දශ ලක්ෂ පන්දහස් හයසිය පහක් වු ගිය වසරේ වැඩිම සංචාරක ඉලක්කය පසු කරමින් ශ්‍රී ලංකාවට ආ රුසියා ජාතික සංචාරක යුවළක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මහත් හරසරින් පිළිගනු ලැබුහ.
රුසියාවේ මොස්කව් අගනුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු එල් 543 දරණ ගුවන් යානයෙන් ඊයේ උදෑසන 6.25 ට ඔවුහු ආහ.
රුසියා ජාතික බෙලොවා ටාටියා සහ ඇගේ ස්වාමිපුරුෂයා වන මිකාලෙව් විටලි මහතා වෙනුවෙන් ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය විසින් මෙරට ආකර්ෂණීය ස්ථාන නැරඹීම සදහා නොමිලේ සංචාරක චාරිකා තිළිණ පැකේජයක් පිරිනැමිණි.
ඔවුන්ගේ මීළග ශ‍්‍රි ලංකා සංචාරය සදහා මෙය වලංගු වන අතර ඔවුනට දින හතක් මෙරට රැදී සිටිමින් සංචාරය කිරීමට මෙමගින් අවස්ථාව හිමි වෙයි. රුසියාවේ ජනප‍්‍රිය රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ශ‍්‍රී ලංකාවේ පිළිබදව විකාශය වූ සංචාරක වාර්තා වැඩසටහනක් නරඹා මෙම දෙපල මෙරටට පැමිණ තිබුණි.
පසුගිය වසරේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,005,605 කි. මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වීමටත් පෙර පසුගිය වසරේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ඉක්මවා යාම මෙරට සංචාරක කර්මාන්තය අත්කර ගනිමින් සිටිනා ප‍්‍රගතිය පෙන්නුම් කරණ බව ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාශය කියයි.
ඔවුන් පවසන පරිදි මේ වසර තුල සංචාරක ක්ෂේත්‍රයෙන් අපේක්ෂිත ආදායම ඇමරිකා ඩොලර් කෝටි 150 කි.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක‍්‍රියාත්මක කරන ලද ජාත්‍යන්තර සහ දේශීය ප‍්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් සංචාරක ගමනාන්තයක් ලෙස ශ‍්‍රී ලංකාව පිළිබද සුබවාදී පණිවුඩය ජාත්‍යන්තර තලයට ගෙනයාමට හැකි වී ඇති බවත් කාර්යාංශය කියයි.
ඒ අනුව චීනය,රුසියාව,ජපානය,ඉන්දියාව, දකුණු කොරියාව සහ මැද පෙරදිග රටවල් සංචාරක කර්මාන්තයේ නැඟි එන වෙළදපළ රටවල් ලෙස හඳුනාගෙන ඇති බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට සංචාරකයෝ එන එක හොඳයි. කෝකටත් ගැහැණු අය දේශපාලකයින්ගෙන් පරිස්සම් වෙලා හිටියොත් හොඳයි.(නදී)
"ඉන්දියන් සාගරයේ මුතු ඇටය" නමින් විරුදාවලිය ලැබූ අපේ මේ සුන්දර දිවයිනට පැමිණෙන සියලු සංචාරකියන් ඉතා සාදරයෙන් ආදරයෙන් පිළිගනිමු. අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා කරන කැපවීම ඉතාමත් අගය කොට සලකමි. අපේ රටේ යුද්ධය පැවතී සමයේ ලෝකයේ අනාරක්ෂිත රටවල් ගණයට අපේ නමත් ඇතුලත්ව තිබුනා. අපි ඒ අවදානම් තත්වයෙන් මිදිලා නැවතත් ලෝකයා දෙස අපේ ආකර්ෂණය දිනාගැනීම විශ්මිතයි. යුද්ධය අවසන් වී අපේ රටට පැමිණෙන