනෑම මන්ත්‍රීවරයකු එයින් ඉවත් කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සජිත්ද හොරු අල්ලන්නෙ? උගේ උන්ම මහ බැංකුව අමු දාවාලෙ මංකොල්ල කද්දි එයා කොහෙද හිටියෙ?
රටේ ප්‍රධානම ප්‍රශ්නේ......
ඔයා බයවෙන්න එපා .ජාතික ජනබලවේගය ආවම ඔයා ඇතුළු සියලුම හොරු එලවනවා ඒක ෂුවර්
අනුන්ගේ වැරදි හොයන්න කලින් තමන්ගේ අම්මව බලා ගත්තොත් නරකද?ඒකත් අපේ පිට පටවලා සද්ද නැතුව ඉන්නේ?ඒකත් හොරකමක් තමයි
෴ඔවුන් නීතියේ රැහැනට හසු කර දී රජයේ මුදල් සියල්ල නැවත ලබා ගැනීම සඳහා අවශ්‍ය අණපනත් සම්පාදනය කරනවා! ෴ අන්තිමේ දී අන්දරේ ගල ඉස්සුවා වගේ නීතිය පාස් කරගන්න බැරි උන හින්දා කරන්න බැරි උනා කියයි. නීති නැතිව නොවේ දැන් උනත් තියෙන නීතිය යටතේ හොරකම් කළ රටේ මුදල් නොසොයන ඒකයි ගැටලුව.
සජිත්, ඔයාට මේ මොකද ලඟකදී ඉඳලා "කිරිපනුගාය " හැදිලා වගේ දඟලන්නේ ? රතු මල්ලිලා මහින්ද කියන හොරාව බලයට ගෙන ආබවත් ඒ නිසා ඒ අයට හොරු ඇල්ලීමේ හැකියාවක් නැති බවත් ඔබ යටි ගිරියෙන් බෙරිහන් දෙනවා.හැබැයි එකක් මතකතියාගන්නවා රතු මල්ලිලා හොරු නොවෙයි !!!ඔබ දන්නවාද ඔබ හිරේ නොගිහින් නඩුත් නැතිව නිදහසේ ඉන්නේ ඔබ දැන් හොරෙක් ලෙස චෝදනාකරන මහින්ද රාජපක්ෂ නිසා බව ? ඔබයි නංගියි හොරසල්ලි ගහලා අහුවුනාම ඔබව බෙරාගත්තෙත් හොරෙක්.මහින්ද රාජපක්ෂ !!! ඔබලා දෙන්නාම පට්ට හොරු !!! ඔබ ඔබගේ ගෝලබාලයින් එක්ක නිධන් කියක් කැඩුවද .?ඔය නිධානයක් ගන්න ගිහින් සිදුවුණායයි කියන දෝෂයකින් නේද ඔබට පිස්සු හැදිලා අංගොඩ රෝහලේ මාස 18ක් බෝඩින් වෙලා හිටියේ ? අවශ්‍යනම් රෝහලේ ඔබ හිටිය හැටි ෆොටෝ කිහිපයකින් පෙන්වන්නම්. ඒ වගේම ඔබට බෙහෙත්කල දොස්තරවරුන් ගැනත් කියන්නම්.ජාතික ජනබලය ජනප්‍රියවේලා චන්දදායකයින් පිරිවරාගෙන නැගී සිටිනකොට ඔබව නලියනවා නේද ? කොහොමත් රතු මල්ලිලා රටේ බලයගත්ත පසු අනිවාර්යයෙන්ම ඔබටත් ආණ්ඩුවේ බෝඩිමේ කෑමවල රස බලන්න වෙනවා..ෂුවර් . ඒ ගොල්ලෝ රටේ ඉන්න හොරුන්ව අල්ලද්දී අනිවාර්යයෙන්ම ඔබත් අහුවෙනවා මොකද ඔබත් මගෝඩි හොරෙක් නිසා.
ඔයා බයිලා ගැහුවාට ඔයාගේ අම්මා තවම ජීවත් වෙන්නේ මහජන මුදලින් නේද? තමන්ගේ අම්මාට කන්න බොන්න නොදී ඒක මහජනයට බාර දීපු ඔයා රටේ මිනිස්සුන්ට කන්න බොන්න දෙනවා කීමම විහිළුවක්...
