20160419-ent-62

සජිත් පෙරේරා කියන නම් බොහෝදෙනාට හුරු නොවුනත් සුනිල් පෙරේරා, ගයාන් පෙරේරා කියන යන නම් බොහෝදෙනාට හුරුවක් ඇති. සුනිල් පෙරේරාගේ වැඩිමල් පුතා වන සජිත්ගේ නවතම ගීතයක් පසුගියදා එළිදැක් වුණා. "දන්නෙ නැද්ද" කියන ගීතය සමග නැවතත් කරළියට පැමිණි ඔහුගේ ඉදිරි කටයුතු පිළිබඳව ඔහු අපත් සමග මෙසේ දොඩමලු වුණා.

"ඇත්තම කිව්වොත් කියන්න විශේෂ දෙයක් නැහැ. මගේ අනෙක් සිංදු ටික කරගෙන යනවා. මගේ අලුත් ගීතය ගැන කිව්වොත්, ඒක මීඩියාවල තාම ලොකුවට Play වෙලත් නැහැ. මම දැනට තාම එක් යූ ටියුබ් සහ සමාජ වෙබ් අඩවිවලට විතරයි දාලා තියෙන්නේ. තාම ඒක දුවලා තියෙන්නෙත් චැනල් එකක දෙකක පමණයි. තාම සිංදුව හරියට එක්ස්පෝස් වෙලත් නැහැ. මම මගේ සිංදුව මුලින්ම කළේ මගේ තෘප්තිය උදෙසායි. ඉතිං ඕක අරගෙන මාධ්‍ය පිටිපස්සේ ගිහිල්ලා මේක ප්ලේ කරන්න කියන්න මට කිසි උවමනාවක් නැහැ. මම ඊළඟට කරන සිංදුත් මගේ තෘප්තිය උදෙසාම කරලා දානවා. මම ඉතිං සිංදුව ගැන ලොකුවට බලන්නේ නැහැ. අනික් එක මේ සියලු ගීත කරන්නේ මගේ සංගීත කණ්ඩායම "හෙලෝ ගුඩ්බායි" හරහායි. ඉතිං ඒ නිසා මේ කරන සිංදු ටික අපේ තෘප්තිය උදෙසා අපි කරගෙන යනවා. ඉදිරියේදී තවත් සිංදුවක් එළිදක්වන්න ඉන්නවා. එය Duet ගීතයක්. ඒ ගීතය සඳහා දායක වුණේ චිත්රූ පාඨලී. ඔහු දෙරණ සුපර් ස්ටාර් තරුවක්. ඉතිං දැනට වැඩ මෙච්චරයි කියලා තමයි කියන්න වෙන්නේ."

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

20160419-ent-64
20160419-ent-63
20160419-ent-61