සංචාරකයින් හට අපේ වගකීම නම් ඔවුන් හට ඉතාමත් ඉහල අයුරින් ආගන්තුක සත්කාරය කිරීමයි. මේ වගකීම මාර්ගොපදෙෂකයන්ට වෙළඳ මහතුන්ට කුලී රථ රියදුරන්ට අවන්හල් අයිතිකරුවන්ට පොලිස් නිලධාරීන්ට හා ලක්වැසි සැමට පැවරී තිබේ. නිහතමානී ලෙස ගනුදෙනු කිරීම තුලින් අපේ රටේ යහපත් ප්‍රතිරූපය ලෝකයාට විදහා පෑමට හැකි වනු ඇත. ඒ සඳහා පසුබිම අප සකස් කලයුතුය. නමුත් අවාසනවාකට මෙන් සමහර අවස්තාවලදී ඔවුන් අතවරයන්ට හා හිරිහැරවලට මුහුණ පෑම හා එවැනි අපරාධවලට රටේ වගකිවයුතු පුද්ගලයින් සෘජුවම සම්බන්ධවීම ඉතාමත් කනගාටු දායකය. එබැවින් වසර තිහක යුද්ධයෙන් පසුව ඉතාමත් වෙහෙස මහන්සියෙන් ගොඩනැගු ඒ විශ්වාසය බිද දැමීම නොව එය රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමයි. (නදී)
අපේ රට හරිම ලස්සනයි. හැමෝම බලන්න එන්න. ඩුබායි තිලක්ට එන්න බැහැ අනිත් හැමෝම බලන්න එන්න. එයාට මෙහෙ වෙන දියුණුව බලා ඉන්න බැරුව යන්න ඇත්තේ. ලංකාව වගේ රටක ඉන්න එයාට පින නැහැ. එයා හැම තිස්සෙම දකින්නේ ලංකාවේ නරක. දැන් යුද්ධය නැහැ. ඔය කියන තරම් නරකක් ලංකාවේ නැහැ. පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා! හේතු වාසනා වේවා! (නදී)
තිලක් ඔබ හරි! (නදී)
ඔය මහත්මයා ට කියන්න නෝනා තනියම දාලා නම් කොහේ වත් යන්න එපා කියලා. (නදී)
තිලක් ඔබ සමග මමත් එකගයි !(නදී)
මෙයාල තංගල්ලේ පැත්තට නොයවා ඉමු නේද? ඊට පස්සේ මොනාහරි උනොත් අපේ ලොකු අයට නීතියකුත් නෑනේ. අන්තිමට රටම බයිට් වෙනවා. (ස)
තිබෙන නය ගෙවා ගන්න රටවිරුවෝ විතරක් හම්බ කරලා එවන විදේශ මුදල මදි, විදේශ අය කෙරෙහි තව උනන්දු වැඩි කරගන්න බලන්න. ලෝකයට නය කාරයෝ නොවී සතුටින් ඇස් දෙක පියා ගන්න අපේ මාතෘ භූමියේ.(නදී)
තිලක්, ලංකාවේ ඉපදිලා, සිංහල නමක් ගෙන, රටට ජාතියට ගරහන්න එපා. හරියට කරුණු නොදෙන බොරුවට මුදුන වෙන්න එපා. තමන්ගේ උපන් මෝඩකම අනික් අයට ප්‍රදර්ශනය කරන්නත් එපා.ඔයාලා වගේ ආයෙ මෙරටට එන්නටත් එපා. (ස)
සංචාරක ව්‍යාපාරයට ඇයි මෙතරම් අපි උනන්දු වෙන්නේ? (නි)
පරිස්සමට ආපහු පිටත් කරලා යැව්වොත් නම් හොඳයි. ගිය සුමානෙත් රුසියන් තරුණියකට කරදරයක් උනා නේද,රටේ නමත් කන කාලකන්නි සත්තුත් ඉන්නවනේ මේ රටේ (ස)
අවරුදු 5 සිට 75 දක්වා ලස්සන කාන්තාවන් දරුවන්,අම්මල,ආච්චි අම්මල දක්වා ලංකාවේ සංචාරය කිරීමට අදහස් කරනවා නම් දෙවරක් හිතා බැලිය යුතුයි.(නදී)
දෙවියන්ගේ පිහිටෙන්,සියලු දෙවි වරුන්ගේ රැකවරණයෙන් රුසියා ජාතික බෙලොවා ටාටියා සහ ඇගේ ස්වාමිපුරුෂයා වන මිකාලෙව් විටලි මහතාට නම් කරදරයක් හිරි හැරයක් සිද්ද නොවේවායි කියා දෙවියන්ගෙන් ඉල්ලා සිටිමි.(නදී)
ලංකාවේ පොලිසියෙන් නොවේ දෙවියන්ගෙන් ආරක්ෂාව රැකවරණය ඉල්ලන්න තරම් අපි අසරණ වෙලා අපේ හාමුදුරුවනේ..(නදී)...
