මහින්ද රාජපක්ෂ රජය පරාජය කිරීමට මුල් වූයේ තමාද උදය ගම්මන්පිලද යන්න මහජනයාට පැහැදිලිව දැනගත හැකිවන සේ රූපවාහිනියෙන් තමා සමග වාදයකට එන්නැයි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිලට අද (5) බලපිටියේදී අභියෝග කළේය.
ගම්මන්පිල මහතා තමාට නොයෙකුත් අවලාද නගන බවත් හොඳම ක්‍රමය විවෘත සංවාදයකට පැමිණීම බවත් සජින් වාස් ගුණවර්ධන කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර හොරු, මංකොල්ලකාරයෝ, මත්ද්‍රව්‍ය ගෙන්වන්නෝ, එතනෝල් ගෙන්වන්නෝ, සූදුකාරයෝ මහින්ද ළඟයි ඉන්නේ කියලා ඒවා වෙනස් කරන්නනේ ඡන්දෙ ඉල්ලුවේ. අද ඒ උදවිය ඉන්නේ කවුරු ළඟද කියලා ඇස් ඇර බලන්න. (නි)
හොඳ හොඳ සෙල්ලම් ටිකක් අපිට බලාගන්න පුළුවන් (නි)
රෙදි ඇඳගෙනද මෙතුමන්ලා රූපවාහිනී විවාද වලට එන්න හදන්නේ? (නි)
හොඳ විවාදයක් අපිට බලාගන්න පුළුවන්වෙයි (නි)
ගොඩක් මිනිස්සු හිතාගෙන හිටිය යහපාලනය පමණට වඩා වැඩියි. මහින්ද මහත්තයා නැතුව හිටපු අනෙක් අය හැමෝම ඉන්නවා. (නි)
එක් කෙනෙක් නෙමෙයි, දෙන්නා දෙන්නටම අභියෝග කරන්න ඕනෑ (නි)
ලංකාවේ අනුවණ මිනිස්සු ඉන්නාතුරු දේශපාලකයන් යහතින් තම අරමුණු ඉටු කරගන්නවා. (නි)
කුණු තවත් රටකට අවැසි නොවේ (බ)
කෝ යහපාලනය හොරු ටික දැන් කොහෙද (හේ)
තානාපතිවරුන්ගේ කනපලපු අය ගැන කවර කතාද (හේ)
ගම්මන්පිල කියන්නේ උත්තමයෙක්. ඒත් සමහරු ගැන මුළු රටම දන්නවා (නි)
හැකි ඉක්මනින් රටේ ජනතාවට බලා ගන්න (හේ)
සුදේශ්, ඔයා ගම්මන්පිලගේ කවුරුහරිද? (නි)
එක කාසියේ දෙපැත්ත ගම්මන්පිලයි මෙයයි. මහින්ද ඔය කාසියයි තව කාසි දෙක තුනකුයි සාක්කුවට දාගෙන නිකන් අමාරුවේ වැටුනා. (නි)
අනේ මටත් මේ අවස්ථාවට සහභාගි වෙන්න දෙන්න හොරුන් සමග පැයක්. මෙහි ඇත්ත දන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු (බ)
අපි නොදන්න වාස්! (බ)
මේ ආණ්ඩුව දුන්න ටෝක් වල විදියට මම හිතන් හිටියේ මූ හිරේ කියල! (බ)
ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල්ලු. ඔන්න හොඳ මඩ ප්‍රහාර ටිකක් දැක බලාගෙන ප්‍රීති වෙන්න අවස්ථාවක් එන්නයි යන්නෙ (බ)
ඔය දෙදෙනා ම ඊට වග කිව යුතුයි කියල අපට හිතෙනවා. හැබැයි ඔය දෙපලට අමතරව, කල්‍යාණ මිතුරන් කිහිපදෙනෙක් මහින්ද මහත්තයට ඉන්නවා. ඒ අයත් හරිහරියට ඊට වගකිව යුතුයි. (බ)
එකම පැත්තේ අය හැප්පෙනකොට හොඳ කථා දැනගත හැකි වෙයි (බ)
දුවන මුවන් දැක රැවටී නෙලූ පලා බිම දැමු සිංහලයින්ට සතුටුයිද දැන්? ඉස්සර හොරු, කුඩු බිස්නස් කාරයෝ, එතනෝල් කාරයෝ, බුකි කාරයෝ, බාර් කාරයෝ කියූ අය ඉන්නේ කොහිද? සුද්දවන්ත යහපාලන තුරුලේ නේද? කෝ ඔවුන්ට විරුද්දව පරීක්ෂණ? (බ)
මේකට වෙන්න ඇති යහපාලනය කියන්නේ (නි)
අනේ ....! මෙයාලා දැන් කිසිම චෝදනාවක් නැති අහිංසකයන්ද? (නි)
අපි නුගතුන්ගේ ලෝකයේ අතරමං වූ රටවැසියන් වෙමු (නි)
ගම්මන්පිල අභියෝගය භාරගන්නේනම් නෑ. අර හිරුණිකා එක්ක වාදෙට ගිහින් මතක නැද්ද ? (ම)
බලමු අභියෝගය බාරගනීද කියලා (නි)
මහින්ද රාජපක්ෂ දැන්වත් මොළේ තියන කෙනෙකුට රට පාලනය කරන්න ඉඩදීලා පැත්තකට වෙලා ඉන්න බලන්න ඕනෑ. ජයග්‍රහණ ඔක්කොම රාජපක්ෂලාට, පරාජ ඔක්කොම අනිත් අයට. ඔහොම කියන අයට කවදා මොළේ පෑදෙයිද? (නි)
මගේ මතකය නිවැරදි නම් ජනවාරි 8 වෙනිදාට පෙර විපක්ෂයෙන් මොහු සතුව ගුවන් යානාවක් පවා ඇති බව වාර්තා කළා නේද? හිටපු නායකයාගේ පස්සෙන් හෙවණැල්ල වගේ ඉඳලා පසුව වෙනස් වූ කෙනෙක් අපිට නම් විශ්වාස කරන්න බැහැ (නි)
එ් දෙන්නටම එකිනෙකාට කියාගන්න ඕනෑතරම් කරුණු නම් ඇති. (නි)
සමහරු නම් ඉතින් ඇල් වතුරත් නිවලනේ බොන්නේ (නි)
අලි බබා සහ හොරු 40 ගැන දැන් කතාවක් නැද්ද? එයාලා කොහේ ගිහිල්ලද? (නි)