(අංජුල මහික වීරරත්න)

රාජපක්ෂලා හොරු හැටියට හංවඩු ගහන විපක්ෂයේ කණ්ඩායම්  රාජපක්ෂලා විසින් තනතුරු වලට පත් කරපු අය ආරක්ෂා කරන්න  ඡන්දය දී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

 මේ තත්ත්වයන් පිළිබඳව පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ කණ්ඩායම් කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙන බව කී අබේවර්ධන මහතා   ලංකාවට අනාගතයක් සකසන්න නම්  සියලුදෙනා දෙබිඩි පිළිවෙත් වලින් ඉවත්වී අවංකවම රටේ ජාතික ප්‍රශ්න දෙස බැලිය යුතුව තිබෙන බව කීය.

පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂයේ හැසිරීම රටේ ජනතාව තේරුම් ගත යුතු අතර විශේෂයෙන් සජිත් සහ ඩලස් පාර්ශවය ක්‍රියා කරන අන්දම ගැන  ශ්‍රී ලාංකික ජනතාව කල්පනාවෙන් බැලිය යුතු යැයි අබේවර්ධන මහතා පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.