අපිට තව යන්න බොහෝ දුර තියෙනවා. ටිකෙන් ටික අඩියෙන් අඩිය තියල යමු. අඩුපාඩු ගොඩක් තියෙනවා. නමුත් ඒවා අපටම හදගන්න පුලුවන්. සමහර බඩ කට පුරවගන්න විතරක් බලගෙන ඉන්න සුලු පිරිසට රට ගැන කැක්කුමක් නැහැ. සමහර අයට ගණන් පිළිබඳ ගැටළුවකුත් තියෙනව වගෙයි. ගිය වසරෙ පැමිණි අයගෙ ගනණ(1,005,605) මේ වසරෙ පහු කරපු පලවෙනි ජෝඩුව මේ. තායිලන්තයෙ සහ මාලදිවයිනෙ ගැටළු සහගත තත්වය අපේ වාසියට හරවගන්න හොඳ අවස්තාවක් තියෙනවා. (ස)
ප්රවර්ධන වැඩසටහන නම් මදි ශ්‍රී ලංකාවේ, මට මේ ලඟදී හමු උනා ලංකාවට ගිය ජෝර්දාන ජෝඩුවක්. ඇත්තටම ලංකාවට පය ගහනකන්ම දැනන් හිටලා නෑලු ලංකාව කියන්නේ මේ තරම් සුන්දර රටක් කියලා. ලංකාවට යන්න වීසා ඉල්ලන කොටත් ඒ ආයතනවලින් අහල තියෙනවා මොකටද ලංකාවට යන්නේ.මොනාද එහෙ තියෙන්නේ කියලත්, අවසානයේදී ඒ මිනිස්සු හේතුවට දාල තියෙන්නේ වැඩකාරයෙක් බලන්න යන්නේ කියලා. මේ කතාව අදාල බලධාරීන්ගේ අවධානයට යොමු වේවා. (ස)
ගොඩක් ස්තුති ගාෆූර් ඔබේ කතාවට. (ස)
ෆස්රුල් ගෆූර් දිනේවා..(නදී)
මේ වගේ දෙයක් ගැන අහන්න ලැබීමත් ලොකු සතුටක්. ඒත් මේ වගේ දේවල් බලලා සතුටු වෙන්න බැරි මනුස්සයෙක් තමයි ඉහලින් කමෙන්ට් කරලා තිලක්. ඒ මනුස්සයට සිංහල නමක් තිබුනට ඒ මිනිහා අපේ රටේ කෙනෙක් නෙමෙයි කියලා පැහැදිලිව කියන්න පුළුවන්.(නදී)
මේ වගේ සංවර්ධනයේ ඵල ලබා ගන්න අකමැති තිලක් -ඩුබායි ලා වගේ අය ඉන්නකොට රටක් කොහොම දියිණු වෙන්නද ? (නදී)
තිලක්, ඔබ තුමාට තියෙන්නේ රට ගැන ප්‍රස්නයක් නෙමෙයි. ඔබ තුමා දේශපාලන සරණාගතයෙක්. තමන්ගේ සරණාගත කම ලංකාදීපේ වගේ ප්‍රසිද්ද මාධ්‍යක ප්‍රදර්ශනය කරන්න එපා. (නදී)
පසුගිය වසරට වඩා සංචාරකයින් වැඩිවීම සාමාන්‍ය දෙයක්. වසරින් වසර රටේ ජනගහනයත් වැඩිවෙනවා. ලබන වසරේ තවත් වැඩිවෙනවා. ඒ වගේම ධනවත් සහ දිළිඳු අයගේ පරතරය අසීමිත ලෙස වැඩිවෙනවා.(නදී)
තිලක් මහත්තයෝ ඔයාගේ නෝනා ඉන්නේ ලංකාවේද නැත්නම් ඩුබායි වලද ,ඩුබායිනම් ඉන්නේ අපිට ඔබතුමාගේ කතාව ගැන ගොඩක් හිතන්න වෙනවා(නදී)
