තම ඡන්ද වැඩට සහාය දුන් අය අතරින් තෝරාගත්තවුන්ට රැකියා දෙතියි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට එරෙහිව සමාජවාදී තරුණ සංගමය අද (24) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
තම පාක්ෂිකයන්ට රැකියා දෙන පවසන වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජජාල මාධ්‍යවල ප්‍රසිද්ධියට පත්ව තිබූ අතර එය රැකියා අල්ලස් දීමක් යැයි ද එයට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා තම සංගමය මෙලෙස පැමිණිලි කළ බව ද කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔප්පු කිරීමට පුළුවන් වැරදි තිබේ නම්, මේ විදියේ පැමිණිලි කිරීමට පක්ෂ විපක්ෂ භේදයක් නොතිබිය යුතු බව යහපාලන රජයේ ප්රතිපත්තියයි .... (බ)
සාක්කි ඇතිවම බඩු මාට්ටු වෙලා තියෙද්දී අල්ලස් කොමිසම මේ ගැන මොනවද කරන්නේ කියල මුළු රටම බලාගෙන ඉන්නේ. ජනාධිපතිට සිද්ධ වෙයිද ආයිත් සැරයක් කට අරින්න. (බ)
අවුරුදු 14 ක් ගියාද ඕකට. හැබැයි මහින්ද එහෙම ගාවන්න එපා ඕකට මොකද ඒ දවස් වල තිබුනේ මහින්ද පාලනයක් නොවෙයි. (බ)
ලංකාවේ දේශපාලනයේ අසුචිතවරණ මෙවන් නායකයෝ කුමටද ? නීතිය ක්‍රියාත්මක වුනා හෝ නොවුනා ජනතාව මෙවන් දේශපාලුවන් පිටිපසුපත හොයන්න කියල ඉල්ලනවා (බ)
රැකියාවක් හරි දෙන එක ලොකු දෙයක්,මේ වගේ අය බොහොම අඩු පිරිසක් ඉන්නේ... (ම)
අල්ලසක් දීමක් වෙන්නේ මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙන වෙලාවක කළා නම් ඕක මහා මෝඩ පැමිණිල්ලක් (බ)
තාත්තා නම් කිව්වේ පිරිමි නම් හමුදාවට ගැහැණු නම් ඇගලුම් සේවිකා කියලා. පුතා උස නම් සිකුරුටි . මිටි නම් කම්කරු . මට කියන්න තියන්නේ මැටි නම් ඇමති (බ)
ඡන්ද වැඩට රස්සා දුන්නා නම් සජිත් විතරද? පසුගිය ආණ්ඩුව කාලේ මොනතරම් දේශපාලන මැදිහත්වීම් මත ඒ වගේ දේවල් කළාද? ඒ කාලේ මොකුත් නොකිවුවේ ඒවා හොඳ හින්දද .. (නි)
ලංකා දේශපාලනය පුරාම සිදුවුනේ මේක තමා....මේක ඔප්පු කරන්න බෑ මොකද මේ වීඩියෝ එකේ ඉන්න කාටවත් දැන් රස්සා ලැබෙන්නේ නෑ ...(බ)
නිලන්ත, ඔයාල වගේ නිවට මිනිස්සු ඉන්න කල් ඔය වගේ සත පහේ දේශපාලුවෝ පවතීවි.(බ)
වැඩේ නම් වැරදියි - හැබැයි අඩු ගානේ සජිත් කැබිනට් ඇමැති කෙනෙක්නේ ..පහුගිය කාලේ හැම ඇමැති කෙනෙක් ම රස්සා දුන්නේ නාමල් බේබිගේ කෝල් එකකට හරි ලියුමකටයි . (ම)
මගේ පන්තියෙ හැමදාම 36 වැනියා වුණ ගෑණු ළමයෙකුට(පන්තියේ හිටියෙත් 36යි) අභ්‍යසලාභී ගුරුපත්වීමකුයි, ගුරුවරුන්ටත් එපාවෙලා හිටපු පිරිමි ළමයෙකුට නිවාස සංවර්ධන අදිකාරියේ ලිපිකාර තනතුරකුයි, පාසලේ සීනුව හොරකම් කරපු, කැන්ටිම කඩපු පිරිමි ළමුන් දෙදෙනෙකුට බන්දනාගාර නියාමක තනතුරැයි ලබාදුන්නෙ සජිත් මහත්තයගේ තාත්ත තමයි. (ම)
කට හැකරකම තිබුනට මොලේ නැති වුනාම ඕව තමයි ප්‍රතිඵල. (බ)
රස්සා දීලත් දොස්, නොදුන්නත් දොස්. කාට කියන්නද? අනික රජයේ පත්වීමත් නොවෙයි. පුද්ගලික අංශයේ. (නි)
තමන් වරදක් නොකළා නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
මෙයාලා කරන්නෙම අනුන්ට දොස් කිය කියා ජනතාව රවට්ටන එකමයි. (නි)