ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හා විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන මස තුන් වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
ජනපති ලේකම් කාර්යාලයයට අයත් වාහන 23ක් මන්ත්‍රීවරයා භාවිත කර ඇති බවත්, ඉන් වාහන දෙකක් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක සේවයක වැඩට යොදාගෙන ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඔහුගේ නීතීඥයන් කීවේ මන්ත්‍රී සියලු වාහන භාවිත කළේ හිටපු ජනපතිගේ අනුමැතිය ඇතිව බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පේන්නේ බේබි ගෙන් අවසර අරන්ද කොහෙද වාහන භාවිතා කරලා තියෙන්නේ. (බ)
මීළඟ අයවැය හිඟය පියවගන්න තරම් සල්ලි හොයාගන්න පුළුවන් වෙයි මේක හරියට හෙව්වොත්. (ම)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
සජින් වාස් කරපුදේම තමා දැන් බලයේ ඉන්න කට්ටියත් කර කර ඉන්නේ. රටට, මිනිස්සුන්ට වැඩක් වෙන දෙයක් කරන්නේ නැතුව, හොරු අල්ලනවා කියල තමන්ගේ බලය රැක ගන්න බොරු විගඩම් කරනවා. තේරුම් නොගත්ත මිනිස්සු කොටසක් පැති බෙදිලා කුලල් කාගන්න හදනවා. (බ)
හිටපු එක්කෙනා දැනුවත්ව කරපු නිසා නැති නිසා මේ චෝදනා.. (ම)
මොනවද මේ කරන විකාර වැඩ. මෙයාගෙ මෙගා හොරකම් සොයන්නෙ නැත්ද....? (බ)
හොර කමට දඩුවම කෙසේ වෙතත් මිනිසුන්ට කරදරකාරී ලෙස නොහැසිරෙන්න රිමාන්ඩ් එකේදීවත් පුරුදුවන්න. මෙයා කොච්චර වද දුන්නාද හොරුන් නොවන මනුෂ්‍ය සුලු අතපසුවීම් වලට (බ)
ක්‍රිස් නෝනිස් දොස්තර මහත්තයාටත් ඉහළින්නේ මෙයා හිටියේ. (අ)
නාමල් මල්ලිත් ඇවිත් ඉන්නේ. (නදී)
කටුනායක ගාල් කරලා තියෙන මෙයාගේ අහස් යාත්‍රාවට මොකක් වෙයිද ? (බ)
අපොයි අපි පත් කරගෙන ඉන්නේ කම්බ හොරු ටිකක්නේ පර්ලිමේතුවට.(හේ)
හිටපු ජනාධිපතිතුමාව පාවා දෙනවා මෙයා. (ස)
පේනවා නේද මහින්ද මහත්තයෝ, මේ වගේ අප්පුහාමිල දැන් කාපු පතේ පහරන ලස්සන. ඔබ තුමා ලඟින් දැනටත් ඉන්න උන්දලා කරන්නෙත් කවදා හරි ඔය ටිකම තමයි, දැන් පන දෙන්න කතා කරාට! (ස)
දැන් සජින් වාස් කරපු වැඩේ කරන්නේ වෙනත් කෙනෙක් වෙනත් විදිහකින්ලු. නිස්සන්ට තැන ලැබීම යහපාලනයේ දී විය යුතුයි ඇමැතිතුමනි (බ)
ඔය මදැයි විමර්ශන කළානේද ? දැන් නිසි පිටයවර ගත්තොත් නරකද? (ම)
කෙටි කලකින් මහා දැනුම් සම්බාරයක් ලබාගන විභාගය ජයගත් නාමල් නීති මහත්තයත් ඉන්නේ.හ්ම්ම් !මට නිකම් කැරකිල්ල වගේ. (නදී)
ශ්‍රී ලංකාවේ අති මහත් දුෂණ රැසක් හෙලිකරගැනීමට ගැනීමටනම් නිලදරයෙනි නොබියව අල්ලසට යට නොවී මොහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර පරීක්ෂණ පවත්වන්න. (ම)
මේ වැඩ වලට තවත් කට්ටිය සම්බන්ද ඇති. (ර)