මේ වගේ දේවල් වෙන එක නම් කොච්චර දෙයක්ද? කි දෙනෙක්ට මේ සංචාරකයන් ලංකාවට පැමිණෙන නිසා වාසි ලැබෙනවද?මේ දේවල් අපේ රටට ලබලා දෙන්න මහන්සි වෙන හැම කෙනෙක්වම අගය කල යුතුයි.. ඒත් මේ දේවල් වලට ඊර්සියා කරන පිරිසකුත් ඉන්නවා....ඒත් මේ දේවල් දිහා හැමෝම හොඳ විදියකට බලනවා නම් ගොඩක් හොඳයි... (ස)
අපේ මව්බිමේ ඉපදිලා මවුබිමටම ගරහන එක වැරදියි නේද ?එක හරියට කාපු බත් පතට ගරහනවා වගේ වැඩක් නේද? (නදී)
අපෙන් සුබ පැතුම් සර් .....ඔබතුමා වැඩකට අත ගැහැව්වොත් ඒක හරිම තමා.(නදී)
තිලක්, නුඹට මේ දේවල් බලාගෙන ඉන්න බැරි නම් නුඹ අහක බලාගෙන හිටපන්...උබ ඔච්චරම රුසියාවේ මැරුණු කෙල්ල ගැන කියවන්නේ එයා නුඹේ කවුරු හරි හින්දද?? (ස)
ඩුබායි තිලක්,ඔයා පිට රටක ඉදගෙන පිටරට ශ්‍රමිකයන්ට අපහාස කරනවා විතරක් නෙමෙයි මව් රටටත් අපහාස කරනවා....(නදී)
තිලක් හරියටම හරි. රටට ආදරය කරනවා කියන්නේ රටේ වෙන තුප්පහි වැඩ නොදැක්ක වගේ කට පියාගෙන ඉන්නවා කියන එක නෙවෙයි. රටට ආදරේ නිසා තමයි මේවා කියන්නේ. පිටරට ගියාම අර අමතා වෙනවා නම් මේවා නොදැක්ක වගේ ඉන්න පුළුවන්. මේ දියුණු රටවල් වල වගේ නීතියේ සාධාරණ බව හැමෝටම තියෙන්න ඕනේ කියල විශ්වාස කරන නිසා තමයි මේවා ලියන්නේ. රටට සංචාරකයෝ ගෙන්න ගන්න ඕනේ නම් ඔය වටේ ඉන්න කුක්කන්ගෙන් ඒ අය ආරක්ෂා කරන්න ඕනේ. (ස)
මේ දෙන්නව පිළිගන්න අර තංගල්ලේ අහවලා යැව්වේ නැත්තේ ඇයි. (ස)
තිලක්, මට නම් පෙනෙන්නෙ ඔයා ලොකු අසහනයකින් වගේ ඉන්නේ. එහෙමත් නැත්නම් ඔයාට වැඩක් නැතුව ඇති. මට හිතාගන්න බැරි මෙහෙම පැන පැන අදහස් දාන්න වෙලාව කොහෙන්ද හොයා ගත්තේ කියලා. (නි)
සංදීප, රට නම් ලස්සන තමයි. ඒත් වැඩ තමයි ගඳ.(නදී)
අපේ රට ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. (ස)
මේ අපේ රජය නිසා තමා මෙච්චර සංචාරකයෝ ප්‍රමාණයක් මේ රටට එන්නේ.මේ වැඩපිළිවෙල වල් අගය කල යුතුයි. (ස)
බලාගේනෛ ඔය රුසියන් කෙල්ල. මෙහෙ ඉන්න නරුමයන් ගෙන් දුෂනයයට ලක් නොවී ප්‍රවෙසම් වෙන්න.(නදී)
අනවශ්‍ය විදියට ආගන්තුක සත්කාර කිරීම පිට ජාතිකයින්ට කරදරයක්. (නදී)
සංවර්ධනයේ මල් පල !!!! ජය වේවා !!! (ස)
යුද්ධය තිබුණු කාලේ වගේම දැනුත් මෙරට ඉතාමත් භයානකයි. (නදී)
