මිහින් ලංකා සභාපති සමයේ රජයට රුපියල් මිලියන 883ක් පාඩු කළැයි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාළව විදෙස් ගතවීම සඳහා අවසර ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීම නොවැම්බර් 4 වැනිදාට කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ආගමික කටයුත්තක් සඳහා නොවැම්බර් 11 සිට 16 දක්වා ඉන්දියාවට යෑම සඳහා ඔහු අවසර ඉල්ලා තිබිණි.
ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හැරීමට ද අධිකරණය අවසර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට නෙවෙයි මෙයාව යවන්න ඕනේ ගස්. (බ)
පිටිගල, ඔයාගේ කට පොඩ්ඩක් අරින්නකෝ කුවේට් ඩිනාර් ( දැනට වැඩි වටිනාකමක් තියන මුදල) ටිකක් දාන්න. (බ)