සජිත් ලා රාජපක්‍ෂලාගේ නම කියන්නත් බයේ ඉන්න කොට හොරුන්ට හොරු කියලා එළිපිට කිව්වේ ජවිපෙ අනුර කුමාර දිසානායක කියලා මිනිස්සු දන්නවා.
හොරුන්ගේ මීළඟ ගැලවුම්කරු සජිත්. ඡන්දෙන් පස්සේ ජාතික ජන බලවේගයට විරුද්ධව මේ හැමෝම එකතු වෙනවා...
බයවෙලා තියෙන තරමක්... අද හැමෝටම අභියෝගයක් වෙලා තියෙන්නේ ජාතික ජන බලවේගය...
සංස්කෘතික අරමුදලේ සල්ලිවලට මොකද වුනේ කියලා පොඩ්ඩක් කියමුද ආයුබොවන්..?
රනිල්ගේ, සජිත්ගේ ආණ්ඩුව එදා කොටිත් එක්ක ගිවිසුම් ගහලා උතුරු නැගෙනහිර ප්‍රභාකරන්ට ලියලා දෙන්න හදද්දී ජවිපෙට ගන්න තිබුණු එකම තීන්දුව මහින්ද දිනවන එක... යුද්දේ අවසන්වීම නිසා ඒකේ වාසිය රටට ලැබුණා...
අනේ..! බලය ගත්තු වෙලාවේ පොල් ගෑවද?
අනේ තොපි මැරිලා ඉපදිලාද බොලව් නැත්තන් මිනිස්සු මැරිල ඉපදිලාද .තොපි ඔක්කොලා කලා නේද එකතුවෙලා සියලු වරදාන සැප සම්පත් අරගෙන දැන්ද උබලට මතක් වෙන්නේ හොරැ අල්ලන්න.චන්දෙ ඉවරවුනාම ඔක්කොම ඉවරයි .අනේ මෝඩ මජර හරක් මුන්ගෙ ඔලුගෙඩි හේදෙන්නේ කවද්ද මුන් පස්සෙ යන .කන්න නැතත් ඇඟට වස්තරේ නැතත් නිල් කොළ මෙචිචර අවුරැදු 75ක් තිස්සේ රට විනාශය කරා ගෙනගිය මෙි හොරැ පස්සෙ යන්නේ රෙදි ඇඳ ගෙනද. තමන්ගේ දරැවන් ගැනවත් ඉපදෙන්න ඉන්න උන් ගැනවත් හිතාපල්ලා මී හරක්
එතුමා කියන එක හරියටම හරි. 2015 දීත් යහපාලනය ද මොකක්ද එකක් ගෙනල්ලා අනුර කුමාරලා කරෙත් හොරු අල්ලනව කිව්ව එකනේ.ඒ කාලෙත් ජනාධිපති මන්දිරයෙ කාමරයක බරටම වැඩ කරා නමුත් අල්ලපු හොරෙක් නැහැ. හැබැයි අනුර කුමාරගෙ පැලවත්ත පක්ෂ කාර්‍යාලයනම් සුපිරියටම හදාගත්ත.ඒව ගැන මලික් සමරවික්‍රම සර්ගෙන් තමයි අහන්න ඕනේ.කොටින්ම කිව්වොත් ජාජබ කියන්නෙ තවත් එක් එන්.ජී.ඕ නඩයක් විස්තයි.මට දුක පරණ ජ.වි.පෙ අහිංසක සාමාජිකයන් මේවා නොදන්න එක.
ගහ ගන්නට එපා... දෙන්නාටම බිරිඳ වෙන්නම් නුඹලා දෙන්නම මාගේ නොවේද කියලා කුඩා කාලයේ පාසලේ දී අහලා තියෙනවා. දැන් කාලේනම් එහෙම අහන්න කියවන්න ලැබෙන්නේ නැහැ. මොකද රජයෙන්ම දෙන පොත් විතරයිනේ කියවන්නේ... ඒක කිව්වේ අංගොගේ දුව හීන්මැණිකේ ටිකිරිට හා අදිරිට තමයි... ඉතින් දැන් කාලයේ ලංකාවේ සියලු ජනතාව කියලා හිතමුකෝ..