තිලක්, මෙච්චර කල් කාපු බීපු බත් පතට ගරහන එක වැරදි නේද ? (ස)
සංචාරක ව්‍යාපාරයේ දියුණුවට අපෙන් සුබ පැතුම්. රට ගොඩ නැගීමට සියලු ශක්තිය ධෛර්ය ජනාදිපතිතුමාට ලැබේවා (නදී)
සංචාරක කර්මාන්තයේ දියුණුව ගැන කවුරුත් කතා නොකරන්නේ ඇයි.(නදී)
අපේ රට දියුණු වෙන එක බලන් ඉන්න බැරි මොකාටද ඒ පාර. (ස)
පසුගිය වසරේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,005,605 ක් නම් ඉතින් කොහොමද රුපියල් කෝටි 2,174.975 ක පාඩුවක් ලබන්නේ?දන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියලා දෙන්නකෝ...! (නි)
ලංකාවේ සමහර මිනිස්සු නරක උනාට රට ලස්සන එක බොරුවක් නොවේ. නමුත් මිනිස්සු රට ටික ටික අවලස්සන කරනවා. සංචාරකයෝ එන්නේ රට බලන්න. හැම රටකම සංචාරකයන්ට කරදර තියෙන්න පුළුවන්. දේශපාලකයෝ ගොඩක් හොඳ අය වෙච්ච කාලෙක රට මීට වඩා ලස්සන වෙන්න පුළුවන් (නදී)
දස ලක්ෂයකින් හොයා ගත් දෙන්නෙක්.(නදී)
1005605 අමුතුම ගණනක් . අහම්බයෙන් තෝරා ගත් නොම්මරයක්ද ? නැතිනම් දන්නා කෙනෙකු මාර්ගයෙන් මෙම යුවල පැමිණි නිසා කරාද ? (නදී)
අදමිටු දේශපාලුවන්ගෙන් සහ ඔවුන්ගේ පාපිස්ඨයන්ගෙන් බේරිලා ඉක්මනට රටින් පිට වෙන්න. මොකද හැම දෙයම ඔවුන්ගේ වාසියට සකස් වී තිබේ. මීට පෙර සිද්ද උන දේවල් ගැන රජයේ කිසිවෙක් හෝ බැලුවේ නැත.(නදී)
තිලක්-ඩුබායිට නම් ගොඩක් රිදිලා වගේ. අනේ ඔයා ඩුබායි වලටම වෙලා ඉන්න. (ස)
"ශ්රී ලංකාවට ආ රුසියා ජාතික සංචාරක යුවළක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මහත් හරසරින් පිළිගනු ලැබුහ". භාර්‍යාව ලස්සනයි නේද? කොහොම වුනත් පරිස්සමින් ලංකාවේ ගත කරලා පරිස්සමින් යන්න. කියන්න තියෙන්නේ එච්චරයි.(නදී)
අර මරල දාපු බ්‍රිතාන්‍ය ජාතිකයා සහ දුෂණය රුසියානු තරුණියට මොනවද වුනේ? (නදී)
සංචාරකයෝ අතරින් අඩුම මුදලක් වියදම් කරන ජාතිය තමයි රොමේනියා, බල්ගේරියා සංචාරකයෝ. ඇයි බැරි අපිට එංගලන්ත, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් සංචාරකයෝ ගෙන්නා ගන්න බැරි.(නදී)
අපි මෙහේ බයෙන් ඉන්නවා අපි උපන්න රටට යන්න .කොයි වෙලාවේ කොතැනක ,කාගෙන් කන්න වෙයිද කියලා දන්නේ දෙවියෝ විතරයි. මේ මිනිස්සු මොනවට එනවද මන්දා මැරුම් කන්න.(නදී)
