වැලිවේරියේ නගරයේදී පිරිසිදු ජලය ඉල්ලා ගැමියන් විසින් පැවැත්වූ උද්ඝෝෂණයේදී ඇතිවූ ගැටුමෙන් වෙඩි වැදී මිය ගිය වැලිවේරිය බන්ඩාරවත්තේ ෂමිල රවිශාන් පෙරේරා සිසුවාගේ නිවසට අද උදෑසන ගිය හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ෂමිලගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
ෂමිලගේ ඥාතීන්ට ශෝකය පල කල ප්‍රේමදාස මහතා අවමගුල් වියදම් වෙනුවෙන් මුදලින් පරිත්‍යාගයක්ද කළේය.
උපකාරක පන්තියකට සහභාගී වී නිවෙස බලා එමින් සිටියදී වෙඩි පහරකට ලක්වූ ෂමිල මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණි.
සිසුවාගේ අවසන් කටයුතු අද සවස 3.30 ට වැලිවේරිය රෝමානු කතෝලික සූසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
වැලිවේරිය නගරය සහ අවට ගම්මාන වල සුදු කොඩි ඔසවා තිබූ අතර ක්‍රීඩා පිටිද සුදු කොඩි වලින් සරසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මෙතුමා දැන් කරන්නේ දේශපාලනය නෙමෙයිද? (නි)
අපේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ අපරාදයක් සිදුවුණාම මීට කලිනුත් මෙහෙම වුණා කියලා ඒ අපරාදය සාදාරනීකරණය කරන්නයි.වැරැද්ද එදා වුණත් අද වුණත් වැරැද්දමයි.එදා ජේ .වී .පි. කැරැල්ලක් හටගත් නිසාත් ඔවුන් ආරක්ශක අංශ ගාතනය කළ නිසාත් එහෙම වුණා.අද එහෙම තත්වයක් යටතේ නෙවෙයි මේ අපරාධ සිදුවෙන්නේ.දේශ පාලනය නොකළට කමක් නැහැ. වැරැද්දට, වැරැද්ද කියන්නවත් කොන්ද කෙලින් තබා ගනිමු (නි)
උද්ඝෝෂණ දවස් ගනනක් තිබුනා. ඔබ කොහි ගියාද ? ඔය සල්ලි වලින් වතුර බව්සර් කියක් අරන් දෙන්න තිබුනද? (නි)
වීර ( බබෙක් )ප්‍රශ්නයක් අහලා ,උත්තරයක් දෙන්න.ප්‍රදීප් ඉපදිලා තියෙන්නේ ඊයේ. (නි)
වීරගේ කතාවේ ඇත්තක් නැත්තෙමත් නැහැ. නමුත් ඒ කාලේ අවිගත් තව ආණ්ඩු විරෝධී පිරිසක් හිටියා (නි)
ඔබතුමාට ගොඩක් ඉවසීම තියෙනවා. මේ දුප්පත් ජනතාවත් එක්ක ඉන්න. ඔබතුමාට හැමදාම තුනුරුවන් රැකවරණය ලැබෙනවා (නි)
වීර කියන්නේත් තවත් ආවඩන්නෙක් (නි)
නිමල්,හීනයක්වත් දැකලා දොඩවනවද? (නි)
සජිත් මහත්මයා, නැවතත් ප්‍රේමදාස යුගයක් ඇතිකරන්න නම් හීනෙකින්වත් හිතන්න එපා. සෝවියට් දේශය සඟරාවක් ගෙදර තිබිලා අහුවෙලා අම්මෝ මම කාපු ගුටි. අත්වල නියපොතු එන්නේ නැහැ තවම.කරවල කටුවක් හපන්න බැහැ ඔලුව රිදෙනවා.මරණයේ බිය වේදනාව කොහොමද කියලා ඒ කාලේ මට වැටහුනා. එහෙත් මම ජේ.වී.පී. කාරයෙක් නෙවේ.ප්‍රේමදාස යුගය නම් මම මැරෙනකල් එන්න එපා. (නි)
වීර චානක යනු අංගොඩ මානසික රෝහලෙන් අපු දෙන්නෙක්. (නි)
ප්‍රදීප් කුමාර, බොරුවට බබා වෙන්නේ නැතුව ඉන්න (නි)
වීර කියන කතාව සහතික ඇත්ත.අද ඊයේ ඉපදුන අයට නම් මේවා තේරෙන්න නැහැ. දෙමවුපියන්ගෙන් අහන්න (නි)
මට එක්කෙනෙක්ව මතක් වුණා එකපාරටම (නි)
වීර වගේ මිනිස්සු දාන්න දෙයක් නැතුවට දාන්නේ හිතට ආපු හැමදේම මෝඩයෙක් වගේ මේකට දාන්නා එපා. (නි)
වීර ,මනුස්ස ඝාතන නැති කාලයක් තිබුනද ? (නි)
මේ අදහස් දාන අද ඉපදුනු බබාලා ටික,දන්නා කෙනෙක්ගෙන් අසා දැනගන්න. (නි)
