පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වත්කම් බැරකම් වාර්තා ලබානොදීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුවේ පළමු සාක්කිකරු අද (1) නොපැමිණීම හේතුවෙන් නඩු විභාගය දෙසැම්බර් 10 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
දූෂණ විරෝධී පෙරමුණ වෙනුවෙන් වසන්ත සමරසිංහ මහතා අල්ලස් කොමිසමට ගොනු පැමිණිල්ලක් ගොනු කර තිබිණි.
නඩුවේ පළමු සාක්කිකරු වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් පරාක්‍රම මහතා අද දින නව පාර්ලිමේන්තුවේ පළමු සැසිය පැවැත්වෙන බැවින් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බව දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට ගොඩ ගන්නකම් ඔය වගේ මිනිසුන්ව ඔහොම ම තමයි තියන්න ඕනේ. (අ)
බැරිද මෙයාවත් ඔය කියන සියලු චෝදනාවලින් නිදොස්කොට යවන්න ස්වාධීන කොමිසන් එන්න ඉස්සෙල්ල!!!(ම)
නඩුවේ පළමු සාක්කිකරු නොපැමිණීමට හේතුව මොකක්ද? අස්නිපයක්ද? ගංවතුරද , ග්‍රහයන නීච වීමක්ද ? (අ)
හැමදේම කල් යනවා. නැත්නම් අමතක වෙනවා. එහෙමත් නැත්නම් සාක්ෂි නැතිවෙනවා. මටත් කියන්න තියෙන්නේ මටත් මොකුත් මතක නැහැ කියලා තමයි. (නි)
තව නොබෝ දිනකින් සජින් වාස් නැවතත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් ලෙසට දිවුරුම් දුන්නත් මම නම් පුදුම වෙන්නේ නැහැ. ඔන්න ආශ්චර්යය. 1948 සිට අද වෙනතුරු වුණේ කවදත් දුප්පතාව රවටපු එක පමණයි. මට දුක අපේ ගමක පොඩි ළමයෙක් පොල් ගෙඩි 5ක් හොරකම් කෙරුවට 50,000ක් ඇප තැබූ නීතියක් ඇති රටක මෙවන් තෝරු මෝරුන්ට නඩු කල්දමන අබුද්දස්ස කාලයක්? (නි)
දුප්පත් ජනතාවගේ සල්ලි වලින් සුරසැප විඳි කිසිවෙකුට යහපතක් නම් වෙන්නෙ නැහැ (නි)