ලංකාවට එන සංචාරකයන්ට කියල නැද්ද මැරුනොත් සොරි කොම් තමයි. නඩුත් බඩුත් දෙකම අපේ දෙවියන්ගේ අතේ කියලා.(නදී)
මම නම් හතුරෙකුටවත් ලංකාවට සංචාරය කරන්න කියල උපදෙස් දෙන්නේ නැහැ. (නදී)
මොනවටද ආවේ? (නදී)
නෝනා පරිස්සම් කර ගෙන ඉක්මනට බුදුසරනින් යන්න ලැබේවා. හොදේ. (නදී)
මේ යුවලට පලාත් සභා දේසපාලුවන්ගෙන් හානියක් නොවේවා...! (නදී)
හැබැයි, දකුණේ විතරක් යන්න එපා, දකුණේ උන්ට රුසියානු කෙල්ලෝ පේන්න බැහැ (නදී)
සතුටුයි.(නදී)
තිලක් ඔයාලගේ පවුලේ ඔක්කොම ඉන්නේ පිට රටවලද .නැතිනම් අර ඩයස් පොරාවටවත් සම්බන්දද .(නදී)
රුසියන් සංචාරකයන් (ගැහැණු අය) ආවම එයාල පලා බබලාගෙන් ආරක්ෂා කරගන්න විශේෂ වැඩ පිළිවෙලක් යොදන්න වේවි, (නදී)
ඇත්තටම අපේ රට හරිම සුන්දරයි කියල තේරෙයි අවොතින් ඕනෑම කෙනෙකුට. අපේම රටේ මිනිස්සුන්ට අපේ රටේ තියන සුන්දරත්වය පේන්නේ නැහැනේ කරුමෙට. හතුරෙකුටවත් එන්න එපා කියන්නේ තියන කුහක කමට තමා.(නදී)
තිලක් ඩුබායි මොනවා හරි අපරාධයක් කරලා පැනලා ගිහින් ඉන්න කෙනෙක් වගෙයි පෙනෙන්නේ. ඩුබායි වලම ඉන්න. මෙහෙ අපි නම් හොඳින් ඉන්නවා. උඹලා වගේ අපරාධකාරයෝ අවාම තමයි රට විනාස වෙන්නේ. (නදී)
මෙතුමාගේ පරිකල්පන බුද්ධිය අප සැම අගය කල යුතුයි. (ස)
සංචාරක මණ්ඩලය විසින් කරන ප්‍රවර්ධන වැඩසටන් වල ප්‍රතිපල දැන් දැන් ලැබෙන හොඳින් පෙනී යනවා..(නදී)
මට හරිම දුකයි. තමන්ගේ රට ගැන ජරා විදියට කතා කරන මේ මිනිස්සු ගැන. රටින් පිටව ගිහිල්ලා කීයක් හරි සාක්කුවට වැටුනම ඔබලට ආගිය මුලගිය තැන් මතක නැහැ නේද (නදී)
ඩුබායි තිලක් කවදද ලංකාවට එන්නේ. මල් මාලයක් දාලා පිලිගන්නම් තව දෙකුකත් දීලා.(නදී)
ආසියාවේ ආශ්චර්ය සඳහා යන ගමනට සංචාරක ක්ෂේත්‍රයෙන් වැඩි දායකත්වයක් ලැබේවායි ප්‍රාර්ථනා කරමු....! (ස)
සංචාරකයින් පැමිණීම වැඩිවෙන නිසා ඉඩමදිකමටද මන්දා ලංකාවේ අය රට රැකියා වලට වැඩිපුර යන්නෙ? (නි)
අපේ රටට මෙහෙම සංචාරකයෝ ගෙන්න ගන්න එකෙන් අපිට කොයි තරම් අදායමක් ලැබෙනවද ?මේ වගේ වැඩ පිළිවෙලවල් අපි අගය කරන්න ඕනේ. (ස)