අපිට නම් ඒ කාලේ තාමත් අද ඊයේ වගේ මතකයි. (නි)
පිටිගල,බය වෙන්න එපා.එහෙම දෙයක් කරන්න මොලේ ඇති මිනිස්සු ඉඩතියන්නේ නැහැ. (නි)
ලෙස්ලි මහත්තයෝ,ඔය ඉන්නේ ඉතාලියේ.මේ අදහස් දාන ඔය පිට රටවල් වල ඉන්න කට්ටියගේ ලොකු තරහක් තියෙනවා වගේ මෙහෙ මගී ජනතාවත් එක්ක. ඒ මිනිස්සුන්ගේ දුක දුකක් නෙමෙයිද? පාරවල් හරස් කරන කෙනාගේ දුක විතරද දුක.වෙඩි කාපු ඔක්කොම දැන් අහිංසකයෝ වෙලා. වීර මල්ලි හරියට හරි. (නි)
අතීතය අපිට තාමත් මතකයි. (නි)
පසුගිය යුගයන් ගැන දන්නෝ දනිති. (නි)
වීර, නියම ප්‍රකාශයක්. ප්‍රදීප් කුමාර,මෙතුමගේ තාත්තගේ කාලේ ගැන කියන්නෙ (නි)
වීර, ඔච්චරටම ගැත්තෙක් වෙන්න එපා. (නි)
,බොරු කිඹුල් කදුළු එපා.ඒ කාලේ කළ මනුෂ්‍ය ඝාතන ගැන මිනිස්සුන් හොදට දන්නවා. (අ)
ඔබේ මරණය මට නම් හරිම දුකක්.ඔබට නිවන් සුව පතමි. (නි)
කවුරු පැමිණියත් සොයුර ඔබ දැන් මළවුන් අතරය.මෙවන් අකල් මරණයක් මතු බවයක අත් නොවේවා. (නි)
ප්‍රබල විපක්ෂයක් තැනීම අකාලයේ නැතිවූ මේ ජාතික වස්තුවට කරන ලොකුම උපහාරය බව සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සාමය අගයන සියලු දෙනාටම මතක් කරමි. (නි)
කවුරු කවුරුත් මේවා වෙන්න කලින් ගියා නම් මේවා අද මෙහෙම වෙන්නේ නැහැනෙ (නි)
වීර , කාගේ කාලේ මනුස්ය ඝාතන ගැනද ඔයා කියන්නේ? (නි)
වීර, එතකොට මේ කරන මනුෂ්‍ය ඝාතන සාදාරණද ? (නි)
වීර, කොයි කාලෙත් මනුෂ්‍ය ඝාතන හොඳ නැහැ. (නි)
ඔව් ඔව් වීර. ඒ කාලේ රට තිබුනේ කේතුමතී රාජ්‍යයක් වගේ (නි)
වීර මල්ලී, උපන් දිනේ කියනවද.? (නි)
අපිට නම් අතීතයත මතකය හොදට (නි)
කව්ද මේ වීරේ කියන්නේ? එදා ඒවා නෙමෙයි, දැන් වෙන ඒවා ගැන කතා කරන්න. (නි)
ප්‍රදීප් කුමාර, ඔබ හරි ප්‍රශ්නය අහන්නේ. වීර, අතීතය එක පැත්තකට හරවන්න හදන්න එපා (නි)
අනුන්ගේ දුක් කදුළු දෙස අවස්ථානුකුලව දුක්බරව බලා උන්ගේ කරපිටින් ගොස් තමන්ගේ බඩපුරවා ගන්නා බදගෝස්තර දේශපාලනයෙන් තොරව පියා මෙන් දුප්පත් ජනතාවගේ දුක තේරුම් ගෙන ඉදිරි කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි (නි)
මනුස්ස ඝාතන අද නැද්ද? වීර අද කියන්නේ මොකක්ද? (නි)
අහිංසක කොල්ලෙක් නිකරුණේ මැරුණා. ඕවා කවදාහරි පල දෙයි (නි)
හොදට නරකට දෙකට කටමය කියලා මට දැනුයි තේරෙන්නේ (නි)
ප්‍රේමදාස මහත්තයා නම් මනම්පේරි ඝාතනය හොඳට ඉස්මතුකරලා පෙන්නුවා. සජිත් මේ ඔබේ වාරය. මියගිය දරුවාට නිවන් සුව පතමි. (නි)
තව කරන්න නොහැකි වුණ හුඟක් ඒවා තිබෙනවා. මතක් කරලා බලන්න (නි)
සොයුර ඔබ අවසන් ගමන ගියේ අදුරු මතකයක් සිහියට නගමිනි. ඔබට නිවන් සුව පතමි (නි)
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව ,රටේ මුළු ජනතාවටම මේ අවමගුලට සහභාගි වීමට තියෙනවා නම් හොදයි. සජිත් මහතා අවමගුලට පැමිණීම ඉතා හොඳ දෙයක්. අගය කරමු. (නි)
සජිත්තුමනි, ඔබතුමා අහිංසක ජනතාවට කරන සේවය අපි අගයමු. (නි)
එතුමාට පුළුවන් රටේ ඕනෑම මළ ගෙදරක යන්න. අවශ්‍ය වෙන්නේ මළ ගෙදර මිනිස්සුන්ගේ කැමැත්ත පමණි (නි)
ඔබතුමා බලයට ආවොත් මේ වගේ නම් කරන්න එපා (නි)