හිටපු ඇමැති සජින් වාස් ගුණවර්ධනගේ අම්බලන්ගොඩ නිවසේ රඳවාගෙන සිටි අලි පැටවකු අද (18) වනජීවී භාරයට ගත් බව වනජීවී නිලධරයෝ කියති. වනජීවී සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එහි ගොස් අලි පැටවා සිය භාරයට ගත්හ.
ව්‍යාජ බලපත් සහිතව ළඟ තබාගෙන සිටින අලි අත්අඩංගුවට ගැනීමට උසාවිය ලබාදී තිබූ නියෝගය අනුව මෙම අලි පැටවා වනජීවී භාරයට ගෙන ඇතැයි ද උඩවලව ඇත් අතුරු සෙවණේ අලියා රඳවා තබන බවද වනජීවී නිලධාරීහු පවසති.
වයස අවුරුදු 15ක් පමණ වන මෙම අලි පැටවා වසර 10ක පමණ කාලයක් සජින් වාස් හිටපු මන්ත්‍රීවරයා ළඟ සිට ඇති බව කියති.
ඡායාරූප - දේමුණි සම්පත්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අෂාන් අනේ ඔව් හිරිහැරයක් නොවෙන්නනෙ ඔය දම්වැල් එහෙම දාල තියෙන්නෙ. (බ)
කමල් කියන විදිහට නම් හිරේ දාන එකත් අගය කරන්න ඕනේ. කන්න බොන්න දීල බලා ගන්නවනේ. (බ)
මහින්ද මහත්තයා පැරදුනේ මේවා නිසා නෙමෙයි. මහින්ද මහත්තයා කළ දේවල් ගෝලයොත් කළ නිසා තමයි පැරදුනේ. කපුවා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුවා කරනවා කියලා කියමනක් තියෙන්නේ මෙන්න මේවට වෙන්න ඇති නේද? (නි)
මම හිතන්නේ දෙවුන්දර පෙරහරේ ගිය අලියෙක් පාර වැරදිලා ගිහින් සජින්ගේ ගෙදර නවතින්න ඇති (නි)
අප්පුහාමි, ඔබගේ අදහස හරියට හරි. (නි)
අනේ පවු. මේ අලි පැටියත් මෙයාගෙ ගේට්ටුව ලඟ අතහැරල ගිහින් තිබුනෙ.(අ)
මෙහෙම බලනකොට කැලේ අලි ඉතුරුවෙන එකක් නැහැනේ (නි)
කවුද එතකොට මූව ගේ ළඟ දාලා ගියේ? (නි)
අලි පැටියා නෙමෙයි, මේ අලි හොරු පුනරුත්තාපනය කරන්නේ කවදාද? (නි)
මං හිතන්නේ කවුරුහරි සජින් වාස්ගේ අම්බලන්ගොඩ නිවස ළඟ අලි පැටියාව අමතකවෙලා දාලා යන්න ඇති (නි)
අම්බලන්තොඩ රූකඩ බලන්න අලියෙක්ගෙ පිටේ ආපු කට්ටියක් සජින්ගෙ ගේ ළඟ දමල ගියපු අලියෙක් ද දන්නෙ නෑ. (බ)
බලාගෙන යද්දී මුන් ඔක්කොම අලි හොරු නේ . (බ)
මට පෙන්නේ පසුගිය රජයේ බහුතරයක් අලි පැටව් , එම රජයට කඩේ ගිය පන්සල් වලත් අලි පැටව් (බ)
මේ වගේ මිනිස්සු නිසා තමි මහින්ද මහත්තය පරාද වුණේ .කරන තරමක් කරලා තියෙන්නේ තක්කඩි වැඩ (අ)
කැලේ නිදහසේ ඉන්න ඕනේ සත්තු ගෙවල් වලට ගෙනල්ලා දම්වැල් දාල බැඳලා ඇති කරනවා අනේ මෙහෙමත් පිස්සු මිනිස්සු.(අ)
මහන්තත්ත කම පෙන්නන්න අලි තබා ගැනීම අපේ ලොක්කන්ගේ, පන්සල් ආදියේ සිරිතක්. කිරි අත් නොහැරිය පැටියෙක් නම් වඩාත් හොඳයි. මෙත් ඉතින් ඒ කාලේ ලොක්කෙක්නේ. (අ)
ලංකාව කියන්නේ දේශපාලකයන්ටම පෙම් කෙලින්න තියෙන රටක්.ඡන්දෙ දීපු ජනතාව කටවල් ඇරගෙන මේගොල්ලන්ගේ රන්ඩු සරුවල් බලා ඉන්නවා.මේවා බලා ඉඳලා මට නම් අප්පිරියයි.
කවුරු අලි තියාගත්තත් බොහෝ වෙලාවට කන්න බොන්න දෙන්නේ මහජන මුදල් වලින්. මහජනයාට ඇති අලියෙකුත් නැහැ, ඒත් ගෙවලා ඉවරෙකුත් නැහැ. (නි)
දැන් ඉතින් ඔය අලි සම්බන්ධය නිසා සජින් වාස් මහත්තයා අධිකරණයට යන්නේ අලියා පිටින්ද දන්නෙ නැහැ. (නි)
මේ අලි පැටියානම් සුනාමි වෙලාවේ ගහගෙන ආපු එකෙක් වෙන්න ඇති. අනුකම්පා කරලා කන්න බොන්න දීල තියා ගන්න ඇති. (බ)
කවුද ? මේ අලියා මේ ගෙදරට දමලා ගියේ . (බ)
පවු අහිංසක සත්තු! (නි)
මේ අලි පැටියත් කව්රුහරි ගෙනෙත් දාල ගිය එකෙක්ද දන්නේ නැහැ. (බ)
උපරිම දඬුවම් දෙන්න (නි)
මේ අලියා ගැන ටික කලකට පෙර මාධ්‍ය අනාවරණය කළා. අත්අඩංගුවට ගන්න ප්‍රමාද වුණේ ඇයි? (නි)
සයිස් එකෙන් නම් සහෝදරයෙක් වගෙයි! (බ)
අප්පුහාමි හරි. ඔවුන් පිස්සු නටනවා. අපි බලාගෙන ඉන්නවා. (නි)
කව්රු හෝ වේවා සතුන්ට කන්න දීල හොදින් රැක බල ගන්නවානම් සතුන්ට හිරිහැරයක් නොවේ නම් අපි අගය කළ යුතුයි නේද (බ)
බලනකොට අලි නොසිටි කෙනෙක් නැහැනේ (නි)