අඹ ගෙඩියක හැඩය ගත්ත පුදුම රටක් ඕයි මේක.(නදී)
අපි සතුටු වෙන්න ඕනේ අපේ රටේ සංචාරක කර්මාන්තය ගැන. හොඳම උදාහරණය http://www.lonelyplanet.com/themes/best-in-travel/top-10-countries/ වෙබ් අඩවියෙන් බලාගන්න පුලුවන්. ඒත් සංචාරකයන්ට හීරිහැර කරන දේශපාලකයන්ට මීට වඩා නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි ශ්‍රි ලංකාවට එන්න ආසයි. ඒත් ආරක්ෂාව ගැන බයයි කියලා නිකන් අහගන්න ඕනෙ නෑ නේ. (ස)
අපි නොදන්නා කට්ටියනේ ? (නදී)
තිලක් ගණන් ගන්න එපා. ළිං මැඩියෝ කෑ ගැහුවට. ඔය මිනිස්සු ලෝකේ ගැන දන්නේ නැහැ. අනික කරපු පව් වලට පින් දෙන්නත් බැහැ. (නදී)
සජීව, ඔබ හරි. (නදී)
කුරාන් ජාතිකයාගේ මරණය සහ පෙම්වතිය දුෂනය කළ එකට පිට රටවල් වලින් මේ තරම් පීඩනයක් එල්ල කරලත් තවම සාදාරණයක්, යුක්තියක් මැරුන කෙනාට එකතු වුනාද?කෙනෙක්ව බේර ගන්න ගිහින් මුළු ලංකාවම නින්දා අපහාස විදින්නේ ඇයි? (නදී)
හරියට හරි ගාමිණී ,තිලක්ට දෙන්න ඕන දත් නැතිව බත් කන්න ,ඒ තරමට ලංකාවට ආදරෙයි.(නදී)
සජීව, ඔබට පිළිතුරු මම දෙනවා. ඒත් පල වෙන්නේ නැහැ. (නදී)
තිලක් වගේ මෝඩ අය ලංකාවට නොඑන එක හොඳයි.(නදී)
දොඩන්ගොඩ, 1005605 අමුතුම ගණනක්. ඔය තරම් විදේශිකයෝ පැමිණියා නම් මොකටද කරවල,පරිප්පු,පාන්,හාල්,......වලට බදු ගැහිල්ල 100% කිනම වැඩි කලේ. විශ්ව විද්‍යාල වල ඉඩගනුම ලබන දරුවන්ගේ මහපොළ ශිෂ්‍යත්ව මුදල් 5000 සට 850 දක්වා අඩු කලේ.? (නදී)
තිලක් කතා කරන්නේ රට ගැන ජරා විදියට නෙමෙයි. රටේ වෙන ජරා දේවල් ගැන. සිසිරලගේ, ගාමිනිලගේ හිත රිදන්නේ ඇත්තටම රට ගැන තියන කැක්කුමට නෙමෙයි තමන්ගේ දේශපාලනය කැක්කුමට.(නදී)
තිලක්ලා වගේ මිනිස්සු ඔහේම ඉදපල්ලා. ආයේ මෙහේ එන්න එපා හරිද?(නදී)
තිලක් ඔයා නම් කැත මිනිහෙක්.(නදී)
මේක හරිම් ලස්සන රටක්. එන්න බලන්න මෙහි අසිරිය විද ගන්න(නදී)
සංචාරක ප්‍රවර්ධන වැඩ නිසා තමයි නියම.(නදී)
අපි ආඩම්බර වෙන්න ඔනි නේද? මෙහෙම ගානක් අපේ රට බලන්න ආව කියල දැන ගනිද්දී. ඒ කියන්නේ ක්‍රිකට් වලින් විතරක් නෙමෙයි සංචාරක පාරාදිසයක් කියලා ලෝකෙ අය දන්නවා.(නදී)