ඔය කියන අවු 75 න් 55 කට ම රතු සහෝදරගෙන් තීරණාත්මක බලපැම් තිබුණි. රජයන් පිහිටවීමට සහය වීම්, කඩාකප්පල් කිරීම්, දරුණු රාජ්‍ය විරොධී කැරැලි 2ක්, විරුද්ධවාදීන් ඝාතනය කිරීම්, වැඩ වර්ජන, අස්ථාවර කිරීම්, දේපල හා ජීවිත විනාශ කිරීම්, මේ සියල්ල අමතක කිරීම තනිකරම පිස්සුවකි.
අනෙක් පක්ෂවල ඉන්න හොරුන් අල්ලන්න පෙර ඔබ ළඟ ඉන්න හොරුන්ට මොකද කරන්නේ කියලා කිව්වා නම් තමයි හොඳ...! මහ ඡන්දයට ඔවුන්ට අපේක්ෂකත්වය දෙනවද නැද්ද කියලත් කියන්න...
පක්ෂ විපක්ෂ ඔක්කෝම රට විනාශ කරපු අය තමයි. එක පිරිසක් රජවෙලා හොරකම් කරලා. රජ වෙන්න බැරි වූ අය උගතුන් මරා රාජ්‍ය සම්පත් විනාශ කරලා...
මෙයා වපුරන්නේ සිද්ධියකින් එයාට වාසි කොටස පමණයි. චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එක් වී ඇමැතිකම් රැගෙන ජවිප කළ සේවය ඔහු කියන්නේ නෑ. මහින්ද බලයට ගෙනා කාරණය ඔහු හෙලිකරන්නේ නෑ. ලද බොලඳ, අවස්ථාවාදි බලයට කෑදර නායකෙයක්. කථාකරන දේවල් පැහැදිලි නෑ. අනුර කුමාර ප්‍රශ්නයකට උත්තර දෙන විදියයි. මේ මනුස්සයා උත්තර දෙන විදියයි.. අහසට පොළව වගේ. අනුර කුමාරලා අපට විශ්වාසයි. ,
මෙයා ළඟ ඉන්න රජිතට නඩු, ධීවර ඇමැතිවෙලා ඉන්දෙද්දී කොමිස් ගහලා. මෙයාගේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකලා, මෙයා උපනායක වෙලා හිටපු පක්ෂය පාවාදීලා ඇමැතිකමට රාජපක්ෂගේ උකුලට පැන්න කෙනෙක්. ඔන්න මෙයාගේ හොරු ඇල්ලීම...
සජිත්ගේ ආණ්ඩුව ආවොත් පාලන ගෙදර ඉඳලා මෙහෙයවන්නේ, ජලනි, දුලංජලි, හේමා ප්‍රේමදාස...
මේ අපිට කන්න නෑ, බෙහෙත් නෑ, ලයිට් නෑ, බෙහෙත් ගන්න සල්ලි නැතුව ලෙඩ්ඩු පෝලිමට මැරෙනවා. රනිල්ට ඒ කිසිම ප්‍රශ්නයකට උත්තර නෑ. අවුරුදු 45ක් පාර්ලිමෙන්තුවේ හිටියා කියලා උත්සව ගන්නවා. මෙන්න දෙන්න පුළුවන් ලණුව... කිසිම ගිනිගන්න ප්‍රශ්නෙකට උත්තර රනිල්ට නෑ. මෙයා දැන් ජාතිවදය අවුලන්න හදනවා. මිනිස්සුන්ට දැවෙන ප්‍රශ්න අමතක කරවන්න. දැන් හැංගිලා හිටිය සරත් වීරසේකර, වංශ වැඩට බැහැලා.. අපි තමයි දේශප්‍රේමීන් කියලා පෙන්නන්න. මිනිසුනේ මේ 13වැනි සංශෝධනය සම්මත වුණේ 1987 අවුරුදු 37 කට ඉස්සෙල්ලා, අද වනතුරු අපේ වගේම දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්නත් විසඳිලා නෑ. හොර දේශපාලුවන් රටේ මිනිසුන්ගේ ප්‍රශ්න යටගහන්න ජාතිවාදය අවුස්සනවා රැවටන්න එපා.. ඔක්කොම එකතුවෙලා මේ අයව එලවමු.
jvp සහ මහින්ද ගජ යාලුවෝ.