(අංජුල මහික වීරරත්න)
රාජපක්ෂලා හොරු හැටියට හංවඩු ගහන විපක්ෂයේ කණ්ඩායම් රාජපක්ෂලා විසින් තනතුරු වලට පත් කරපු අය ආරක්ෂා කරන්න ඡන්දය දී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
මේ තත්ත්වයන් පිළිබඳව පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ කණ්ඩායම් කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙන බව කී අබේවර්ධන මහතා ලංකාවට අනාගතයක් සකසන්න නම් සියලුදෙනා දෙබිඩි පිළිවෙත් වලින් ඉවත්වී අවංකවම රටේ ජාතික ප්‍රශ්න දෙස බැලිය යුතුව තිබෙන බව කීය.
පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂයේ හැසිරීම රටේ ජනතාව තේරුම් ගත යුතු අතර විශේෂයෙන් සජිත් සහ ඩලස් පාර්ශවය ක්‍රියා කරන අන්දම ගැන ශ්‍රී ලාංකික ජනතාව කල්පනාවෙන් බැලිය යුතු යැයි අබේවර්ධන මහතා පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වජිර කියන්නේ පිනට පාලිමන්ට් එකට ආපු කෙනෙක් .එයා කොහොමද ඩලස් ,සජිත් ට බනින්නේ
ඔබතුමන්ල දැන් දේශපාලනෙන් අයින් වෙන්න කාලෙ හරි. රට අවුරුදු ගානක් ෆේල් කරල තියෙන්නෙ
තමාගේ ඇඟේ තියන කුණු ගඳ තමාට දැනන්න නැහැ. හැබැයි අනුන්ට කියනවා ගැනයි කියල. එදා වස පාලන ආණ්ඩු සමයේ රාජපක්ෂ හොරු රංචුව ඔයා රැක්කයි කියල කොව්රුත් දන්නවා. ඒ නිසා තමයි මෙච්චර ප්‍රබල ඇමතිකම් තියද්ද්ත් ගාලු දිස්ත්‍රික්කයේ ජනතාව මෙයාව දෙපාරක් අන්ත පරාජයට පත් කලෙත්. යාන්තම් 2015 දී ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාගේ පිටේ එල්ලිලා ආවේ.
මෙයත් රාජපක්ශලගෙ පිහිටෙන් ආව කෙනෙක් නේද මෙයානෙ දෙබිඩි කාතා කියන්නෙ
රනිල්ට ප්රශස්ති ගී ගායනා කරන රනිල්ගේ හොඳම ගෝලයා..!
ඒ කාලේ මේකත් ඝෝඨගෙ තුරුල්ලට යන්න ඩීල් දාපු එකෙක්.ගාල්ලෙ ජනතාව මේකව ගෙදර යැව්වෙ ඒකයි.දැන් බයිලා ගහනව.ඊලග ජන්දෙන් මේකත් ගෙදර.
දේශපාලන සම්ප්‍රප්පලාප ප්‍රධාන මාධ්‍ය තුළ පෙන්වීම හරහා තරුණ, ළමා මනස දූෂණය වේ. මෙවැනි පුහු සම්ප්‍රප්පලාප දැමීම තරයේ හෙලා දකිමි...